උප්පැන්න ලියාපදිංචිය
උප්පැන්න ලියාපදිංචිය
Registration of Births Occurred at Home
- උපත සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න.
- ග්‍රාම නිලධාරී විසින් උපත පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.
- උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි.
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබා දෙන්න. ප්‍රකාශය රෙජිස්ට්රාර්වරයාගෙන් ලබා ගත හැක.
- දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
- පියා
- මව
- උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
- භාරකරුවන්
- උපත සිදු වී මාස 03ක් ඇතුලතදී උපත නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක. උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතිකයක් නිකුත් කරනු ලැබේ.
Registration of Births Occurred in a Rural Hospital
- උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. උපත සිදු වූයේ ග්‍රාමීය රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
- උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්, දරුවා භාරව සිටින පුද්ගලයන්
- රෝහලේ වෛද්‍ය නිලධාරී
- උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.
- ඉදිරිපත් කළයුතු ලියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
- උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
- මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
- වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවන්න.
Registration of Births Occurred in a General Hospital
- උපත ලියාපදිංචි කර ගැනීම සඳහා උපත සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාට දැනම් දෙන්න.
- උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
- දරුවා භාරව සිටින පුද්ගලයන්
- රෝහලේ වෛද්‍ය නිලධාරී
- උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, වෛද්‍ය රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.
- ඉදිරිපත් කළයුතු ලියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
- උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
- මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.
Registration of Births Occurred in a Private Hospital
- උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරයා විසිනි. උපත සිදු වූයේ පෞද්ගලික රෝහලක නම්, එම ප්‍රදේශයේ සිටින රෙජිස්ට්රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
- උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
- දරුවා භාරව සිටින පුද්ගලයන්
- රෝහලේ වෛද්‍ය නිලධාරී
- උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට්රාර්වරයාගෙන් ලබාගන්න.
- ඉදිරිපත් කළයුතු ලියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය
- උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
- මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
- දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
- වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හමුවන්න.
Registration of Births Occurred in a Registered Estate
- උපත සිදුවී දින 07ක් ඇතුලත වතු අධිකාරිවරයා වෙත දැනුම් දෙන්න.
- දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
- පියා
- මව
- උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයන්
- වතු අධිකාරිවරයා විසින් අයදුම්පත සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි හරහා යොමු කෙරේ.
- දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් උපත ලියාපදිංචි කර උප්පැන්න සහතිකය අදාළ වතු අධිකාරිවරයා වෙත යොමු කෙරේ.
- අයදුම්කරුට වතු අධිකාරිවරයාගේ කාර්යාලයෙන් උප්පැන්න සහතිකය නොමිලයේ ලබා ගත හැකිය.
Registration of Births Occurred at a Foreign Country
- ශ්‍රී ලාංකික මව්පියන්ට දාව විදේශයන්හි උපත ලබන දරුවන්ගේ උපත් ලියාපදිංචි කරගත හැක.
- උපත ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති / ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙනි.
- උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- භාරකරු
- උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා තානාපති / ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකිය.
- ඉදිරිපත් කළ යුතු ලියවිලි,
- නිවැරදිව නම් කරන ලද ප්‍රකාශය
- උපත තහවුරු කිරීමට අදාල ලියවිලි
- මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
- දැනුම්දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.
- විදේශයකදී උපත ලද, උපත ලියාපදිංචි නොවූ දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින පුද්ගලයන්ගේ උපත් ලියාපදිංචි කරවා ගත හැක.
ඒ සඳහා අවශ්‍ය තොරතුරු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරයේ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගෙන් ලබා ගන්න. දුරකථන අංකය : +94 112 329 773 හෝ +94 112 433 075
ලියාපදිංචි නොකළ උපතක් ලියාපදිංචි කිරීම
Registration of a Past Birth
- උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් ලියාපදිංචි කරවා ගැනීමට පුලුවන.
- ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
- ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය,
- උනන්දුවක් දක්වන ඕනෑම අයකු
- මව්පියන්ගෙන් කෙනෙකු
- ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
- උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍ර සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
- මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය
- විෂයගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
- රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
- ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත
- වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
- පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
- උපත සිදුවී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
- මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය,
- උපත ලියාපදිංචිවී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
- පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුළත් පහත සඳහන් ලියවිලිවලින් එකක්,
- රෝහල් වාර්තාව හෝ සහතික පිටපත
- ග්‍රාම නිලධාරී වාර්තාව හෝ සහතික පිටපත
- වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
- වින්නඹු මාතාවගේ උපත් ලේඛණයේ පිටපත
- ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,
- සෞඛ්‍ය වර්ධන සටහන
- බෞතීස්ම සහතිකය,
- පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
- වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව
- උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
- මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්
Issue of Probable Age Certificates
- උපත ලියාපදිංචි කළ නොහැකි වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා අනුමාන වයස් සහතික නිකුත් කරනු ලැබේ.
