
ශ්‍රී දළදා වහන්සේගේ ඉතිහාසය..
බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් තිස්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ පහස ලැබුවා වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේ අතර වඩාත් උතුම් කොට ගෞරව බහුමානයට හා අද්විතීය උත්තරීතර භාවයට පාත‍්‍ර වේග දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්තයෝ සුභ‍්‍ර වර්ණයෙන් යුක්ත වූවාහුයග අවිවර දන්ත වියග එක් ඇන්දක විස්ස බැගින් සමචත්තාලිස දන්තයෝ වූහයි බෞද්ධ පොත් පත්වල සඳහන් වේග දඹදිව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි සල් රුක් සෙවනෙහි සිදු වූ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ශ‍්‍රී දේහය ආදාහනය කිරීමේදී සතර දළදා වහන්සේ දල දෙඅකු ධාතුන් වහන්සේ දල ලලාට ධාතුන් වහන්සේ ද විසිර නොගොස් අළු බවට පත් නොවී නො විසිරී ශේෂ වූවාහුයග සෙසු ධාතුන් වහන්සේ සමන් කැකුළුල සුදු මුතුල අබ ඇට පමණ වීල සමීපමාත‍්‍ර වී කඩ සහල් පමණ වීල මුං ඇට පියළි පමණ වී ශේෂව දෙනෙහි ගිනි සංසිඳුනේයග එකෙණෙහි කුසිනාරා නුවර මල්ල රජදරුවෝ සුවඳ පැණින් රන් කළල රිදී කළ පුරවා වත් කොට දැවුණු චන්දන චිතකයෙහි ගිනි නිවූහග අවට රැුකවල්ලා ධාතුන් වහන්සේ ආරක්ෂා කළහග මහා පරිනිබ්බාන සූත‍්‍රයල සුමංගල විලාසිනිය හා බුද්ධ වංශයෙහි එන තොරතුරු වලට අනුව ධාතු විභජනයේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවි බව දත් සැණෙන් දඹදිව සෙසු සත් රාජ්‍යයක රජ දරුවෝ කුසිනාරා නුවරට සේනා සහිතව පැමිණල ධාතුන් වහන්සේට ඇති තම අයිතිය කියා පාමින් යුද්ධ කොට හෝ ගනිමැ”යි සිතා ධාතුන් වහන්සේ ඉල්ලා සිටියහග සිදුවිය හැකි අර්බුදය දුටු ද්‍රෝණ නම් බ‍්‍රාහ්මණ ආචාර්යවරයා සියලූ දෙනා සම`ගි කරවා ධාතුන් වහන්සේ අට කොටසකට බෙදා දීමෙන් අනතුරුව එම පිරිස් සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේ නිධන් කළ චෛත්‍ය අටක් ඒ ඒ රාජධානින්හි පිහිටුවා පූජෝපහාර පැවැත්වූහග එම චෛත්‍ය අට දල ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදා දුන් නැළිය නිදන් කොට ”කුම්බස්තූප” නම් චෛත්‍ය දල පිප්පලී නුවර මෞර්ය රජවරු චිතකය තිබූ තැනින් ලබාගත් අ`ගුරු තැන්පත් කොට කරවූ අංගාර චෛත්‍යය ද වශයෙන් චෛත්‍ය දහයක් පළමුව ඇතිවිය අළු නොවී ශේෂ වූ සතර දළදා වහන්සේ අතුරෙන් එක් දළදාවක් සක‍්‍ර දේවේන්ද්‍රයා විසින් රැුගෙන ගොස් තව්තිසාවේ දල තවෙකක් නා රජු රැුගෙන ගොස් නා ලොව දල තවෙකක් ගන්ධාර දේශයෙහි දල නිදන් කොට සෑයන් බඳවා වන්දනා කරනු ලැබුහග ඛේම නම් රහතන් වහන්සේ ස්වකීය සෘද්ධි බලයෙන් වාම ශී‍්‍ර රදනක දන්ත ධාතුන් වහන්සේ ගෙන කළි`ගු රට බ‍්‍රහ්මදත්ත රජු ත‍්‍රිවිධ රත්නයෙහි පිහිටුවා පූජා සත්කාර කරනු වස් භාර දුන්හග කාලිංග රාජාවලියේ ගුහසීව නමැති රජු දවස මිසදුටු ප`ඩි රජු නිගණ්ටයන්ගේ බස් අසා ශී‍්‍ර දළදා වහන්සේ පැහැරගනු වස් තම සෙන්පති චිත‍්‍රයාන ලවා කාලිංග රාජ්‍යය ආක‍්‍රමණය කළේයග එමතු ද නොව නිඝන්ඨයන්ගේ උපදෙස් අනුව ශී‍්‍ර දළදා වහන්සේ ගිනි වළක ලා හළු කිරීමට ද වරෙක වානේ කිණිහිරියක තබා යකුළු පහර දී කුඩු කිරීමට ද තවත් වරෙක මහා වලෙක බහා පස් පුරවා ඇතුන් ලවා පෑගවීමට ද අවසානයෙහි මල මූත‍්‍රාදියෙන් පිරුණු අගලකට හෙළීමට ද කුරිරු ලෙස නියෝග කළේය හැම විටෙකම විස්මිත ප‍්‍රාතිහාර්යය පෑ ශී‍්‍ර දළදා වහන්සේගේ බලමහිමය මැඩලීමට නොහැකි වූ තැන ඇමතිවරුන්ගේ අනුශාසනය පරිදි ශී‍්‍ර දළදා වහන්සේට මහත් ගෞරව නමස්කාර පූර්වකව වැඳ වැටී කළ වැරදි වලට සමාව ඇයැද තම හිස මතට වඩින ලෙසට ආයාචනා කර සිටියේයග එකල්හි සුදු බුදු රැුස් විහිදුවමින් පෙළහර පාමින් රජු හිස මතට වැඩි දළදා වහන්සේ මහත් හරසරින් පිළිගත් රජු විචිත‍්‍ර ලෙස තැනවූ ශී‍්‍ර දළදා මාලිගාවක් තනවා වඩා හිඳුවා පුද සත්කාර කළ බව වංශ කථාවලින් හෙළිවේග යුධ සටන් නිමවීමෙන් පසු ප`ඩි රජු සම`ග හිත මිතුරු වූ ගුහසීව කළි`ගු රජු නැවත ශ්‍රී දළදා වහන්සේ තමා වෙත ලබාගැනීමට සමත්විය සර්වඥ ධාතුන් වහන්සේ අතුරෙන් ජීවමානව වැඩ සිටින එකම ධාතුන් වහන්සේ මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ වැඩසිටින