කොරෝනා වෛරසය: වසංගතය අවසන් වී ජීවිතය යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද?6 Coronavirus COVID 19 Considerations for Telehealth Providers

ලෝකය වැසී යමින් තිබේ. ලොක්ඩවුන් කිරීම්, පාසල් වසා දැමීම්, සංචාරක සීමා සහ පුද්ගල ඒකරාශී වීම් වැනි දැවැන්ත සීමා පැනවීම් හරහා ජනාකීර්ණ කාර්යබහුල නගර නිසොල්මන් ස්ථාන බවට පත්ව තිබේ.

මෙම තත්ත්වය යම් රෝගයක් වෙනුවෙන් ලැබුණු අසමසම ගෝලීය ප්‍රතිචාරයකි. මෙම තත්ත්වය අවසන් වන්නේ කවදා ද? යළිත් අපගේ ජීවිත යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද?

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ, සති 12ක කාලයකින් කොරෝනාවෛරස් වසංගතය නමැති මුහුදු රළ ආපසු හැරවිය හැකි අතර, "කොරෝනාවෛරසය යළිත් ඇසුරුම් කර ආපසු යැවිය හැකි" බවය.

එහෙත්, තවත් මාස 3කින් පමණ රෝගීන් සංඛ්‍යාව අඩු වීම ආරම්භ විය හැකි වුවත්, මෙහි අවසානය බොහෝ දුරය.

වසංගතයේ මුහුදු රළ ඉවත් කිරීමට දීර්ඝ කාලයක් ගත වනු ඇත. බොහෝවිට ඊට වසර ගණනාවක් ගත විය හැකිය.

මේ වන විට ක්‍රියාත්මක සමාජය විශාල කොටස් වශයෙන් වසා දැමීමේ උපාය මාර්ගය දීර්ඝ කාලයක් පවත්වාගෙන යා නොහැකිය. මේ හරහා සිදු විය හැකි සාමාජයීය සහ ආර්ථික හානිය ව්‍යසනකාරී වනු ඇත.

මෙම තත්ත්වයෙන් "මිදීමේ උපාය මාර්ගය" බොහෝ රටවලට අවශ්‍ය වනු ඇත. ඒ යථාතත්ත්වයට පත්වීම සඳහා සීමා ඉවත් කිරීම මගිනි.

එහෙත්, කොරෝනාවෛරසය අතුරුදන් නොවනු ඇත.

 111402722 0bca1478 9347 4b6a 969e 5bd63cb53335

වෛරසය ආපසු හැරවීමට පැනවූ සීමාවන් ඉවත් කළහොත් යළිත් රෝගීන් සංඛ්‍යාව ඉහළ යනු ඇත."මෙම තත්ත්වයෙන් පිටතට යාම සහ එසේ පිටතට යන්නේ කෙසේ ද කියන එක අපිට තියෙන ලොකු ගැටලුවක්," එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ වසංගත රෝග පිළිබඳ මහාචාර්ය මාර්ක් වූල්හවුස් පවසයි."එක්සත් රාජධානියට විතරක් නෙවෙයි, කිසි ම රටකට මෙම තත්ත්වයෙන් ඉවත් වීමට උපාය මාර්ගයක් නෑ."එය දැවැන්ත විද්‍යාත්මක මෙන් ම සමාජයීය අභියෝගයකි.

මෙම ව්‍යාකූලත්වයෙන් මිදීමට අත්‍යවශ්‍ය මාර්ග තුනක් තිබේ.

1. එන්නත් කිරීම

2. ආසාදන මගින් ප්‍රමාණවත් ජනතා ප්‍රතිශතයක ප්‍රතිශක්තිය වර්ධනය කිරීම

3. හෝ ස්ථිර වශයෙන් අපේ හැසීරීම/සමාජය වෙනස් කිරීම

මෙම මාර්ගවලින් වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව අඩු වනු ඇත.

එන්නත් නිපදවීම - මාස 12-18ක් තරම් කල් ගතවේ

එන්නතක් මගින් යමෙකුට ප්‍රතිශක්තිය ලැබෙන අතර එන්නත් ලබා ගත් පුද්ගලයින් යළිත් රෝගී වන්නේ නැත.

ප්‍රමාණවත් ජනතාවක් එනම් සමස්ත ජනගහනයෙන් 60%කට එන්නත් මගින් ප්‍රතිශක්තිය ලබා දීමෙන් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සමූහ ප්‍රතිශක්තිකරණය ලෙස හැඳින්වේ.

මෙම වෛරසයට අදාළව පසුගිය සතියේදී පළමු වරට ඇමෙරිකානු පුද්ගලයෙකුට අත්හදාබැලීමේ එන්නතක් ලබා දෙන ලදි. ඒ, සාමාන්‍යයෙන් පළමු වරට සතුන් ආශ්‍රිතව අත්හදාබැලීමේ ක්‍රමවේදය මග හැරීමට අවසර ලැබීමෙන් පසුවය.

එන්නත් පිළිබඳ පර්යේෂණ පෙර නොවූ විරූ පරිදි වේගවත්ව සිදු කෙරෙමින් පවතී. එහෙත්, එම පර්යේෂණ සාර්ථක වන්නේ ද, ගෝලීය වශයෙන් එන්නත්කරණය සාර්ථකව සිදු කිරීමට හැකි වේ ද යන්න පිළිබඳව නිශ්චිත තත්ත්වයක් නොමැත.