- අනුමාන වයස් සහතික නිකුත් කරනු ලබන්නේ,
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන්
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන වෙනත් පුද්ගලයන් භාරයේ වෙසෙන ළමුන්
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ළමා නිවාස පාලක/පාලිකාවගේ දිවුරුම් ප්‍රකාශය
- රජයේ වෛද්‍ය නිළධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
- ළමයා සම්බන්ධ විස්තර ඇතුළත් වෙනත් ලියවිලි (තිබේනම් පමණි.)
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
- භාරකරුගේ/භාරකාරියගේ දිවුරුම් ප්‍රකාශය
- ළමයා භාරකරුවන් භාරයේ සිටින බව තහවුරු කරන,
- ග්‍රාම නිළධාරිගේ සහතිකයක් හෝ
- පරිවාස හා ළමාරක්ෂක නිළධාරිගේ සහතිකයක් හෝ
- සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් හෝ
- පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්
- රජයේ වෛද්‍ය නිලධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
- සෞඛ්‍ය වර්ධන සටහන් පත්‍රය
- ළමයා පාසැල් යන්නේ නම්, පාසලට ඇතුලත් කර ගැනීමේ ලේඛණයේ පිටපතක්
- තවදුරටත් විස්තර අවශ්‍ය වේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හමුවන්න.
Alteration of Information in a Birth Register
- උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක
- 01 තීරයෙහි විස්තර (උපන් දිනය සහ උපන් ස්ථානය)
- 03 තීරයෙහි විස්තර (ස්ත්‍රී/පුරුෂ භාවය)
- 05 තීරයෙහි විස්තර (මවගේ තොරතුරු සියල්ල) (උපත ලියාපදිංචි කිරීමෙන් පසු මවගේ නම වෙනස් කර ඇති විට, නම සංශෝධනය මෙම ප්‍රතිපාදන යටතේ කළ නොහැක.)
- 09 තීරයෙහි විස්තර (දැනුම් දෙන්නාගේ තොරතුරු) නිවැරදි කිරීම කළ හැකිය.
- ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
- ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
- උප්පැන්නය හිමි තැනැත්තා
- පියා හෝ මව
- නීත්‍යානූකුල භාරකරු
- උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු
- ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
- ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කරන්න.
- ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් පහත දැක්වේ.
- මව්පියන්ගේ විවාහ සහතිකය
- දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
- පියාගේ/ මවගේ උප්පැන්න සහතිකය
- මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්නයක්
- විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය
- ආරෝග්‍යශාලා, මාතෘ නිවාසවල ඇති සටහන්වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
- ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය
- විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
- පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකය
Registration of Adopted Children
- දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 14ට වැඩි නොවිය යුතුය.
- ඉල්ලුම්කරු විසින් සපුරාලිය යුතු අවශ්‍යතා,
- ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 25ට වැඩි විය යුතූය.
- දරුවා හදා ගැනීමට ඉල්ලුම්කරන්නා සහ අදාළ දරුවා අතර වයස පරතරය අවම වශයෙන් අවුරුදු 21ක් වත් විය යුතූය.
- අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් පැවත එන්නකු නම්, ඉල්ලුම්කරුගේ සහෝදරයකුගේ/ සහෝදරියකගේ හෝ ඔවුන්ගෙන් පැවත එන දරුවකු නම් හෝ ඒ අයගේ විවාහක පාර්ශවකරුගේ දරුවකු නම් ඉහත තත්ත්වය අදාළ නොවේ.
- දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 10ට වැඩි නම් දරුවාගේ කැමැත්ත අවශ්‍ය වේ.
- විවාහක පාර්ශව විසින් (ස්වාමියා සහ භාර්යාව) ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතූය.
- දරුකමට හදා ගැනීමේ ආඥාවක් නිකුත් කරනු ලබන්නේ දිසා අධිකරණය විසිනි.
- එම ආඥාව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.
- දරුකමට හදාගන්නා ළමයාගේ උපත නැවත ලියාපදිංචි කරවා ගත හැකිය.
- උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
- උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
- මව්පියන්ගේ විවාහ සහතිකය
- මවගේ සහ පියාගේ උප්පැන්න සහතික
- දරුකමට ගැනීම පිළිබඳ සහතිකය
- උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය දරුවා උපන් ස්ථානය අයත්වන ප්‍රදේශයට අදාළ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න
පරිවර්නතය කළ පිටපත් සහ සහතික කරන ලද පිටපත් ලබා ගැනීම
Obtain a Certified Copy of the Certificate of Birth
- උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ උපත සිදුවූ ප්‍රදේශය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
- අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
- අයකරනු ලබන ගාස්තු,
- උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00
- උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00
- අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවන්න.
- සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
- උප්පැන්න සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.
- උපත ලියාපදිංචි වී තිබේ නම්, උප්පැන්න සහතිකයක් යවනු ලබන අතර උපත ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ.
Translate Certificate of Birth
- මෙම සේවාව ලබාගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පහත දක්වා ඇත.
- ලබාගත හැකි පරිවර්තන
- සිංහල - ඉංග්‍රීසි
- ඉංග්‍රීසි - සිංහල
- දෙමළ - ඉංග්‍රීසි
- ඉංග්‍රීසි - දෙමළ
- අයදුම්පත්‍ර භාරගන්නා වේලාව : පෙ.ව. 9.00 - ප.ව. 3.00
- ඉල්ලුම් පත්‍රය පරිවර්තකයින් සේවය කරන කාර්යාලවලින් ලබාගත හැකිය.
- ඉදිරිපත් කළයුතු ලියවිලි,
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
- පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
- තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
- පරිවර්තන ගාස්තු
- එක් පරිවර්තන පිටපතක් සඳහා රු. 500.00 කි.
- ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.
- ගතවන කාලය : කාර්යාල දින 03කි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීම(පු.ලි.දෙ.)
ලියාපදිංචි විම සඳහා යටත් වන පුද්ගලයන්
පහත 1 සිට 6 දක්වා වගන්ති වලින් විස්තර කරනු ලබන තැනැත්තන් ලියාපදිංචි වීම සඳහා යටත් නොවන අතර ඒ සඳහා හිමිකම් නොලබයි.
- 1948 අංක 20 දරන ආගාමික හෝ විගාමික පනත යටතේ තමාට ප්රදානය කරනු ලැබූ වලංගු වීසා බලපත්‍රයක් හෝ පිටසන් කිරීමක් දරන තැනැත්තකු
- ආගාමික හෝ විගාමික පනතේ 2(1) වගන්තිය යටතේ කරන ලද නියමයක් / නියමයන් ප්‍රකාර එම පනතේ III කොටස ක්‍රියාත්මක වීමෙන් නිදහස් කරනු ලැබූ තැනැත්තකු
- 1967 අංක14 දරණ ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාවට නැගීමේ පනත යටතේ නිකුත් කළ වලංගු පදිංචි වීමේ අවසර පත්‍රයක් දරන තැනැත්තකු
- ආගාමික හෝ විගාමික පනතේ 10 වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරමින් 1971.04.05 දිනට පෙර හෝ එදින හෝ ඉන් පසු ශ්‍රී ලංකාවට ඇතුළු වී සිටින හෝ ඇතුළු වන තැනැත්තකු
- ආගාමික හෝ විගාමික පනතේ 15 වගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරමින් 1971.04.05 දින හෝ ඉන් පසු ශ්‍රී ලංකාවෙහි නැවතී සිටින තැනැත්තකු
- 1967 අංක 14 දරණ ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාවට නැගීමේ පනතේ 15 වගන්තිය යටතේ ලංකාවෙන් ඉන්දියාවට ගෙන යනු ලැබීමට යටත් තැනැත්තකු
එවැනි තැනැත්තකු නොවන 1971.04.05 දින හෝ ඉන් පසු ශ්‍රී ලංකාවෙහි සිටින හෝ ශ්‍රී ලංකාවට ඇතුළු වන සහ වයස අවුරුදු 15 සම්පූර්ණ කළ හෝ කරන සෑම තැනැත්තකුම ලියාපදිංචි කිරීමට යටත් වේ.
ලියාපදිංචි විම සඳහා ඉල්ලුම් කළ යුතු උවිත කාලය සහ හිමිකම් සහිත වයස
- 1971.04.05 දින හෝ ඊට පසුව ලංකාවට ඇතුළු වන්නා වූ ද පනත යටතේ ලියාපදිංචි වීමට යටත් වන්නාවූ ද තැනැත්තකු විසින් ඔහු දිවයිනට ඇතුළු වූ දින සිට මාස හයක් ඇතුළත
- පනතේ 2 (2) වැනි වගන්තිය අනුව ලියාපදිංචි වීමට යටත් නොවන්නා වූද, අනතුරුව එසේ ලියාපදිංචි වීමට යටත් වන්නා වූද, තැනැත්තකු විසින් එසේ ලියාපදිංචි වීමට යටත්වන්නා වූ දින සිට මාස හයක් ඇතුළත
- 1981 පෙබරවාරි 27 දිනට පසු වයස අවුරුදු පහළව සම්පූර්ණ වන්නා වූද, පනත යටතේ ලියාපදිංචි වීමට යටත්වන්නා වූද, සෑම තැනැත්තකු විසින්ම තමාට වයස අවුරුදු පහළව සම්පූර්ණ වූ දින සිට එක් අවුරුද්දක් ඇතුළත.