වාම ශී‍්‍ර රදනක දාඨා ධාතුන් වහන්සේයග ශ්‍රී ලාංකික බෞද්ධයන් පමණක් නොව සකල ලෝකවාසි බෞද්ධයෝම ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා දළදා වහන්සේ වන්දාභිවන්දනයෙන් හා නන්විධ පූජාවෙන් පුදතිග දළදා වහන්සේ යනු ජීවමාන බුදුරජාණන් වහන්සේ බවට බලවත් විශ්වාසයක් හා හැ`ගීමක් බෞද්ධයන් අතර පවතීග මේ නිසාම රාජ්‍ය පාලකයන්ගේ පමණක් නොව පුරවැසියන්ගේත් අති උතුම් පූජා සංකේතයක් ලෙස දළදා වහන්සේ සම්භාවනාවට පාත‍්‍රවියග රාජ්‍යත්වයේ සංකේතය මෙන්ම කලට වැසි ලබාදී රට සමෘද්ධිමත් කළහැකි විස්මිත බලයක් ඇති මහාර්ඝ වස්තුවක් ලෙස ද සැලකිණ. බුදුරජාණන් වහන්සේ ධාතු පූජාව අනු දැන වදාළ බව අපදානපාලියෙන් ද අනාවරණය වේග සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආදාහනයෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේ සහිත පාත‍්‍රය දල මහා ප‍්‍රජාපතී ගෝතමී තෙරණියගේ ධාතුන් වහන්සේ සහිත පාත‍්‍රය ද ඒ අවස්ථාවන්හි දොහොතින් ගෙන ඔවුන් ගුණ වර්ණනා කළ අයුරු එහි විස්තර වේග බුදුරජාණන් වහන්සේ බුදුල පසේබුදුල මහරහත් හා සක්විති :චක්කවත්තිෆ යන සිව් මහා පුද්ගලයන්ගේ ශාරීරික ධාතු නිදන් කොට පූජෝපාහාර දැක්වීම අනුදැන වදාළ සේකග එය බොහෝ දෙනාගේ හිතසුව පිණිස වන බව දීඝ නිකායේ දැක්වේ. ධාතු වන්දනාව ලක්දිව ජනයා අතර බුද්ධ කාලයේදීත් ප‍්‍රචලිතව පැවතිණග තපස්සු බල්ලූක වෙළඳ දෙබෑයන් කේශ ධාතු නිදන් කොට ගිරිහ`ඩු සෑය සාදවා පූජා කළහග සුමන සමන් දෙවියන්ට භාර දුන් කේශ ධාතු නිදන් කොට මහියංගණ චෛත්‍යය ගොඩනැගූ අයුරු වංශ කථාවල සඳහන් වෙයිග මෙනයින් බලන විට බුද්ධ කාලයෙහිම ධාතු වන්දනාව ලක්දිව ප‍්‍රචලිතව තිබූ බව පැහැදිළියිග අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සම කොට දළදා වහන්සේ උදෙසා පූජා සත්කාර සිදු කිරීම තහවුරුව පවතින්නේ ඒ නිසායග දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ලැබීම ස්වකීය ජීවිතයේදී ලබන මහත් භාග්‍යයක් කොට බෞද්ධයෝ සලකති. දිනපතා තුන්වරු පූජාල සතියේ බදාදා නානුමුර මංගල්ල පූජාල පසළොස්වක පෝය දින පූජා හා වාර්ෂික සතර මංගල්ල පූජා ආදි වශයෙන් බුද්ධෝපස්ථානල බුදු පුද තේවා අදත් චිරාගත සාම්ප‍්‍රදායානුකූලව ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි ශ්‍රී දළදා මාලිගාව තුළ අඛණ්ඩව පැවැත්වේ.
දළදා වහන්සේ ලක්දිවට වැඩමවීම..

ලක්දිව දේශපාලන, සාමාජික, සංස්කෘතික ඉතිහාසයේ මහත් පෙරළියක් හා අභිවර්ධනයක් ඇතිකළ ශී‍්‍ර දළදා වහන්සේ ලක්දිවට වැඩමවූයේ ක‍්‍රි. ව. 310 වැන්නේ අනුරපුර කිත්සිරිමෙවන් රජු දවසය. ඛීරධාර නම් රජහුගේ ඇවෑමෙන් බලයට පත් ඔහු බෑණ කුමරුවෝ කළි`ගු රට දන්ත පුරය වෙත පැමිණ කඳවුරු බැඳ ”දළදා වහන්සේ පාවා දෙන ලෙස හෝ යුධ පිණිස එන ලෙස හෝ දන්වා කළි`ගු රට ගුහසීව රජු වෙත හසුන්පත් එවූහ. මේ නොකන්කලූ පුවත ඇසූ ගුහසීව රජු දන්ත කුමාරයන් කැඳවා මාගේ දිවි තිබෙනතුරු අන් කෙනෙකුට දළදා වහන්සේ නොදෙමැයි කියා හේමමාලා කුමරිය සම`ග දළදා වහන්සේ ලක්දිවට වැඩමවා ගෙන යන්නැ’යි ඔවදන් දී සේනා සම`ග යුධ පෙරමුණට ගියේය.
දන්ත ධාතුන් වහන්සේගේ ආගමනය මහාවංශය, දාඨාවංශය, දළදා සිරිත වැනි මූලාශ‍්‍ර වල සඳහන් වේ. ප`ඩි රජු ඇවෑමෙන් රජ වූ ඛීරධාර රජුගේ බෑණනුවන් කෙනෙකු විසින් ශී‍්‍ර දළදා වහන්සේ ඉල්ලා යළිත් වරක් යුධ අරඹන ලදී. මෙවිට කළි`ගු රට ගුහසීව රජතුමා තම දියණිය වූ හේමමාලා කුමරිය හා බෑණනුවන් වූ දන්ත කුමරු වෙත ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව පවරා ලක්දිවට පිටත් කර යැවීමට කටයුතු කළේය. යුධ බිමේදී තම පියාණන් වන ගුහසීව රජු මියගිය පුවත ඇසූ හේමමාලා කුමරිය හා දන්ත කුමරු බමුණු වෙස් ගෙන ලක්දිව බලා ගමන් ඇරඹූහ.
ශී‍්‍ර දළදා වහන්සේ කේෂ කලාපයෙහි ස`ගවාගෙන, පැමිණෙන අතරමගදී අඹුසැමි යුවල විවිධ දුෂ්කරතා වලට මුහුණ පෑවත් ඒවා ජයගෙන විස්මයජනක සිදුවීම් වලට මුහුණ දෙමින් අවසානයේදී ලක්දිවට සම්ප‍්‍රාප්ත වූහ. මෙම අඹු සැමි යුවල ලක්දිවට දළදාව වැඩම වූයේ සිරි මේඝවණ්ණ (කිත්සිරිමෙවන්* රජුගේ රාජ්‍යෝදයෙන් නව වන වර්ෂයෙහි (ක‍්‍රි. ව. 310 වැන්නේ* බව එකී මූලාශ‍්‍රයන්ගෙන් අනාවරණය වේ.
