FB IMG 1663048333283

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…
 
ලොව පුරා මිනිසුන් මේ වනවිට පසු කරමින් සිටින්නේ ඉතාමත් තීරණාත්මක කාල වකවානුවක්. රටක් ලෙස  ශ්‍රී ලංකාව ආර්ථික සහ දේශපාලනමය අර්බුදකාරී තත්වයකට මුහුණ දෙන අතර තුර මුළු මහත් ලෝකයම අඩපණ කල කොවිඩ්-19 සහ වසංගතය, රටවල් අතර වර්ධනය වන යුධමය තත්වයන්, දේශගුණ විපර්‍යාස වල බලපෑම වැනි හේතු කාරණා පදනම් කරගෙන බරපතල ආර්ථික සහ සාමාජයීය ගැටලු වලට මුහුණ දෙන්නට බොහෝ රටවලට මේ වනවිට සිදු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇතිවී පවත්නා ආර්ථික අර්බුදය හමුවේ අපේ පෝෂණයට ඇතිවිය හැකි බලපෑම ගැන නොයෙක් පුරෝකථනයන් ඔබ දැනටමත් දැක ඇතිවාට සැක නැහැ.
මෙවන් ආර්ථික වශයෙන් අර්බුදකාරී වකවානුවක ස්වභාවිකවම ලැබෙන පෝෂණ ප්‍රභවයක් ලෙස මව්කිරිවල ඇති වටිනාකමත් ඔබට අවධාරණය කරන්නට අප කටයුතු කලා ඔබට මතක ඇති. ළදරුවාගේ පළමු මාස හය සම්පූර්ණ වන තුරු මව් කිරි පමණක් ලබාදීම තුලින් අවශ්‍ය සම්පූර්ණ පෝෂණය ලබාගැනීමේ ඇති හැකියාවත්, කායික වර්ධනයට මෙන්ම මානසික සංවර්ධනයටත් එහි ඇති වැදගත්කමත් අප ඔබ සමඟ සාකච්ඡා කරනු ලැබුවා. එම සටහනෙහිම දිගුවක් ලෙස පළමු මාස හය සම්පූර්ණ වූ දරුවෙකුගේ පෝෂණය රැකගැනීම සඳහා මේ අභියෝගාත්මක වකවානුවේ අපට කලහැකි දෑ පිළිබඳව විමසා බැලීමටයි අපගේ මේ උත්සාහය.
ළදරුවාට මාස 6 සම්පූර්ණ වීමෙන් පසුත් අමතර ආහාර සමඟ මව්කිරි ලබාදීම අවුරුදු දෙක තෙක් හෝ ඊට වැඩි කාලයක් කළ යුතු බව ඔබ දන්නවා. 
මාස 6 සිට පළමු වසර සම්පූර්ණ වන තෙක්, දිවා කාලයේ දී තුන් හතර වතාවක් සහ රාත්‍රී කාලයේදී එක් වතාවක් වශයෙන් මව් කිරි ලබාදිය හැක. එමෙන්ම පළමු වසර සම්පූර්ණ වීමේ සිට අවුරුදු 2 වන තෙක් දිවා කාලයේ දෙතුන් වතාවක් මව්කිරි ලබා දීම සුදුසු වනවා. වයස අවුරුදු දෙකෙන් පසුවත් දිවා කාලයේ දී මෙලෙස ම මව්කිරි ලබා දීමට හැකියි. ඉහත කී පරිදි මව්කිරි ලබන දරුවන්ට වෙනත් කිරි ආහාර ලබා දීම අත්‍යවශ්‍ය නැහැ. මේ අයුරින් මව්කිරි ලබාදීම කළමනාකරණය කරගැනීමට ඔබට හැකියාවක් පවතී නම් වෙනත් කිරි වර්ග සඳහා වැයවෙන විශාල මුදල ඉතිරි කර ගැනීමට එය රුකුලක් වනු නොඅනුමානයි. 
වැඩිහිටියෙකු සමඟ සැසඳූ විට කුඩා දරුවෙකුට දිනකට අවශ්‍ය ආහාර ප්‍රමාණය කුඩා වුවත් එහි අඩංගු පෝෂණය වයසට ගැලපෙන පරිදි පවත්වාගැනීම ඉතාම වැදගත්. ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ඔබ ඉතිරි කරගන්නා මුදල් සකසුරුවමින් පරිහරණය කරමින් දරුවන්ට අවශ්‍ය වන කුඩා ආහාර ප්‍රමාණය පෝෂ්‍යදායී ලෙස ලබා දෙන්නේ කෙසේ දැයි දැන් අප සාකච්ඡා කරන්නට සූදානම්. 
හැකි සෑම අවස්ථාවකදී ම නිවසේදී ආහාර වේල සකසාගැනීම, මුදල් ඉතිරි කරගැනීමේ මඟක් මෙන්ම ආහාර වේලේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරගැනීමට ගත හැකි ප්‍රධානතම ක්‍රියාමාර්ගයක්. 
