Wireless networks සහ mobiles ගෙවුණු වසර කීපය තුළ ඉතාමත් සිඝ්‍රයෙන් දියුණුවට පත් වුණා..>>>>

a5ba713859dbcdfc73b104275d2fecd7

Wireless networks සහ mobiles ගෙවුණු වසර කීපය තුළ ඉතාමත් සිඝ්‍රයෙන් දියුණුවට පත් වුණා. Wireless තාක්ෂණය මේ දියුණුව කරා ගිය ගමනේදී වැදගත් සංධිස්ථාන කීපයක්ම පසුකරා කියන්න පුලුවන්. ඒ ගැන කතාකරන කොට අපිට අපේ internet connection එකේ speed එක සඳහා විශාල ලෙස බලපෑම් කරන තාක්‍ෂණයන් වුණු 1G, 2G 3G, 4G, 4G LTE වගේ ඒ ඒ කාලයේදී නිතරම අහන්න දකින්න ලැබුණු දේවල්, නැත්නම් යුග (Generations) අමතක කරන්නම බැහැ. ඔය අතරින් දැනට ලෝකයේ ප්‍රචලිතව තියෙන්නේ 4G LTE, එහෙමත් නැත්නම් 4G තාක්‍ෂණය තවත් දියණු කර නිර්මාණය කෙරුණු 4G වල Long Term Evolution version එක.

ඔන්න දැන් 4G LTE යුගයේත් අවසානය කෙමෙන් කෙමෙන් ළඟා වන බව අපිට පසක් කර දෙමින් wireless සන්නිවේදනයේ මීළඟ පෙරළිකාරයත් නුදුරේදීම අපි හමුවට එන්න සුදානම් වෙන බව තමයි ආරංචිය. ඒ 5th Generation කියන තේරුම ඇතිව 5G කියන නමින්. ඉතින් මේ ගැන තොරතුරු සොයද්දී දැනගන්න ලැබුණු කරුණු කීපයක් ඔබ සියලු දෙනා සමග බෙදාහදා ගන්න තමයි මේ සූදානම.
 
5G Technology Speed
5G නුදුරේදීම අපි හමුවට එනවා කියලා ගොඩාක් දෙනෙක් මේ වෙද්දීත් දැණුවත් ඇති. නමුත් 5G කියන්නේ මොකද්ද කියලා, එහෙමත් නැත්නම් 5G වල වැදගත්කම මොකද්ද කියලා ඇහුවොත් ගොඩාක් දෙනෙක්ට හරි උත්තරයක් නැති වේවි. Broadband connections වල මීළඟ යුගය විදියට හැඳින්වෙන මේ තාක්‍ෂණය, 4G LTE වලට වඩා 40 ගුණයකටත් වඩා වැඩි වේගයකින් යුතු internet සම්බන්ධතාවයක් පාරිභෝගිකයින්ට ලබා දීමට තරම් ප්‍රබල බව තමයි වාර්තා වෙන්නේ. එය එසේ වීමට හේතුව විදියට දක්වන්නේ වර්ණාවලියේ විවිධ කලාපයන්ට අයත් තරංග (variety of spectrum bands) භාවිතයට ගැනීමයි. විශාල දත්ත ප්‍රමාණයක් කෙටි දුරක් ඇතුළත ගෙන යා හැකි රේඩියෝ තරංගත් (mmWave Radio Spectrum) මීට ඇතුළත්. නමුත් මෙලෙස ඉහළ සංඛ්‍යාතයෙන් යුත් තරංගයන් භාවිතා කිරීමේ එක් ගැටළුවක් ලෙස දේශගුණික තත්වයන් සහ උස් ගොඩනැගිලි ආදිය නිසා වඩාත් පහසුවෙන් බාධාවට ලක් විය හැකි වීම දක්වන්න පුලුවන්.
ඊට අමතරව මේ 5G භාවිතා කරන වැදගත්ම තාක්‍ෂණයන් කීපයක් ලෙස Small cells, massive MIMO, Beam-forming, සහ Beam-tracking හඳුන්වලා දෙන්න පුලුවන්.
Small cells : අඩු විදුලි ධාරිතාවයකින් ක්‍රියා කරන portable base stations. Small cells කිපයක් එකතු කර නිර්මාණය කරගන්න උපාංග විවිධ නගරවල පිහිටුවීමෙන් මේ තාක්‍ෂණය පාරිභෝගිකයින් හට ලබා දිය හැකි බව තමයි ඒ ගැන කරුණු හොයද්දි පැහැදිලි වුණේ.
Massive MIMO (Massive Multiple Input Multiple Output) : මෙමගින් එකවර උපාංග විශාල ගණනක් සමගින් සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබෙනවා. දැනට වාර්තා වෙන විදියට, මේ 5G antenna එකකට පුලුවන් එකවර උපාංග ලක්ෂයක් පමණ මෙහයවන්න. 4G antenna එකකට පුලුවන් වෙන්නේ, එකවර උපාංග 100 – 200 වගේ මෙහයවන්න විතරයි.
 