වෙස්වලා දළදාව සඟවාගෙන තම වාස භූමියෙන් පිටත් වූ හේමමාලා කුමරිය හා දන්ත කුමරු ගංඟානම් ගඟ තරණය කොට ගං ඉවුරේ වැලි තලාව මත වැලි දාගැබක් තනා ඒ තුල දළදාව සැඟවූහ. දන්ත ධාතූන් වහන්සේ පුදමින් සතුරනට අසුවෙතැයි නදිය අසබඩ ගන වන ළැහැබක සැඟවී සිටියහ. එකල්හි ගුවනෙහි ගමන් ගත් එක් රහත් තෙර නමක් ගං තෙර වැලි සෑයෙන් විහිදුනු සවණක් ගන බුදු රැුස් දැක අහසින් බිමට බැස දළදා වහන්සේ වැඩහුන් තැනට වැඩි සේක. එවිට එහි පැමිණි අඹු සැමි යුවලගෙන් තොරතුරු විමසා බියෙන් සිටිනු දැක කිසි බියක් නොසිතා සැප සේ යන්නැයි කියා කිසියම් බියක් වියවුලක් ඇති වූ විටක උන් වහන්සේ සිහිපත් කරන්නැයි වදාළහ. දෙදෙනාගේ බිය පහකරවා සිත් සනසා යළි අහසින් වැඩම කළහ.
ඉක්බිති ඒ ගෙඟහි විසූ පණ්ඩුහාර නම් නා රජු පිරිවර සමග ඇවිදිනාතර වැලි තලාවේ වැලි සෑයෙන් නැගී බුදු රැුස් මාලා දැක ප‍්‍රීතියෙන් ඉපිළ කරඬුව රැුගෙන ගඟ දියෙහි සැඟ උනේය.
එවිට හේමමාලා හා දන්ත කුමරු වැලි දාගැබෙහි දළදා වහන්සේ නොදැක මහත් සොවින් හඬ හඬා රහත් තෙරුන් වහන්සේ සිහිපත් කර සිටියහ. එකණෙහි රහතන් වහන්සේ ඔවුන්ගේ දුක දැක එහි වැඩම කොට බිහිසුනු ගුරුළු වෙසක් මවාගෙන ගැඹුරු දිය දෙබෑ කර නා රජු බිය ගන්වා දළදා වහන්සේ තැන්පත් කර ඇති රුවන් කරඬුව ආපසු ගෙනැවිත් දළදා වහන්සේ යළි ඔවුනට පාවා දුන්හ. දෙවියන් විසින් රැුකවරනය දුන් ඒ දෙදෙනා සොම්නසින් ගම් නියම් ගම් දුර කතර ගෙවා තාම‍්‍ර ලිප්තයෙන් නැව් නැගී ලක්දිව බලා ගමන් ඇරඹූහ. මහ සයුරේදී චණ්ඩ මාරුතය නිසා අපමන දුක් ගැහැට විඳ දළදා වහන්සේ පෑ විස්මිත පෙළහර දැක රහතන් වහන්සේ සිහිපත් කොට සියලූ උවදුරින් මිදී නෞකාවෙන් ලංකා පට්ටනයට ගොඩ බැස එක්තරා බමුණකුගෙන් මගතොට විමසා දැන ආගන්තුක සංග‍්‍රහ විඳ දළදා වැඩමවා අනුරපුර ආසන්නයේ මේඝ ගිරි නම් විහාරයට පැමිණියහ.

බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් තිස්සේ දේශනා කොට වදාළ ශී‍්‍ර සද්ධර්මයේ පහස ලැබුවා වූ ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේ අතර වඩාත් උතුම් කොට ගෞරව බහුමානයට හා අද්විතීය උත්තරීතර භාවයට පාත‍්‍ර වේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනුව බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර දන්තයෝ සුභ‍්‍ර වර්ණයෙන් යුක්ත වූවාහුයග අවිවර දන්ත වියග එක් ඇන්දක විස්ස බැගින් සමචත්තාලිස දන්තයෝ වූහයි බෞද්ධ පොත් පත්වල සඳහන් වේ. දඹදිව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි සල් රුක් සෙවනෙහි සිදු වූ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ශ‍්‍රී දේහය ආදාහනය කිරීමේදී සතර දළදා වහන්සේ දල දෙඅකු ධාතුන් වහන්සේ දල ලලාට ධාතුන් වහන්සේ ද විසිර නොගොස් අළු බවට පත් නොවී නො විසිරී ශේෂ වූවාහුයග සෙසු ධාතුන් වහන්සේ සමන් කැකුළුල සුදු මුතුල අබ ඇට පමණ වීල සමීපමාත‍්‍ර වී කඩ සහල් පමණ වීල මුං ඇට පියළි පමණ වී ශේෂව දෙනෙහි ගිනි සංසිඳුනේයග එකෙණෙහි කුසිනාරා නුවර මල්ල රජදරුවෝ සුවඳ පැණින් රන් කළල රිදී කළ පුරවා වත් කොට දැවුණු චන්දන චිතකයෙහි ගිනි නිවූහග අවට රැුකවල්ලා ධාතුන් වහන්සේ ආරක්ෂා කළහ. මහා පරිනිබ්බාන සූත‍්‍රයල සුමංගල විලාසිනිය හා බුද්ධ වංශයෙහි එන තොරතුරු වලට අනුව ධාතු විභජනයේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවි බව දත් සැණෙන් දඹදිව සෙසු සත් රාජ්‍යයක රජ දරුවෝ කුසිනාරා නුවරට සේනා සහිතව පැමිණල ධාතුන් වහන්සේට ඇති තම අයිතිය කියා පාමින් යුද්ධ කොට හෝ ගනිමැ”යි සිතා ධාතුන් වහන්සේ ඉල්ලා සිටියහග සිදුවිය හැකි අර්බුදය දුටු ද්‍රෝණ නම් බ‍්‍රාහ්මණ ආචාර්යවරයා සියලූ දෙනා සමඟින් කරවා ධාතුන් වහන්සේ අට කොටසකට බෙදා දීමෙන් අනතුරුව එම පිරිස් සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේ නිධන් කළ චෛත්‍ය අටක් ඒ ඒ රාජධානින්හි පිහිටුවා පූජෝපහාර පැවැත්වූහග එම චෛත්‍ය අට දල ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදා දුන් නැළිය නිදන් කොට ”කුම්බස්තූප” නම් චෛත්‍ය දල පිප්පලී නුවර මෞර්ය රජවරු චිතකය තිබූ තැනින් ලබාගත් අගුරු තැන්පත් කොට කරවූ අංගාර චෛත්‍යය ද වශයෙන් චෛත්‍ය දහයක් පළමුව ඇතිවියග අළු නොවී ශේෂ වූ සතර දළදා වහන්සේ අතුරෙන් එක් දළදාවක් සක‍්‍ර දේවේන්ද්‍රයා විසින් රැගෙන ගොස් තව්තිසාවේ දල තවෙකක් නා රජු රැගෙන ගොස් නා ලොව දල තවෙකක් ගන්ධාර දේශයෙහි දල නිදන් කොට සෑයන් බඳවා වන්දනා කරනු ලැබුහග ඛේම නම් රහතන් වහන්සේ ස්වකීය සෘද්ධි බලයෙන් වාම ශී‍්‍ර රදනක දන්ත ධාතුන් වහන්සේ ගෙන කළිගු රට බ‍්‍රහ්මදත්ත රජු ත‍්‍රිවිධ රත්නයෙහි පිහිටුවා පූජා සත්කාර කරනු වස් භාර දුන්හග කාලිංග රාජාවලියේ ගුහසීව නමැති රජු දවස මිසදුටු පඬි රජු නිගණ්ටයන්ගේ බස් අසා ශී‍්‍ර දළදා වහන්සේ පැහැරගනු වස් තම සෙන්පති චිත‍්‍රයාන ලවා කාලිංග රාජ්‍යය ආක‍්‍රමණය කළේයග එමතු ද නොව නිඝන්ඨයන්ගේ උපදෙස් අනුව ශී‍්‍ර දළදා වහන්සේ ගිනි වළක ලා හළු කිරීමට ද වරෙක වානේ කිණිහිරියක තබා යකුළු පහර දී කුඩු කිරීමට ද තවත් වරෙක මහා වලෙක බහා පස් පුරවා ඇතුන් ලවා පෑගවීමට ද අවසානයෙහි මල මූත‍්‍රාදියෙන් පිරුණු අගලකට හෙළීමට ද කුරිරු ලෙස නියෝග කළේය. හැම විටෙකම විස්මිත ප‍්‍රාතිහාර්යය පෑ ශී‍්‍ර දළදා වහන්සේගේ බලමහිමය මැඩලීමට නොහැකි වූ තැන ඇමතිවරුන්ගේ අනුශාසනය පරිදි ශී‍්‍ර දළදා වහන්සේට මහත් ගෞරව නමස්කාර පූර්වකව වැඳ වැටී කළ වැරදි වලට සමාව ඇයැද තම හිස මතට වඩින ලෙසට ආයාචනා කර සිටියේයග එකල්හි සුදු බුදු රැස් විහිදුවමින් පෙළහර පාමින් රජු හිස මතට වැඩි දළදා වහන්සේ මහත් හරසරින් පිළිගත් රජු විචිත‍්‍ර ලෙස තැනවූ ශී‍්‍ර දළදා මාලිගාවක් තනවා වඩා හිඳුවා පුද සත්කාර කළ බව වංශ කථාවලින් හෙළිවේ. යුධ සටන් නිමවීමෙන් පසු පඬි රජු සමඟ හිත මිතුරු වූ ගුහසීව කළිඟු රජු නැවත ශී‍්‍ර දළදා වහන්සේ තමා වෙත ලබාගැනීමට සමත්විය. සර්වඥ ධාතුන් වහන්සේ අතුරෙන් ජීවමානව වැඩ සිටින එකම ධාතුන් වහන්සේ මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ වැඩසිටින වාම ශී‍්‍ර රදනක දාඨා ධාතුන් වහන්සේයග ශී‍්‍ර ලාංකික බෞද්ධයන් පමණක් නොව සකල ලෝකවාසි බෞද්ධයෝම ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා දළදා වහන්සේ වන්දාභිවන්දනයෙන් හා නන්විධ පූජාවෙන් පුදතිග දළදා වහන්සේ යනු ජීවමාන බුදුරජාණන් වහන්සේ බවට බලවත් විශ්වාසයක් හා හැඟීමක් බෞද්ධයන් අතර පවතීග මේ නිසාම රාජ්‍ය පාලකයන්ගේ පමණක් නොව පුරවැසියන්ගේත් අති උතුම් පූජා සංකේතයක් ලෙස දළදා වහන්සේ සම්භාවනාවට පාත‍්‍රවියග රාජ්‍යත්වයේ සංකේතය මෙන්ම කලට වැසි ලබාදී රට සමෘද්ධිමත් කළහැකි විස්මිත බලයක් ඇති මහාර්ඝ වස්තුවක් ලෙස ද සැලකිණ. බුදුරජාණන් වහන්සේ ධාතු පූජාව අනු දැන වදාළ බව අපදානපාලියෙන් ද අනාවරණය වේග සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආදාහනයෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේ සහිත පාත‍්‍රය දල මහා ප‍්‍රජාපතී ගෝතමී තෙරණියගේ ධාතුන් වහන්සේ සහිත පාත‍්‍රය ද ඒ අවස්ථාවන්හි දොහොතින් ගෙන ඔවුන් ගුණ වර්ණනා කළ අයුරු එහි විස්තර වේග බුදුරජාණන් වහන්සේ බුදු පසේබුදුල මහරහත් හා සක්විති චක්කවත්ති යන සිව් මහා පුද්ගලයන්ගේ ශාරීරික ධාතු නිදන් කොට පූජෝපාහාර දැක්වීම අනුදැන වදාළ සේක. එය බොහෝ දෙනාගේ හිතසුව පිණිස වන බව දීඝ නිකායේ දැක්වේ. ධාතු වන්දනාව ලක්දිව ජනයා අතර බුද්ධ කාලයේදීත් ප‍්‍රචලිතව පැවතිණ. තපස්සු බල්ලූක වෙළඳ දෙබෑයන් කේශ ධාතු නිදන් කොට ගිරිහඬු සෑය සාදවා පූජා කළහ. සුමන සමන් දෙවියන්ට භාර දුන් කේශ ධාතු නිදන් කොට මහියංගණ චෛත්‍යය ගොඩනැගූ අයුරු වංශ කථාවල සඳහන් වෙයි. මෙනයින් බලන විට බුද්ධ කාලයෙහිම ධාතු වන්දනාව ලක්දිව ප‍්‍රචලිතව තිබූ බව පැහැදිළියි. අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සම කොට දළදා වහන්සේ උදෙසා පූජා සත්කාර සිදු කිරීම තහවුරුව පවතින්නේ ඒ නිසාය. දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ලැබීම ස්වකීය ජීවිතයේදී ලබන මහත් භාග්‍යයක් කොට බෞද්ධයෝ සලකති. දිනපතා තුන්වරු පූජා සතියේ බදාදා නානුමුර මංගල්ල පූජා පසළොස්වක පෝය දින පූජා හා වාර්ෂික සතර මංගල්ල පූජා ආදි වශයෙන් බුද්ධෝපස්ථාන බුදු පුද තේවා අදත් චිරාගත සාම්ප‍්‍රදායානුකූලව ශී‍්‍ර දළදා වහන්සේ විෂයෙහි ශී‍්‍ර දළදා මාලිගාව තුළ අඛණ්ඩව පැවැත්වේ.
දළදා වහන්සේ සෙංකඩගලපුරට වැඩමවීම..
සෙන්කඩගලපුර ශ්‍රි වර්ධන පුරය හෙවත් මහනුවර කන්ද උඩරට රාජධානියේ අගනුවරයි. පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා (ක්‍රි.ව. 1592 - 1604) සිය රාජ්‍ය උරැමය තහවුරු කර ගැනීම සදහා සීතාවක කුරැවිට දෙල්ගමුව රජමහා විහාරයෙහි වැඩසිටි දළදා වහන්සේ සෙංකඩගලපුැයට වැඩමවීය. එතුමා ස්වකීය රාජ මාලිගය ආසන්නයේම ඉතා මනහර මාලිගාවක් ඉදිකැවා එහි දළදා වහන්සේ වඩා හිඳුවා නන්විධ පූජාවෙන් පිදූහ. එම පළමු දළදා මාලිගාවේ පෘතුග්‍රීසීන් විසින් විනාශ කළ හෙයින් දෙවන රාජසිංහ රජු පැරණි දළදා මාලිගාව තුබූ තන්හිම දෙවන දළදා මාලිගාවක් දෙමහල් කොට ගොඩනැගීය. එම දළදා මැඳුරද ලන්දේශීන් වසින් විනාශ කළෙන් ඔහු පුත් දෙවන විමලධර්මසූරිය රජතුමා මහනුවර තෙවන දළදා මාලිගාව තෙමහල් කොට කරවීය. එම දළදා මැඳුර ජරාජීර්ණ වී තිබුනු දුටු ඔහු පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සිව්වන දළදා මාලිගාව දෙමහල් කොට ඉදිකළේය. අදත් ඔබට දක්නට ලැබෙන්නේ එම පැරණි දළදා මැදුරයි . ශ්‍රී දළදා වහන්සේ අදත් නිරැපද්‍රිතව වැඩසිටින සෙංකඩගලපුරය ලෝක උරුම නගරයක් වීමට ද එය හේතුවිය.