ලියාපදිංචි වී මුල් වරට හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපිලේඛන
පු.ලි.දෙ/වි/ 1,7,8 ආකෘති පත්‍රය සමග ග්‍රාම නිළධාරි සහ/හෝ ප්‍රාදේශීය ලේකම් හෝ බලය පැවරූ නිළධාරියකු සහතික කරන ලද පහත සඳහන් ලේඛන වල ඡායා පිටපත්(ඉදිරිපත් කරන ලද පිටපත් වලින් ඉල්ලුම්කරුගේ නම සහ උපන් දිනය සනාථ විය යුතුය)
- උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛනයෙන් උපුටාගත් සටහනක්
හෝ
- අනුමාන වයස් සහතිකය සමඟ උපන් දිනය සනාථ කළ හැකි ලේඛනයක් ( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය / තහවුරු තරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ දිවුරුම් ප්‍රකාශයේ මුල් පිටපත )
- පුරවැසි සහතිකය
වයස අවුරුදු40ට වැඩි උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති ඉල්ලුම්කරුවන් තම නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පහත සඳහන් ලේඛන
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත්කරනු ලබන ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන
- නම සහ උපන් දිනය සනාථ කරගැනීම සඳහා පිළිගතහැකි ලිඛිත සාක්ෂියක් ( දරුවෙකුගේ උප්පැන්නයක් / පාසල් හැරයාමේ සහතිකය / වතු හැරයාමේ සහතිකය / තහවුරු කරන ලද කේන්දරයක පිටපතක් / විවාහ සහතිකය / පුරවැසි සහතිකය/ වැඩිහිටි හැඳුනුම්පත )
- නම, උපන් දිනය හා උපන් ස්ථානය තහවුරු කිරීමට විධිමත් දිවුරුම් ප්‍රකාශයේ මුල් පිටපත
වෘත්තිය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛන
- රාජ්‍ය අංශය - මාස 06ක් ඇතුළත දී ලබා ගත් සේවය සනාථ කිරීමේ ලිපියේ මුල් පිටපත
- පෞද්ගලික අංශය - මාස 06ක් ඇතුළත දී ලබා ගත් සේවය සනාථ කිරීමේ ලිපියේ මුල් පිටපත
- වෛද්‍ය, ඉංජිනේරු, නීතීඥ, වරලත් ගණකාධිකාරී සහ ගෘහ නිර්මාණ ශිල්පී තනතුරු ඇතුළත් කිරීම සඳහා උපාධි සහතිය මෙන්ම වෘත්තීය සහතික
- විශ්‍රාමික තනතුර ඇතුළත් කිරීම සඳහා විශ්‍රාමික ලිපිය / විශ්‍රාමික කාඩ්පත
- ව්‍යාපාරිකයකු නම් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය
හැඳුනුම්පත නිකුත් කිරීමේදී අවශ්‍ය අනෙකුත් ලේඛන
- බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- අනෙකුත් ආගමික පූජකවරුන් අදාළ දෙපාර්තමේන්තු මගින් පූජ්‍යත්වය තහවුරු කර ලබා ගත් සහතික
- පැවිදි භාවය/ පූජ්‍යත්වය අතහැර ඇත්නම් ඒ බව තහවුරු කර අදාළ දෙපාර්තමේන්තු මගින් ලබා ගත් සහතික
- ස්වාමිපුරුෂයාගේ නම ලබා ගැනීම සඳහා - විවාහ සහතිකය.
- ශ්‍රී ලාංකික මවකට හෝ පියකුට දාව විදේශයක උපත ලද පුද්ගලයකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසි බව ලබා ගත් බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය. [ආකෘතිය බලන්න]
- ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තකු නම් ද්විත්ව පුරවැසි සහතිකය. (ලින්ක් කරන්න)
- අඟල් 1 3 / 8 x 7 / 8 ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 3 ක් ඉදිරිපත් කළ යුතුය. පසුබිම් වර්ණය අහස් නිල (Sky Blue)
විශේෂ නිවේදනයයි
|
- මුද්දර ගාස්තු : රු 3.00
- උචිත නියමිත කාල සීමාව(ලින්ක් කරන්න) තුලදී ලියාපදිංචි වීමට ඉල්ලුම් නොකරන ලද ඉල්ලුම්කරුවන්, ඉල්ලුම් කිරීම ප්‍රමාද වීමට හේතු සඳහන් කොට ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් මගින් සහතික කර කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කල යුතු ...............................(අංකය) දරණ ආකෘතිය. (ලින්ක් කරන්න)
- ඉල්ලුම්පත සහතික කිරීම:
- ග්‍රාම නිලධාරී (ග්‍රාම නිලධාරී සහතික කළ ඉල්ලුම්පත් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කිරීම අනිවාර්ය වේ)
- පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නම් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති.
- වතු පදිංචිකරුවකු නම් වතු අධිකාරී.
