Poson

  ලක්වාසී බෞද්ධ ජනයා හට කිසිලෙසකවත් කළගුණ සලකා නිම කිරීමට නොහැකි තරම්ම, ලක්වාසීන්ට කල්‍යාණ මිත‍්‍රයෙකු වූ මිහිඳු මහරහතන් වහන්සේව සුවහසක් සැදැහැවතුන්ගේ සිත් තුළ භක්ත්‍යාදරයෙන් සිහිපත් වන උතුම් කාලයකි මේ උදාවන්නේ. ඒ පින්බර පොසොන් පොහොයයි. පොසොන් පොහොය කී විට මහින්දාගමනය, මිහින්තලාව අනායාසයෙන් සිහිපත් වන තරමට එය ලක්වැසි බොදුනුවන්ගේ ජීවිතයට පටිබද්ධ වූ දිනයක්ය. ඒ මක් නිසාද යත්, මෙලොව පරලොව දෙලොවටම හිතසුව පිණිස පවතින බිය රහිතව සරණ යාහැකි උතුම්ම සරණ වූ තෙරුවන් සරණ මේ ලක්දිවට ලැබුනේ පොසොන් පෝය දිනයේ දී බැවිනි. එම දායාදය මෙහි රැගෙන ආවෝ අනුබුදු මිහිඳු මහ රහත් තෙරපාණෝය.

ලක්දිව මුටසීව රජු රාජ්‍ය කරන කල්හී, දඹදිව රාජ්‍ය පාලනය කළේ අශෝක අධිරාජ්‍යයාය. අතිශය කෲර යුද වැදීමකින් අනතුරුව කාලිංගය ද තම රාජ්‍යයටම යටත් කොටගත් අශෝක රජු දඹදිව අධිරාජ්‍යය බලයක් පිහිටුවා ගත්තේය. එහෙත් දික් විජය නම් වූ යුධ වැදීමේදී මිය ගිය සුවිශාල මිනිස් ජීවිත ගැන ඔහු තුළ මහත් සන්තාපයක් විය. එය සංසිඳුවා ගනු නොහී පසුතැවිල්ලෙනි රජු කල් ගත කළේ.

මාලිගාවේ ජනේලයෙන් වීදිය දෙස බලාසිටි අශෝක රජු කැලඹුණු මිනිසුන් අතරේ දුටු අසිරිමත් දසුනකි. හත් හැවිරිදි නිග්‍රෝධ රහත් සාමණේරයන් වහන්සේ ශාන්ත පියොවින් මාර්ගයේ ගමන් ගනී. දුටු පමණින් පහන් වූ රජු ඒ සාමණේරයන් වහන්සේ සිය රජ මැදුරට වැඩම කරවා කතාබස් කළේය. නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේ චණ්ඩාශෝක නමින් ප‍්‍රකටව සිටි දෘඪ සිත් ඇති අශෝක අධිරාජ්‍යයා හට ධම්මපදයේ අප්පමාද වර්ගයේ ගාථා වලින් දහම් දෙසූ සේක. ඒ ධර්මාශෝක රජු බිහිවීමේ ආරම්භයයි.

අතිශයින්ම බුදු සසුන කෙරෙහි පැහැදුනු අශෝක අධිරාජ්‍යයා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා බුදු සසුනට පූජා කළේය. තම ලෙයින් උපන් මිහිඳු කුමාරයාත්, සංඝමිත‍්‍රා කුමරියත් සසුන්ගත කරවූයේය. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ හා එක්ව රාජ්‍ය අනුග‍්‍රහයෙන් තෙවැනි ධර්ම සංගායනාව කොට සසුන්කෙත පිරිසිදු කරලීමට දායක වූයේය. ධර්ම විජය යටතේ ධර්මදූත ශ‍්‍රාවක පිරිස් පිටත්කොට බුදුරජුන්ගේ ධර්මය ව්‍යාප්ත කරවීය.

ඒ ධර්මවිජය වැඩපිළිවෙළෙහි ප‍්‍රතිඵලයක් ලෙසය අප ලක්දිවට මේ ශ්‍රී සද්ධර්මය දායාද වූයේ. එකල මේ ලක්දෙරණ පාලනය කළ දෙවනපෑතිස් රජු පොසොන් පොහෝ දින දඩකෙළිය පිණිස මිහින්තලාවට පැමිණියේය. ඒ උතුම් පුන් පොහෝ දිනයේදී “අනුබුදු” නමින් ලක්වැසියන්ගේ ගෞරවාදරයට පත් මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර යන මහරහතන් වහන්සේලාත් භණ්ඩුක නමැති උපාසකත් යන ධර්මදූත කණ්ඩායම මිහින්තලාවේදී දෙවනපෑතිස් රජු හට හමු විය.

“සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා”

“මහරජ, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ ශ‍්‍රමණයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු” යි රජුට පැවසූ මිහිඳු මහ රහතන් වහන්සේ රජුගේ නුවණැති බව විමසීමට ප‍්‍රශ්න කළේය.

මහා පින්වන්ත දේවානම්පියතිස්ස රජුගේ නුවණැතිබව දැනගත් උන්වහන්සේ ඒ මොහොතේ පටන් මේ ලක්වැසියන්ගේ දෙලොව අභිවෘද්ධිය තකා කටයුතු ආරම්භ කළේය. නිර්මල සම්බුද්ධ දේශනා මගින් ලක්වැසියන්ගේ සිත් තුළ ශ‍්‍රද්ධාව ජනිත කරවා, මාර්ගඵල ලාභීන් බිහිකරවා, ගෞතම බුදු සසුන මෙලක් දෙරණේ ස්ථාපිත කරවා අනුපමේය සේවයක් කරමින් තෙරුවන් සරණ මූලික කරගත් සොඳුරු සංස්කෘතියක් බිහිකරවූවෝ, දෙලොව යහපත පිණිස කටයුතු කරනා උතුම් මිනිස් පරපුරක් මෙලක් දෙරණේ බිහිකරවූවෝද අප ලංකාද්වීපයට උතුම්ම කලණ මිතුරාණන් වූ මිහිඳු මහරහතන් වහන්සේ ය.

වත්මන් අපටත් තෙරුවන් පිහිට, ධර්මයේ පිහිට ලැබීමට අවස්ථාව ලැබුණේද උන්වහන්සේ නිසාවෙන්මය. එනිසා මේ පින්බර පොසොන් පොහෝ දිනයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිහි කරමින් අපිත් උන්වහන්සේ මේ ලක්දිවට දායාද කළ අකාලික වූ නිර්මල ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ සලසා ගන්නට මහන්සි ගනිමු.

(අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.)

News & Events

07
Nov2023
විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත්...

13
Sep2022
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න...

30
Mar2021
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

" රටකි දැයකි ලොවකි ඇය "  ...

09
Mar2021
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය  පසුගිය දිනක...

03
Mar2021
බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්........

18
Feb2021
 1920 කෘෂි උපදේශන සේවාව

1920 කෘෂි උපදේශන සේවාව

  ලාංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටළුවලට...

16
Feb2021
ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

   බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වාභාවික ආපදා...

12
Feb2021
අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස්...

Scroll To Top