පළවෙනි විමලධර්මසූරිය රජතුමා රජවීමට පෙර කොලොන්තොටට ගොස් එහි සිටීමට නොහැකිව ගෝවට ගියේය. පොහෝ කාලයක් එහි සිටිය දී ගජබාහු නැමති ප්‍රධානියා මරා ලත් ජයග්‍රහණය හේතුකොට ගෙන සම්මාන ලබා නැවත ලක්දිවට පැමිණියේය. ලක්දිවට පැමිණි ඔහු උඩරට වැසියන් හා සම්බන්ධ වූ සේනාව ඇතිව බුදුන් පිරිනිවි දෙහස් එකසිය පන්තිස් වැන්නෙහි ශ්‍රී වර්ධනපුර මහ බලැති පළමුවන විමලධර්ම සූරිය නමින් ප්‍රසිද්ධ යසස් ඇති රජ කෙනෙක් වූයේය. දෙවනගල රතනාලංකාර මාහිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ හා උඩරට ප්‍රධානීනගේ සහය ලැබූ කෝනප්පු බංඩාර පීතෘ ඝාතක පළමුවන රාජසංහ රජු ඇවෑමෙන් දෝන කතිරිනා (කුසුමාසන දේවිය) සරණ කරගෙන ක්‍රි.ව . 1592 දී පළමුවන විමලධර්මසූරිය නමින් රජවිය. සෙංකඩගල පුරවරයෙහි උස් ප්‍රාකාර කරවා පර සතුරන්ගෙන් වැකෙනු වස් ආරක්ෂක ජනයන් යොදවා සියලු ලංකා රාජ්‍ය නිරැලද්‍රිත කළේය. රාජ්‍ය උරුමය සාදාගනු වස් දඨා ධාතූන් වහන්සේ වැඩසිටින්නේ කොතනදැයි විචාරා දෙල්ගමු වෙහෙර යයි දැන අතිශයින් ප්‍රසන්නව සබරගමු රට දෙල්ගමුවෙහි වැඩසිටි දන්ත ධාතුව වඩාගෙන ගෙන්වා තමන්ගේ යහපත් පුරයෙහි දවසක් දවසක් පාසා වදිනට වත් පිළිතේ කරන්නට ද තම රාජ මාලිගය සමීපයෙහි උතුම් භූමි භාගයක සික්කලු දෙමහල් දළදා මාලිගාව කරවා ගලඋඩගම තෙරුන් වහන්සේ ප්‍රමුඛ මැත් ඇමති පිරිස් යවා හිරිපිටියේ දිවනරාල සමග දළදා වහන්සේ සෙංකඩගල පුරයට වැඩමවා දළදාව එහි වඩා හිඳුවා නිරන්තර ආදර ගෞරව සහිතව රන් රැවන් වස්ත්‍රාබරණ ගම්බිම් දැසි දැස් ගව මහේෂාදි වස්තුවද පූජා කළේය.
ඔහුට පසුව රජ වූ සහෝදර සේනාරත්න නරේන්ද්‍ර තෙම (ක්‍රි.ව. 1604 ( 1635) රජ වි දානාදී පුණ්‍ය කර්මයන් හී යෙදී දන්ත ධාතු පූජා හා මහ දන් පැවැත් විය. මෙකළ කොලොන් තොට මෙකල කොලොන්තොට සිටි පරංගීන් කෙත්වතු නසා ගෙවල් දවමින් කුල පරම්පරා නසිමින් සිංහලයෝ වැනසූහ. පුරයන් ද චෛත්‍යාරාමයන් ද ප‍්‍රතිමා මන්දිරයන් ද විනාශ කළහ. මෙම අවස්ථාවෙහි දන්ත ධාතුන් වහන්සේ ගෙන්වා නිර්භය ස්ථානයන්හි පිහිටුවා දළදාරක්ෂාවෙහි නියුක්තයන් ද එහිම වස්වා පූජා විධි පවත්වමින් දන්ත ධාතුව මොනවට රැුකගත්තේය. ආක‍්‍රමන අවස්ථාවේ සේනාරත්න රජතුමා හස්තසාර වස්තු ආදින් ගෙන වැඩිමල් සහෝදර රජුගේ පුත‍්‍රයන් ද ගැබ් සහිත මහේෂිකාවන් ද රැගෙන මහියංගණයට ගියේය. මේ අතර සතුරු නායකයා කොලොන්තොට ගිනි ගෙන සතුරු ජනයා පලා යන ආකාරය සිහිනයකින් දැක බියට පත්ව ගිය අයුරු දැක සෙනරත් රජතුමා සුදුසු කල් දැන යළි මහනුවරට පැමිණියේය. එසේ පැමිණ තම පුත‍්‍රයා හා වැඩිමල් සහෝදරයාගේ පුත‍්‍රයන් ද දන්ත ධාතුන් වහන්සේ ලඟ තබා ලදුපත් ඇද කුමාරසිංහ කුමරුට ඌව රට ද, විජයපාල නම් කුමරුට මාතලේ නම් රට ද, රාජසිංහ නැමැති බාල කුමරුවාට උඩරට පස් රට ද පාවා දුන්නේය. මෙසේ ලදුපත් ඇදීමේදී ඒ ඒ පළාත් සහිත ලදුපත අනුව තමන්ගේ බාල පුත‍්‍ර රාජසිංහට උඩරට පස්රට අයිති වීමෙන් පිනැත්තෙකැයි සතුටුව දානාදී පුණ්‍යකර්ම සිදු කොට සත් වසරක් වාසය කළේය. පිය රජුගේ ඇවෑමෙන් ඒ ඒ තන්හි රජ කරමින් සිටි සොහොයුරු කුමරුවන් එකිනෙකා යුධ කරමින් ඔවුනොවුන්ට විරුද්ධ වූහ. ඔවුනතුරෙන් රාජසිංහ රජතුමා වැඩිමල් අනෙක් සහෝදරයන් පහකොට රාජ්‍ය බලය තමන් අත්පත් කරගත්තේය. වැඩිමල් සහෝදර රජු දෙවන රාජසිංහ රජ තෙමේ වික‍්‍රමාන්විතව පියා සතුව තිබූ මුළු රටම තමා සතු කරගෙන පෙර දළදා මාලිගාව පැවති තැන්හිම දෙමහල් දළදා මන්දිරයක් කරවා දළදා වහන්සේ එහි වඩා හිඳුවා පුද සත්කාර කළේය.