- විශේෂ අවශ්‍යතා හා කාරනා වලදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් විසින් බලය පවරන ලද සහතික කිරීමේ නිලධරයන්
හැඳුනුම්පත් ලබා ගැනීමට අදාළව සම්පූර්ණ කළ ඉල්ලුම්පත් භාරදීම
- සාමාන්‍ය සේවය :
- ඉල්ලුම්පත සහතික කළ නිළධාරියාට
- එක්දින සේවය :
- අදාල නිළධාරියකු සහතික කිරීමෙන් පසු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයේ එක්දින සේවා අංශයට
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම.
| ගමන් බලපත්‍ර පිළිබඳ සාමාන්‍ය තොරතුරු |
|
ගමන් බලපත්‍ර අයදුම්පත් අනුමත කිරීමේ නව ක්‍රියවලිය
2015 අගොස්තු මස 10 වන දින සිට සාමාන්‍ය ගමන් බලපත්‍ර අයදුම්කරුවන් විසින් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ සම්මත ප්‍රමිතීන්ට අනුකූල අංකිත ඡායා රූපයක් සහ ජෛවමිතික දත්ත ලෙස ඇඟිලි සලකුණු මෙම දෙපාර්තමේන්තුවට ලබා දිම අවශ්‍ය වේ.මෙම අංකිත ඡායාරූප දිවයින පුරා විසිරී ඇති අප දෙපාර්තමෙන්තුවේ අනුමත ඡායාරූප ශාලාවකින් හෝ අප ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල වල ඇති ඡායා රූප ශාලා වලින් ලබා ගත හැක. මෙහිදී මුද්‍රණය කරන ලද ඡායා රූප ලබා දීම අවශ්‍ය නොවේ.ඇඟිලි සලකුණු අප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හා ශාඛා කාර්යාල වලට අයදුම්කරු පැමිණ ලබා දීම අත්‍යවශ්‍ය වේ.
වැදගත් තොරතුරු
ඡායාරූප දෙපාර්තමේන්තුවට ලබා දෙන ආකාරය
වැඩි විස්තර සඳහා:ක්ෂණික ඇමතුම් 1962 හෝ දුරකථන අංක 011 532 9200 / 001 532 9175 ශ්‍රී ලාංකික ගමන් බල පත්‍රයක් ලැබීමට මට හිමිකම් තිබේද ?
ඔබ පරම්පරාවෙන් හෝ ලියාපදිංචියෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නම් ඔබට ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් ලබාගත හැක. ගමන් බලපත්‍රයක් හදිසියේ ලබා ගැනීම ඔබට හදිසි ගමන් සඳහා ගමන් බලපත්‍රයක් අවශ්‍ය නම් එක් දින සේවය මගින් ඊට ඉල්ලුම් කළ හැකිය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් මෙම සේවාව ලබාගත හැකිය. ගමන් බලපත්‍ර ලබා ගැනීම යටතේ බලන්න ගමන් බලපත්‍රයක වලංගු කාල සීමාව දැනට නිකුත් කරන එන් (N) ඛණ්ඩයේ ගමන් බලපත්‍ර අන්‍යාකාරයකින් දක්වා නොමැති නම් අවුරුදු 10කට වලංගු වේ. අවුරුදු 16 අඩු ළමුන් සඳහා වන ගමන් බලපත්‍ර වල වලංගු කාලය අවුරුදු 03 කි. හදිසි සහතික අවුරුදු දෙකකට වලංගු වන අතර තවත් අවුරුදු දෙකකට එය දීර්ඝ කළ හැක. වැඩ කරන වේලාවල් මොනවාද? අයදුම්පත් භාර ගැනිම,
"සුහුරුපාය", බත්තරමුල්ල පිහිටා ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයට (01 මහල - සාමාන්‍ය සේවාව / 02 මහල - හදිසි පදනමින් සේවාව) සියලුම ගමන් බලපත්‍ර ඉල්ලුම් පත් මෙහිදී භාර දිය හැකිය. මෙහිදී ස්ථාන සිතියම බලාගැනීමට අදාළ බොත්තම තද කරන්න. ගමන් බලපත්‍ර වර්ග මොනවාද ?
|
| ගමන් බලපත්‍ර නිකුත් කිරීම |
|
"මේ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ ලේඛනය සඳහා චක්‍රලේඛනය බලන්න"
ඉල්ලුම් පත්‍රයක් ලබාගත හැක්කේ කොතනින්ද?
- කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
- භාගත කරගන්න මුද්‍රන ඉල්ලුම් පත්‍රයක් මගින් මෙතැනින්
- නුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වලින්
-
සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයක් මගින් ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන කවරේද?
-
දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (කරුණාකර විස්තර සදහා පහල බලන්න*)
- ඡයාරූප ශාලා ලදු පත
-
ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්..
-
ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.
-
විවාහ සහතිකය සහ ඡායා පිටපතක් අවශ්‍ය පරිදි (විවාහයෙන් පසු නම සනාථ කිරීම සඳහා)
-
-
පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලුම් කරන ලද ලිපියක්.
-
විදේශ තනතුරු සඳහා බාහිර කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලුම් කරන ලද ලිපියක්.
-
අනෙකුත් පුද්ගලයන් සඳහා රේඛීය අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන ලද ලිපියක්.