මාස හයේ සිට පළමු වසර සම්පූර්ණ වන තෙක් ඔබේ දරුවාට ලබාදෙන ආහාර වේල සකසා ගැනීමේ දී ඔබේ ගෙවත්තෙන් හෝ වෙළඳපොළෙන් අඩු මිලට ලබා ගත හැකි කොළ පලා වර්ග (උදා: මුරුංගා , කතුරු මුරුංගා) , දේශීය කහ පැහැති එළවළු සහ පලතුරු වර්ග ලබා දිය හැකිය.
ප්‍රෝටීනමය ආහාර ලෙස කුඩා මාළු, වේලා කුඩුකරගන්නා ලද හාල්මැස්සන් , කූනිස්සන්, වැව් මාළු, බිත්තර, පරිප්පු , සෝයා වැනි ආහාර සුදුසුයි.
පිෂ්ටමය ආහාර ලෙස නිව්ඩු සහල්, බතල, දේශිය අල වර්ග, කොස්, දෙල්, මේද සංඝටක ලෙස පොල් සහ තෙල් වර්ගද යොදාගැනීමේ හැකියාව තිබෙනවා. 
පොල් කිරි හෝ තෙල් ස්වල්පයක් එකතු කිරීම, ඔබ සකසන ආහාරයේ ශක්තිජනක අගය වැඩි කරගැනීමේ උපක්‍රමයක්. 
ආහාර එක් වර්ගයකින් කුඩා ප්‍රමාණවලින් ඇති විට ඒවා කලවම්කර තනි ආහාරයක් වුවද පිස ගැනීම (උදා- මිශ්‍ර ව්‍යංජන, කලවම් බත්) කල හැකියි. එමෙන්ම මේ වකවානුවේ විශේෂයෙන් ම ආහාර අපතේ යැවීම අවම කරගැනීම වැදගත්. මේ සඳහා, මිරිකා ගත් පොල් විසි නොකර අඹරාගෙන ව්‍යංජන වලට එකතු කිරීම, කොස් ඇට / කොට්ටම්බා ආදී  පෝෂ්‍යදායී ඇට වර්ග ඉවත නොදමා භාවිතයට ගැනීම, ඉතිරි වන බත් හොඳින් වියළා කුඩු  කර කෙටි ආහාර නිවසේදීම සකසා ගැනීමට හුරුවීම ආදිය මෙන්ම සහ තවත් නිර්මාණශීලී පිරිමැසුම් උපක්‍රම ඔබට යොදාගත හැකියි. 
වයස අවුරුද්දක් වනවිට දරුවා පවුලේ අනෙක් අය ගන්නා ආහාර වලට හුරු කල යුතු අතර , නිවසේ සියලු දෙනා එක්ව ආහාර ගැනීම තුලින් දරුවාට ආහාර ගැනීමේ හොඳ පුරුදු ඉගෙනගැනීමටත් හැකියාව ලැබෙනවා. 
අප අතරින් බොහොමයකට ආර්ථික වශයෙන් දුශ්කර මේ අවස්ථාවේ, දරුවාට වයසට අවශ්‍ය නිසි පෝෂණය නොඅඩුව ලබා දෙන්නට ඔබ දරන උත්සාහයට මෙම කරුණු යම් උපකාරයක් වන්නට ඇතැයි අප අපේක්ෂා කරනවා. මේ දැනුම ඔබේ සමීපතමයන් හා බෙදා හදා ගන්නටත් ඔබ නොපැකිල කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා.
 
(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය)

News & Events

07
Nov2023
විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත්...

13
Sep2022
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න...

30
Mar2021
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

" රටකි දැයකි ලොවකි ඇය "  ...

09
Mar2021
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය  පසුගිය දිනක...

03
Mar2021
බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්........

18
Feb2021
 1920 කෘෂි උපදේශන සේවාව

1920 කෘෂි උපදේශන සේවාව

  ලාංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටළුවලට...

16
Feb2021
ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

   බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වාභාවික ආපදා...

12
Feb2021
අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස්...

Scroll To Top