ඉක්බිති ඒ රාජසිංහ රජතුමාගේ පුත‍්‍ර දෙවන විමලධර්මසූරිය කුමරු රජවිය. අභිෂේක ලැබූ ඒ රජතුමා බුද්ධ ශාසනයේ ප‍්‍රසන්නව දංෂ්ට‍්‍රා ධාතු පූජාදිය සියල්ල නොයෙක් පරිද්දෙන් ආරම්භ කොට දළදා වහන්සේ උදෙසා මනෝරම්‍ය වූ නොයෙක් කර්මාන්තයන්ගෙන් බබලන තුන්මහල් දළදා මාලිගාවක් කරවා රිදී විසිපන්දහසකින් මනහර කඬුවක් කරවා එය රනින් ආලේප කොට නවරත්නයන් ඔබ්බවා රත්න චෛත්‍යයක් සමාන වූ එම මහ කරඬුවෙහි සර්වඥ දාඨා ධාතුන් වහන්සේ වඩා හිඳුවා තැන්පත් කළේය.
ඒ රජතුමාට පසුව ඔහු පුත් වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ නම් කුමාරයා රජ වූයේය. ස්වකීය පියාණන් විසින් දන්ත ධාතුන් වහන්සේ උදෙසා මහනුවර කරවන ලද මන්දිරය ජීර්ණ වූවා දැක කම්පිතව අභිනවයෙන් දෙමහල් උතුම් සුබ ප‍්‍රාසාදයක් කරවීය. නානාවිධ විචිත‍්‍ර කර්මයෙන් බබලන ද්වාරයෙන් යුක්ත කොට කලධෞත පර්වතයක් මෙන් සුණුවමින් බැබලූම් ඇති කොට පලයෙන් අලංකාර කොට මාලකද්වයෙහි බිත්ති මත විදුර ජාතයෙ ගුත්තිල, උම්මග්ග, ජාතකය, දධිවාහන, මහාකණහ, සුතනු ජාතකය, ජද්දන්ත ධම්මද්වජ, ධම්මපාල, ජාතකය, මහාජනක ජාතකය, පදමානවක ජාතකය, ධම්මසොණ්ඩි ජාතකය, මහානාරද ඛස්සප ජාතකය, මහාපදුම, තෙලපත, චුල්ලපදුම, ජාතකය, සත්තුභත්ත ජාතකය, අන්ධභූත, චම්පෙය්‍ය, සස ජාතකය, විසයහ කුස, සුතසෝම, සිවි, තේමිය යන ජාතක ද චුල්ල ධනුද්ධර ජාතකය, සච්චංකිර ජාතකය, දුම්මේධ ජාතකය, කාලිංග බෝධි ජාතකය, සීලව ජාතකය, මාණ්ඩබ්බ ජාතකය හා වෙස්සන්තර යන මේ ජාතක දෙතිස විචිත‍්‍ර වූ සිතුවමින් අඳවා නිමවා ශෝභාමත් කළේය. ලෝකයට අසහාය නායක සර්වඥ වූ මුනින්ද්‍රයන් වහන්සේගේ ධාතුන් වැඞීමෙහිලා එක් රියන් හමාරක් උස කරඬුවක් කරවා සර්වණයෙන් ආලේප කොට මැණික් ගල් හත්සියයක් ද බඳවා ඒ සධාතුක කරඬුව අනේක වූ සද්ධර්ම පුස්තකයන් ද කැප කොට පූජා කළේය. අද ද දක්නට ලැබෙනුයේ ඒ විසිතුරු දළදා මාලිගාවය. දානාදි පිංකම්හි යෙදුණු එතුමා දන්ත ධාතු පූජා ද දවසක් දවසක් පාසා සිදු කොට මහා පුණ්‍ය සම්භාරයක් අත් කරගත්තේය. නරේන්ද්‍රසිංහ රජතුමා සුගත චීවර ප‍්‍රමාණ වූ සිවුරක් කරවා පූජා වස්තුවෙන් නොයෙක් පරිද්දෙන් සර්වඥ දාඨා ධාතුව පිදීය.
ඒ රජුගේ ඇවෑමෙන් අග මෙහෙසියගේ බාල සොහොයුරු ශී‍්‍ර විජය රාජසිංහ නමින් රජවිය. එතුමාගේ බිසෝවරුන් ශ‍්‍රද්ධාවෙන් සකස් කොට සර්වඥ දන්ත ධාතුවට දවසක් දවසක් පාසා සමන් මල් ආදි නානාවිධ පුෂ්පයෙන් ද සුවඳ තෙල් යෙදූ පහනින් ද නානාවිධ සුවඳ දුමින් ද සක්කරයෙන් හා මීයෙන් ද, අනෙකුත් භේසජ්ඣයෙන් ද වස්ත‍්‍රාභාරණ ආදියෙන් ඛාජ්‍ය භෝජ්‍ය ලෙයිය පෙයිය හා රස විදිය යුතු දෙයින් පූජාවෙන් ද රජත ස්වර්ණමය පාත‍්‍රයෙන් ද තිර හා ඇතිරියෙන් ද, නානාවිධ පරිස්කාරයෙන් ද, මාහැඟි චීවරයෙන් ද, පුදා පුණ්‍ය රාශියක් රැස් කළේය.
• මෙරජු සමයෙහි අභිනවයෙන් ධාතු මන්දිරයෙහි වඩා හිඳුවීමෙන් මහත් දෝෂයක් වන්නේ යැයි කී මිසදුටු බස් අසා අන්‍යයන් ලවා කරවන්ට නියෝග කොට අගනුවරින් බැහැරව වෙනත් නුවරකට ගොස් වාසය කළේය. එවිට ඇමතියන්, වාත්තුකරුවන් ආදින් සමඟ එකතුව කරඬුව විවෘත කිරීමට කරන ලද උත්සාහය සඵල නොවූ තැන ඇමතියෝ ඒ පුවත මහරජුට සැල කළහ. එබස් ඇසූ රජතුමා යුහුසුළුව අවුත් නානාවිධ සුවඳ පුෂ්පයන්ගෙන් ද පහන් දුම් ආදියෙන් ද පුදා වැඳ යතුරු මුද්‍රාව ගෙන එකෙණෙහිම කරඬුව විවෘත කළේය. පිළිවෙලින් කරඬුව විවෘත කර ඇතුල් කරඬුවෙහි වූ සර්වඥයන් වහන්සේගේ දංෂ්ට‍්‍රා ධාතුව දැක තමා ලැබූ ආත්මය සඵලවී යැයි ප‍්‍රීතියෙන් නුවර වැස්සන් රැුස් කරවා මහ සැණකෙළි පවත්වා පුද සත්කාර කළේය. ඒ අද්භූතය දැක ප‍්‍රීති ප‍්‍රමෝදයට පත් රජතුමා මිණිමුතු ආදියෙන් දන්ත ධාතුන් වහන්සේ පුදා දන්ත ධාතුව සිය හස්තය නැමති පද්මයට ගෙන සියල්ලටනම ප‍්‍රදර්ශනය කළේය.