-
* වලංගු ගමන් බලපත්‍රයක් දැනටමත් ඔබ සතුව ඇත්නම් නම් ඉල්ලුම් පත්‍රය සමඟ එය ඉදිරිපත් කළ යුතුය.රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සැකසුම් ගාස්තුව කවරේද ?
සාමාන්‍ය පදනමින් - ශ්‍රී ලංකා රු. 3500.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රු. 15000.00
-
-
පහත සඳහන් කාණ්ඩවල පුද්ගලයන් සඳහා රාජකාරී ගමන් බලපත්‍ර නිකුත් කරනු ලැබේ,
- පලාත් සභා නියෝජිතවරුන්ට
- නගරාධිපතිවරුන්ට
- පළාත් පාලන මණ්ඩලවල සභාපතිවරුන්ට
- දීප ව්‍යාප්ත සේවා වල නිලධාරීන්ට
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හඳුනාගත් කාර්ය මණ්ඩලවලට (හිමිකම් ඇති නිලධාරීන්ගේ ලැයිස්තුව සඳහා අභ්‍යන්තර පරිපාලන චක්‍රලේඛන 08-2008 බලන්න)
-
ඉල්ලුම් පත්‍රයක් ලබාගත හැක්කේ කොතනින්ද?
- කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්,
- වවුනියාව, මාතර, නුවර හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වලින්
- භාගත කරන ලද මුද්‍රිත ඉල්ලුම් පත්‍ර මගින්
- දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (විස්තර සඳහා මෙහි පහත බලන්න*)
- ඡයාරූප ශාලා ලදු පත
- ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල්පිටපතක් සහ ඡායා පිටපතක්.
- ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයෙහි මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.
- අවශ්‍ය පරිදි විවාහ සහතිකය සහ ඡායා පිටපතක්.(විවාහක නාමය සනාථ කරගැනීම සඳහා)
- පළාත් සභා දෙපාර්තමේන්තු ප්‍රධාන රේඛීය අමාත්‍යාංශය වලින් ඉල්ලුම් කරන ලද ලිපියක් රේඛීය අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ පළාත් සභාවේ ප්‍රධානියාගෙන් ඉල්ලීම අඩංගු ලිපියක්.
සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුත්තේ කොතැනටද ?
කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය
හදිසි සහතික (EC)
හදිසි සහතිකයක් යනු කවරේද ?
හදිසි සහතිකයක් යනු ඉන්දියාවට සහ නේපාලයට ගමන් කරන බෞද්ධ ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා පමණක් නිකුත් කෙරෙන ගමන් ලේඛනයයි. මෙම ලේඛනය අවුරුදු 2කට පමණක් වලංගු වන අතර බලපත්‍ර ඉල්ලා සිටිවිට එය තව අවුරුදු 2ක් දක්වා දීර්ඝ කළ හැකිය. වැඩි විස්තර සඳහා කරුණාකර ගමන් බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය බලන්න.
- දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (වැඩි විස්තර සඳහා මෙහි පහත බලන්න*)
- ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් ලේඛනය සහ ඡායා පිටපතක්..
- ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ මුල් ලේඛනය සහ ඡායා පිටපතක්.
පහත සඳහන් ලේඛන එකක් හෝ වැඩි ගණනක් ඉදිරිපත් කිරීමට ඔබට පුළුවන. එනම්,
- ඉල්ලුම්කරුගේ රියදුරු බලපත්‍රය සහ ඡායා පිටපතක්.
- ඉල්ලුම්කරුගේ වැඩිහිටි අනන්‍යතා සහතිකය සහ ඡායා පිටපතක්.
- ඉල්ලුම්කරුගේ විශ්‍රාම වැටුප් අනන්‍යතා සහතිකය සහ ඡායා පිටපතක්.
- පිරික්සුම් ප්‍රතිඵලය රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිකුත් කළ ප්‍රතිඵල ලේඛනය සහ ඉල්ලුම්කරුගේ දරුවකුගේ උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක්.
- විය හැකි වයස් සහතිකය සහ ඡායා පිටපතක්. (රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ)
ඉල්ලුම්පත්‍රය ලබාගත හැක්කේ කොතනින්ද ?
- කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්,
- වවුනියාව මාතර නුවර හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලින්,
- ඔබ ප්‍රදේශයේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්,
- විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල වලින්,
- භාගත කරගන්නා ලද මුද්‍රණ යෝග්‍ය ඉල්ලුම් පත්‍ර මගින්,
- කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.
- වවුනියාව මාතර නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට.
සාමාන්‍ය පදනමින් - වැඩකරන දින 14 ක්
හදිසි පදනමින් - සේවාවක් නොමැත
සාමාන්‍ය පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 500.00 (හදිසි පදනමින් - අදාළ නැත.)
යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර සහ තාවකාලික ගමන් ලේඛන
මෙම ලේඛන කවරේද ?
