ලෝක මිහිතල දිනය අදට (අප්‍රේල් 22) යෙදී තිබේ.
‘අපේ පෘථිවිය යථා තත්ත්වයට පත්කරමු’ යන්න මෙවර එහි තේමාවයි.
පරිසරය ඇතුළු මිහිතලය සුරක්ෂිත කිරීම සඳහා ලෝක ජනතාවගේ අවධානය යොමු කිරීම හා ඒ සඳහා වන කැපකිරීම පෙන්වීම මිහිතල දිනයේ අරමුණයි. මිහිතල දිනය ප්‍රකාශයට පත්කරන ලද ඇමරිකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ රටවල් සියල්ලම පාහේ මෙවර මිහිතල දින සැමරුමට එක්වේ.
පළමු මිහිතල දින සැමරුම 1970 වසරේදී ඇමරිකාවේදී සිදුකෙරුණ අතර, ඒ සඳහා කැපවී කටයුතු කරන ලද්දේ ඇමරිකානු සෙනෙට් සභිකයකු හා පරිසරවේදියකු වූ ගේ ලෝර්ඞ් නෙල්සන් නමැත්තා ය.
ඔහු විසින් 1970 අපේ‍්‍රල් මස 22 වැනිදා දහස් සංඛ්‍යාත ජනයා වීදි බස්සවා මිහිතලය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රමදාන, පෝස්ටර් ව්‍යාපාර ඇතුළුව පරිසර අරගලයක් සිදු කළේය.
ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ එහි 51 වැනි සැමරුමයි.


