පෙර රජුන් කරවන ලද ධාතු මන්දිරය ස්වර්ණයෙන් විසිතුරු කොට නානාවිධ වස්තුවෙන් සරසා නානා විධ සුවඳ තෙලින් පහන් දල්වා, පුන්කලස් තබ්බවා, දේවමන්දිරයක් සෙයින්, විචිත‍්‍ර වූ ඒ මැදුරෙහි රිදී අසුන් මත්තෙහි සර්වඥයන් වහන්සේගේ දළදාව වඩා ධාතු පූජා කළේය. නුවර සරසා සුද්ධ කරවා සකස් කොට වැලි ඉස ඒ දන්ත ධාතු පූජාවෙහිලා ධාතු මන්දිරය හාත්පස ඇතුළු මළුව, පිටත ආලින්දය රජමළුව හා සියළු වීදි දෙපස උස්වූ ඇද නැති තොරණ් සාදවා කෙසෙල් ගස් බැඳ පුවක් මල් පොල් මල් ආදියෙන් සැරසීය. ඒ රජතුමා දාගෙයින් නික්ම රිදී කුඩයෙන් ද රන් කරඬුවෙන් ද මනා සෙමර පෙළින් ද රන් රිදී ආදි නානාවිධ පුෂ්ප ජාතියෙන් ද නානාවිධ පූජා වස්තුවෙන් ද නොයෙක් පංචාංග තූර්යාදියෙන් ද නොයෙක් මහපුද පවත්වමින් උතුම් දළදා දන්ත ධාතුව දක්වා අවට සිටි ජනයා සතුටු කොට එය යථා ස්ථානයේම වැඩුයේය. රාජාධි රාජසිංහ රජතෙමේ ස්වකීය පුරයෙහි ද, රටවල ද ඒ ඒ තැන්හි චෛත්‍යන්හි එක දවසින්ම පහන් පුද කෙරෙත්වායි ආඥා කොට ජන සමූහයා රැුස් කරවා සත් ලක්ෂ අනූ දහස් සත්සියයක් පහනින් පූජා කළේය. දංෂ්ට‍්‍රා ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට එක්රියන් හමාරක් උස්වූ රන්මුවා කරඬුවක් ද කරවා මිණි මුතු ආදියෙන් බඳවා හමාර කිරීමට පෙර මිය ගියේය. ක්‍රි.ව.1713 ඇසළ මස පුරපසළොස්වක දින සතවක නම් තිථියලත් ශනිදින ශී‍්‍රමත් දළදා වහන්සේට සවර්ණමය පාත‍්‍රයක් බිසවගේ මතක දානය සඳහා පිදීය.
විජය රාජසිංහ රජුට පසුව රජවූයේ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුය. ධාර්මික පාලකයෙක් වූ ඔහු චක‍්‍රරත්නය ආරක්ෂා කරන සක්විති රාජයෙකු මෙන් දළදාව රැුක්කේය. පෙර රජුන් පවත්වාගෙන ආ පරිද්දෙන් පූජාවන් ද අළුත් පුද සිරිත් ද මනාව ඉටු කළේය. දළදා මාලිගය පිළිසකර කරවා රන් රිදී මුතු මැණික් ආදියෙන් ද, උඩු වියන් වටතිර සිවුරු පිරිකර හා විවිධාභරණ වලින් ද, ඇත් අස් ගව මහීෂාදීන් ද, දැසි දස් ග‍්‍රාම ක්ෂේත‍්‍ර ආදියෙන් ද පිදීය. විජය රාජසිංහ රජු දවස කරවා නිම නොකළ රන් කරඬුවක් නිම කිරීමට සිතා සත් නිකක් අධික කොට ඇති රන් දෙදහසකින් කරවන ලද මැණික් වන් මනහර සේ කරඬුව නිමවා මුදුනෙහි මහාර්ඝ දියමන්තියක් ඔබ්බවා තවත් දියමන්ති 160 ක් ද පුෂ්පරාග 171 ක් ද නිල් කැට 585 ක් ද රතු කැට 4880 ක් ද මුතු 778 ක් ද බැඳ විසිතුරුව නිම කළේය. විමලධර්මසූරිය රජතුමා කරවූ කරඬුව රන් ආලේප කොට මහත් බුදු පුද උත්සවයක් පවත්වා දළදා වහන්සේ එහි තැන්පත් කළේය.
සියම් දේශයෙන් වැඩි ප‍්‍රවර උපාලි තෙරුන් හා වැලිවිට සරණංකර සඟ රජ මාහිමි උවදෙසින් වර්තමානයේ පවත්නා ආකාරයට දළදා පෙරහැර පෙරටු කොට සිව්මහා දේවාල පෙරහැර වීදි සංචාරය කිරීමේ සිරිත ඇරඹුනේ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමාගෙනි. එතුමා තමන් එතෙක් භාවිතා කළ රන්හිලිගෙය ධාතු කරඬුව තැන්පත් කිරීම සඳහා පූජා කළේය. රනින් නිම වූ මුතු මැණික් ආදියෙන් සරහන ලද දැකුම්කළු වටිනා මාල පළඳනා අතර අග මෙහෙසියගේ වටිනා මාල පළඳනාවෙක් සැරසී ඇති පෙරහැර කරඬුව පූජා කළේ ද මෙතුමා විසිනි. මෑතක් වන තුරුම දළදා පූජා කාර්යයන්හි භාවිතා කෙරුණු අටපිරිකර පූජා කරනු ලැබූවේ ද රනින් හා මාණික්‍යයෙන් අලංකෘත වූ අවාන රන්මිට සහිත චාමරය, වටිනා මාණක්‍යයෙන් හා රනින් නිමවූ දළුමුර තට්ටුව කරවා පූජා කළේ මෙතුමා විසිනි. කවිකාර මඩුවේ ප‍්‍රයෝජනයට ගන්නා රිදී උඩැක්කි දෙක ද පන්තේරු දෙක ද මෙතුමාගේ පූජාවකි. තම කේෂ කලාපය හා හිස්වැසුම සමඟ ඇඳුම් කට්ටලයක් ද බුදුබව පතා දළදා වහන්සේට පි¥හ.
1765 දී ලන්දේසිහු උඩරට රාජධානිය අල්ලා ගත්හ. රජු පිරිවරත් සමඟ දළදාව හා සාරධනය ද බිසව ද සඟවාගෙන රට මැදට ගොස් සැඟවුනේය. වසරක් පමණ හඟුරන්කෙත වඩා හිඳුවා එහි පුද සත්කාර කර නැවත කෙවුල්ගමට වඩමවා මැදමහනුවර කුණ්ඩසාලේ හරහා සෙංකඩගලට වැඩමවා රජු අතින්ම මහ කරඬුවේ තැන්පත් කළේය.
ඒ රජු ඇවෑමෙන් රාජධි රාජසිංහ මහනුවර රජවිය. ඔහු ද දළදා වහන්සේ උදෙසා ශ‍්‍රද්ධාවෙන් එක රැුයක පහන් ලක්ෂයක් දල්වා පූජා පැවැත්වීය.