මේ වනාහි ගමන් බලපත්‍රය නැති වී ඇති හෝ සොරාගෙන ඇති හෝ විදේශයේ සිටියදී කල් ඉකුත් වී ඇති විට ශ්‍රී ලාංකිකයින් වෙත නිකුත් කරන බලපත්‍රයයි.
එම ලේඛන ලබාගත හැක්කේ කොතැනින්ද ?
විදේශීය වූ ශ්‍රී ලාංකික දූත මණ්ඩලයකින් මෙම ලේඛන ලබාගත හැක.
ඔබ පෙරලා ටික කලකට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් ඔබට යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍රයක් හෝ තාවකාලික ගමන් ලේඛනයක් ඉල්ලුම් කළ හැක.
වලංගු කාලය කුමක් ද?
යන්ත්රයෙක් කිව නොහැකි බලපත්‍රයක් හෝ තාවකාලික ගමන් ලේඛනයක් වලංගු වන්නේ ශ්‍රී ලංකාවට එක් වරක් ගමන් කිරීමට පමණි.
ඉල්ලුම් පත්‍රය ලබාගත හැක්කේ කොතනින්ද ?
- විදේශීය වූ ශ්‍රී ලාංකික දූත මණ්ඩලයකින්
- භාගත කරගන්නා ලද මුද්‍රණ යෝග්‍ය ඉල්ලුම් පත්‍ර මගින් මෙතැනින්
විදේශීය වූ ශ්‍රී ලාංකික දූත මණ්ඩලයට භාර දීමෙන්
හඳුනා ගැනීමේ සහතිකය
හඳුනාගැනිමේ සහතිකය යනු කුමක් ද?
විදේශිකයකුගේ ගමන් බලපත්‍රය නැති වී ඇති හෝ සොරාගෙන ඇති හෝ ලංකාවේ සිටියදී කල් ඉකුත් වී ඇති විට විදේශිකයන් වෙත නිකුත් කරන බලපත්‍රයයි.
හඳුනාගැනීමේ සහතිකය ලබාගත හැක්කේ කෙසේද ?
කොළම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පෞද්ගලිකව අමතා ශ්‍රි ලංකා මුදලින් රු. 3500.00 ක් ගෙවා එදිනම හඳුනාගැනීමේ සහතිකය ලබාගත හැකිය.
වයස අඩු (බාල වයස්කාර) අයදුම්කරුවන් / දරුකමට හදාගත් ළමුන් සඳහා ශ්‍රී ලකා ගමන් බලපත්‍ර (වලංගු කාලය අවුරුදු 3 හෝ 10)
බාල වයස්කරුවන් යනු කවරෙක්ද ?
වයස අවු 16ට අඩු ඕනෑම පුද්ගලයෙකු මේ සඳහා බාල වයස්කරුවෙකු ලෙස සලකනු ලැබේ.
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ගැනීම සඳහා බාලවයස්කරුවෙකු අයදුම් කරන්නේ කෙසේද?
අයදුම්පත් බාරදීම සඳහා අයදුම්පත් භාරගන්නා කාර්යාලයට අයදුම්කරු පැමිණෙන විට ස්වකීය මව සහ පියා හෝ නිත්‍යනුකූල භාරකරුවන් සමඟ පැමිණිය යුතුය. දෙමව්පියන්ගේ හෝ නිත්‍යනුකූල භාරකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් අයදුම් පතෙහි ඇමිණිය යුතුය.
සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත සමඟ ඉදිරිපත් කළ යුතු අවශ්‍ය ලිපිලේඛන කවරේද ?
- අයදුම්කරුගේ උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක්.
- ඡයාරූප ශාලා ලදු පත
- දෙමවුපියන්ගේ ගමන බලපත්‍රය (දත්ත පිටුවේ හා ළමුන්ගේ විස්තර ඇතුලත් පිටුවේ ඡායා පිටපත් සමඟ).
- දෙමව්පියන්ට ගමන් බලපත්‍රයක් නොමැති නම් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය.
- දෙමව්පියන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපිය සමඟ අනිවාර්යෙන් දෙමවුපියන් හෝ නිත්‍යනුකූල භාරකරුවන් පැමිණිය යුතුය
දරුකමට හදාගත් බවට සහතිකයක්
ඒ සඳහා උසාවි නියමය
ළමා හිමිකම් හා ළමා ආරක්ෂණ කොමසාරිස්ගෙන් ලිපියක්
විශේෂ දැන්වීමයි - ලේඛන වල ඡායා පිටපත් සමග මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය. පහත දැක්වෙන විශේෂ අවස්ථාවන්හිදී පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය.
දරුවා ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලබා ඇත්නම් එක් එක් දරුවා සඳහා කොන්සල් කාර්යාලයෙන් ලබාගත් උප්පැන්න සහතිකය සහ පුරවැසිභාවය ලියාපදිංචි කළ සහතිකය.