5g technology slide17
 
Beam-tracking : මෙහිදී 5G ලබාගෙන තියෙන කිසියම් උපාංගයක්, යම් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට ගමන් කරනවානම්, ඒ උපාංගය track කර ගෙන signal ලබාදිමේ හැකියාවත් තියෙනවා.
 
Beam-forming : මෙයින් සිදුවෙන්නේ යම්කිසි ප්‍රදේශයක 5G භාවිතා කරන පිරිස් වැඩිපුර ඉන්නව නම්, ඒ ප්‍රදේශයට වැඩි වශයෙන් 5G signal යොමු කිරීම. මේ නිසා අන්තාර්ජාල සේවා භාවිතා කරන පිරිස් වැඩි වුනත්, අපට ඉතා හොද වේගයක් ලබා ගන්න පුලුවන්. සියලුම ප්‍රදේශ වල අන්තර්ජාල සේවා භාවිතා කරන පිරිස් ආසන්න වශයෙන් සමානව විහිදිලා ඉන්නවානම්, ඒ සියලුම ප්‍රදේශ වලට සමානව signal බෙදා හැරීමක් සිදු කරනු ලබන බවයි පැවසෙන්නේ.
 
Comparison between Current4G and Future5G
5G තාක්‍ෂණය මීළඟ වසර වන විට ඉතාමත් ඉහළ download speeds සහ ඉතාමත් අඩු ප්‍රමාද දෝෂයන් (low latency) සමගින් විවිධ ආයතන සහ සේවා දායකයින්ගෙන් අප අතරට පැමිණේවි. මේ වන විටත් Samsung, Verizon, Ericsson වගේ ලොව ඉහළ පෙළේ ආයතන 5G තාක්‍ෂණයට සුදුසු වන ආකාරයේ signal processing, chips, සහ antenna technologies පිලිබඳ පර්යේෂණයන් පවත්වනවා. කෙසේ නමුත් 5G තාක්‍ෂණය භාවිතයට පැමිණි විගස අපිට 4G සහ 4G LTE තාක්ෂණයන්ගෙන් මිදීමට අවස්ථාව ලැබෙන එකක් නැහැ. මොකද දැනට භාවිතයේ පවතින devices 5G තාක්‍ෂණයට අනුරූප වන ආකාරයට නෙවෙයි ගොඩනගලා තියෙන්නේ. නමුත් කාලයත් සමගින් 5G තාක්ෂණය පමණක් රජයන කාලයකුත් උදා වේවි. 

Interactive TV, HDසහ 3D video, social gaming, virtual reality සහ augmented reality වගේ concepts සඳහාත් 5G අතිවිශාල ලෙස බලපෑම් එල්ල කරයි කියලා තමයි ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ. මේ දිනවල ලෝකයේ විවිධ ප්‍රදේශ වල ඉතාමත් සාර්ථක අන්දමින් 5G තාක්‍ෂණය test කරනු ලබනවා. මෑතකදී dialog ආයතනය මගිනුත් කොළඹ කේන්ද්‍ර කරගනිමින් මෙය අත්හදා බැලුවා. කෙසේනමුත් 5G තාක්‍ෂණය ප්‍රචලිත වුණු කාලයක සුපිරි අන්තර්ජාල අත්දැකීමක් ලබා ගැනීමට අපි සියලු දෙනාටම හැකියාව ලැබේවි.
 
(සටහන - අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි)
 

News & Events

07
නොවැ2023
විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත්...

13
සැප්2022
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න...

22
අප්‍රේ2021
"ලෝක මිහිතල දිනය අදයි"

"ලෝක මිහිතල දිනය අදයි"

ලෝක මිහිතල දිනය අදට (අප්‍රේල් 22) යෙදී...

30
මාර්2021
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

" රටකි දැයකි ලොවකි ඇය "  ...

09
මාර්2021
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය  පසුගිය දිනක...

03
මාර්2021
බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්........

18
පෙබ2021
 1920 කෘෂි උපදේශන සේවාව

1920 කෘෂි උපදේශන සේවාව

  ලාංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටළුවලට...

16
පෙබ2021
ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

   බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වාභාවික ආපදා...

12
පෙබ2021
අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස්...

Scroll To Top