ඉන්පසු ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි. ව. 1798 - 1815) රජවිය. ඔහු ද දළදාව රැුකගැනීමට මහනුවරින් පලාගොස් කිතුල්පේ මන්දිරයක තැන්පත් කළේය. කිතුල්පෙන් වෑගම ගල්ලෙන් විහාරයට ද සතුරු බිය පහවූ විට යළි කිතුල්පේට වැඩමවා පසුව හඟුරන්කෙත අරත්තන, මැදපිටිය විහාරය, වල්ලිවල, කුණ්ඩසාලේ ආදි ස්ථාන වලට දළදාව වැඩමවා යළි මහනුවරට වැඩමවූහ. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජතුමා මෙම ජයග‍්‍රහණය සමරනු වස් ඇසළ පෙරහැර පවත්වා සුදු අසුන් යෙදූ රථයක නැගී දින පහක් රජුම සහභාගි වූ බව කියවේ. ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේ උදෙසා පුද සිරිත් ඉටු කරමින් ක‍්‍රි. ව. 1802 - 1812 උඩරට වාස්තු විද්‍යාවේ අග‍්‍රගණ්‍ය නිර්මාණයක් වූ පත්තිරිප්පුව ද එහි ඉදිරිපසින් දර්ශනීය වාරැුලි බැම්ම ද කරවීය. මහනුවර නගරයට හා ශී‍්‍ර දළදා මාලිගාවට චමත්කාර දර්ශනයක් ඇතිකර දෙන්නා වූ කිරි සයුර නම් වූ මහනුවර වැව 1807 දී කරවනු ලැබූයේ ද ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජතුමාය.
1815 මාර්තු 02 වනදා දළදාව ඉංග‍්‍රීසිනට අයත් විය. රජු හා රදළ ප‍්‍රධානින් අතර පැවති බලලෝභි විරසකය නිසාත් ඉංග‍්‍රීසින් තුළ පැවති කපටිකම් හා නවීන යුධ ශක්තිය නිසාත් 1815 මාර්තු 02 වන දා බුද්ධ වර්ෂයෙන් වසර 2358 පමණ රජවරුන් සතුව තිබූ දළදා හිමිකම හා උරුමය අහෝසි වී සමස්ත ලෝකවාසි බෞද්ධ දුර්භාග්‍යක ප‍්‍රතිඵලයක් වශයෙන් අන්‍යාගමික බටහිර ජාතියකට දළදාවේ භාරකාරත්වය පැවරිණ.
1815 ඉංග‍්‍රීසින්ගේ උඩරට ගිවිසුමට පෙරාතුවම ඊට ආසන්න කාලයෙහි දළදා වහන්සේ මහනුවර තබාගැනීම නුවණට හුරු නොවන බව සිතා මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් එවකට සිටි කපුවත්තේ දියවඩන නිලමේතුමාගේ නිල කාලයෙහි කොත්මලේ පුසුල්පිටිය විහාරයට දළදාව වැඩමවූ බව දළදාවංශය හෙවත් දංෂ්ට‍්‍රා ධාතු කථාහි සඳහන් වේ.
එම කාලය තුළ සිරිත් පරිදි වාරියපොල ශී‍්‍ර සුමංගල අනුනාහිමි මහනුවර දළදා මාලිගාවේ තේවා කටයුතු වල යෙදී සිටියහ. මේ අයුරින් මහනුවරින් පිටත වැඩමවා තිබූ දළදා වහන්සේ යළි මහනුවරට වැඩමවා ගැනීමට ඉංග‍්‍රීසිහු උනන්දු වූහ. 1815 අපේ‍්‍රල් 24 වන දින දළදා වහන්සේ හිඳගල සිට මහනුවරට සුභ නැකතින් මහ පෙරහැරින් වැඩමවා තැන්පත් කළ බව වාර්තා වේ.
1818 ඌවේ කැරැල්ල ඇතිවූ අවස්ථාවේදී නැවතත් දළදා වහන්සේ සඟවාගෙන ගිය බව පැවසේ. වීර කැප්පෙටිපොල හ හඟුන්කෙත රැස්ව සිටි පිරිසට කුරුණියක් පෙන්වා හේවායන් දෙදෙනෙකු විසින් මහනුවර සිට දළදා වහන්සේ වැඩමවූ බව ප‍්‍රකාශ කොට සිටියේය. දළදාව ප‍්‍රදර්ශනය කළ ඔහු මෙසේ දළදා වහන්ස් තමන් සතු බව ප‍්‍රකාශ කොට ජයග‍්‍රහණය නියත බව ප‍්‍රකාශ කළේය. ක‍්‍රි. ව. 1818 නොවැම්බර් මස 01 වන දින ලැබුණු ඔත්තුවකට අනුව 1818 නොවැම්බර් 02 වන දා ඉංග‍්‍රීසි සෙබළුන් විසින් භික්ෂූන් වහන්සේ නමක් පොදි කීපයක් සමඟ අල්ලා ගන්නා ලදී. ඒ පොදි අතර දළදා වහන්සේ රැදි කරඬුව ද හමුවී ඇත.
මෙසේ 1815 සිට 1847 දක්වා කාලය තුළ අවස්ථා කීපයකදී හැර අනෙක් කාලය තුළ දළදා වහන්සේ ඉංග‍්‍රීසි පාලකයන්ගේ භාරයේ පැවතිණ. එහෙත් මිෂනාරි පූජකයන්ගේ හා ක‍්‍රිස්තියානි ආගමිකයන්ගේ විරෝධය මත 1846 දී ජූනි මස 25 වන දින ලියා ඇති වාර්තාවකින් ස්ටැන්ලි සාමිවරයා ආණ්ඩුකාරයාට දුන් උපදෙස් අනුව ආණ්ඩුකාරයාගේ උපදේශකයෝ ද බෞද්ධයනට දළදාව පවරා දීමට නිර්දේශ කිරීමට එකඟ වූහ. මේ අනුව 1846 අංක 02 දරණ ව්‍යවස්ථාවෙන් මධ්‍ය මණ්ඩලයක් පත්කරන ලදී. ඉහත කී භාරකාර මණ්ඩලයට දළදාව පැවරූ බව ක‍්‍රි. ව. 1853 අපේ‍්‍රල් 07 වන දින යටත් විජිත භාර ලේකම් මධ්‍යම පළාක් ආණ්ඩුකාරවරයාට යැවූ ලිපියක සඳහන් වේ. නමුත් 1847 කැරැල්ල හේතු කොටගෙන නැවත වරක් දළදා වහන්සේ ඉංග‍්‍රීසින්ගේ භාරයට පත්විය. යළි 1853 අපේ‍්‍රල් 07 වන දින යටත්විජිත භාර ලේකම් මහනුවර ඒජන්තවරයාට යවන ලද අංක 152 දරණ රාජඥාපත‍්‍රයෙන් 1853 දී දළදා වහන්සේ සිංහල පක්ෂයට භාරදෙන ලදී. එසේ භාරවූයේ මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනමට හා දියවඩන නිලමේවරයාටය. එතැන් සිට අද දක්වාම දළදා වහන්සේ හා ශී‍්‍ර දළදා මාලිගාව මෙම තුන් පාර්ශවය භාරයේ අඛණ්ඩව පවතී.


