දෙමාපියන් මිය ගොස් ඇත්නම් මරණ සහතිකය, නීත්‍යානුකූල භාරකරුගේ හඳුනාගැනීමේ ලේඛනය, නීත්‍යානුකූල භාරකරු විසින් නිකුත් කරන ලද කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය, ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරනු ලදුව ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන ලද වාර්තාව.
දෙමව්පියන් දෙදෙනාම හෝ එක් අයෙක් විදේශගත වී ඇත්නම්, ඔවුන් විසින් ලබාදෙන ලද කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපිය, දෙමව්පියන්ගේ ගමන් බලපත්‍රවල පිටපත් අදාළ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලය මඟින් සහතික කර තිබිය යුතුයි.
දෙමව්පියන් දෙදෙනොම විදේශගත වී ඇත්නම් නීත්‍යානුකූල භාරකරුට දෙමව්පියන් විසින් ලබාදෙන ලද පිළිගත හැකි බලය පැවරීමේ ලිපිය අදාළ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලය මඟින් සහතික කර තිබිය යුතුය.
දෙමව්පියන් දික්කසාද වී සිටිත් නම් දික්කසාද සහතිකය සහ දරුවාගේ / දරුවන්ගේ භාරකාරත්වයට ඇති අයිතිය සඳහන් කරමින් ලබාදෙන ලද අධිකරණ නියෝගය.
දරුවා දෙමව්පියන් විසින් අත්හැර දැමූවෙකු නම් පොලිස් වාර්තාවේ සහතික කරන ලද පිටපතක් සහ ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කරනු ලදුව ග්‍රාම නිලධාරීගෙන් ලබාගත් සනාථ කිරීමේ ලිපියක්.
සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද (අවුරුදු 16 අඩු ළමුන් සඳහා) ?
වලංගු කාලය අවුරුදු 3 සඳහා
සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 2500.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 7500.00
වලංගු කාලය අවුරුදු 10 සඳහා
සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 3500.00
හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 15000.00
දෙමව්පියන්ගේ ගමන් බලපත්‍රයට බාලවයස්කරුවන් ඇතුලත් කිරීම.
බාල වයස්කරුවන් යනු කවරෙක්ද ?
වයස අවුරුදු 16ට අඩු ඕනෑම පුද්ගලයෙකු මේ සඳහා බාල වයස්කරුවෙකු ලෙස නම් කරනු ලැබේ.
දෙමවුපියන්ගේ ගමන් බලපත්‍ර වලට ළමයින් ඇතුලත් කල හැකිද?
ද්විත්ව පුරවැසියන් සඳහා ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය
ශ්‍රී ලංකාවේ හා වෙනත් රටක යන දෙරටෙහිම පුරවැසිභාවය දරන තැනැත්තෙකුට පහත ලේඛන ඉදිරිපත් කර ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ලබා ගත හැකිය.
(භාගත කරගන්නා ලද මුද්‍රණ යෝග්‍ය ඉල්ලුම් පත්‍ර මගින් මෙතැනින්)
- සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
- ඡයාරූප ශාලා ලදු පත
- ද්විත්ව පුරවැසිභාවය ලද සහතිකය සහ ඡායා පිටපතක්.
- පුරවැසිභාවය ලබා ගත් අනිත් රටේ ගමන් බලපත්‍රය හා ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා තිබේ නම් එම ගමන් බලපත්‍රය (ජීව දත්ත අඩංගු පිටුවල ඡායා පිටපත් සමඟ)
- ජාතික හැඳුනුම්පත සහ ඡායා පිටපතක්. (1948 අංක 18 දරණ සංශෝධිත පුරවැසි පනතේ 19(2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් අයෙකුනම්, ද්විත්ව පුරවැසිභාවය ලබාගත් පසු නව ජාතික හැදුනුම් පතක් ලබාගත යුතුය.)
- උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක්.

- නැතිවූ ගමන් බලපත්‍රයේ අංකය සහිතව පොලිසියට කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත. නැතිවූ ගමන් බලපත්‍රයේ අංකය නොමැති නම් කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය කාර්යාලයකින් ලබා ගත හැක.
- ගමන් බලපත්‍රය පිටරටක නැතිවූයේ නම්, එම රටේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා නිකුත් කළ (NMRP) තාවකාලික ගමන් ලියවිල්ල. (ඡායා පිටපතක් සමඟ)
- ගමන් බලපත්‍ර ගාස්තුවට අමතරව රු. 11,500 ක දඩ මුදලක්. (මෙම දඩ මුදල අයකරනු ලබන්නේ නැතිවූ ගමන් බලපත්‍රයේ අදාල වලංගු කාලය ඉක්මවා නොමැති නම් පමණි.)
විශේෂ දැන්වීමයි - ඉහත ලේඛන වල ඡායා පිටපත් සමග මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය.
(උපුටා ගැනීම - ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙබ් පිටුව )
{/sliders
}
News & Events
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න...
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පසුගිය දිනක...
බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය
2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්........
ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.
බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වාභාවික ආපදා...

