හොඳම අනුමානය වන්නේ, සියල්ල යහපත් ලෙස සිදුවුවහොත් එන්නතක් සමාජගත වීමට තවත් මාස 12-18ත් අතර කාලයක් ගත වන බවය. පෙර නොවූ විරූ සීමාවන් මධ්‍යයේ එම කාල සීමාව ඉතා දීර්ඝ එකකි.

"එන්නතක් එන තුරු බලා සිටීම 'උපාය මාර්ගයක්' ලෙස සැලකිය යුතු නැහැ. ඒක උපාය මාර්ගයක් නෙවෙයි," මහාචාර්ය වූල්හවුස් බීබීසී පුවත් සේවයට පැවසීය.

ස්වාභාවික ප්‍රතිශක්තිය - අවම වශයෙන් වසර දෙකක් ගත වනු ඇත

එක්සත් රාජධානියේ කෙටිකාලීන උපාය මාර්ගය නම් රෝගීන්ගෙන් රෝහල් පිරීයාම වැළැක්වීම සඳහා හැකි තරම් ආසාදිතයින් සංඛ්‍යාව අඩු කිරීමයි - දැඩි සත්කාර ඒකකවල ඇඳන් නොමැති විට මරණ සංඛ්‍යාව ඉහළ යයි.

ආසාදිත සංඛ්‍යාව අඩු කළ පසු, ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යන තෙක් සහ තවත් වටයක සීමාවන් අවශ්‍ය වන තෙක් යම් යම් සීමාවන් ටික කලකට ඉවත් කිරීමට ඉඩ ලැබෙනු ඇත.

එය සිදුවන්නේ කවදා දැයි නිශ්චිතව කිව නොහැකිය. එක්සත් රාජධානියේ ප්‍රධාන විද්‍යා උපදේශක ශ්‍රීමත් පැට්‍රික් වොලන්ස් පැවසුවේ, "නිශ්චිත කාලවකවානු ඉදිරිපත් කිරීම කළ නොහැක්කක්" බවය.

එසේ කිරීමෙන් නිරුත්සහකව තවත් පුද්ගලයින්ට ආසාදනය වන අතර සමූහ ප්‍රතිශක්තිකරණයකට යොමු වීමට සිදුවනු ඇත.

ලන්ඩන්හි ඉම්පීරියල් කොලේජ්හි මහාචාර්ය නීල් ෆර්ගියුසන් පවසන පරිදි ඒ සදහා වසර ගණනක් ගත වනු ඇත.

විකල්ප - අවසානයක් පැහැදිලි නැත

"තුන් වන විකල්පය වන්නේ වෛරස් බෝවීමට ඉඩ නොතබමින් අපේ හැසිරීම් රටාව ස්ථිරව වෙනස් කර ගන්න එකයි," මහාචාර්ය වූල්හවුස් පැවසීය.

මේ සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ඇතුළත් විය හැකිය. නැතහොත් ඕනෑ ම වසංගත තත්ත්වයකදී රෝගීන් දැඩි පරීක්ෂාවට ලක් කිරීම සහ ඔවුන් හුදෙකලා කිරීම ද විකල්ප අතර වේ.

 111402724 89eef4e2 c7f5 4ed6 9417 efbef78178a6

කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම ද තවත් උපාය මාර්ගයකි.

"බෝවීම පාලනය" නම් ක්‍රියාවලියේදී රෝග ලක්ෂණ පෙන්නුම් කළ විගස ඒවා අන් අයට බෝවීම වැළැක්වීමට ඖෂධ භාවිත කළ හැකිය.

එසේ නැතහොත් රෝගවල මාරාන්තික තත්ත්වය අඩු කිරීමට සහ දැඩි සත්කාර ඒකකවල පීඩනය අඩු කිරීමට ඖෂධ භාවිත කළ හැකිය. මෙමගින් ලොක්ඩවුන් හඳුන්වා දීමට පෙර ආසාදිත සංඛ්‍යාව පාලනය කර ගැනීමට රටවලට හැකියාව ලැබේ.

දැඩි සත්කාර ඒකකවල ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීම යනු මහා පරිමාණ වසංගත තත්ත්වයන්ට මුහුණ දීමේ ධාරිතාව වැඩි කිරීමකි.

මෙම තත්ත්වයෙන් මිදීමේ උපාය මාර්ගය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය උපදේශක මහාචාර්ය ක්‍රිස් විටීගෙන් අදහස් විමසුවෙමු.

ඔහු පැවසුවේ, "දීර්ඝ කාලයක් ගත වෙයි. පැහැදිලිව ම මෙයින් මිදෙන්න තියෙන එක විසඳුමක් තමයි එන්නතක් නිපදවීම. ඒක හැකි ඉක්මනින් සිද්ධ වෙයි කියල අපි හැමෝ ම අපේක්ෂා කරනවා."

"ගෝලීය වශයෙන් විද්‍යාව ගොඩ නැගෙන්නේ විසඳුම් මතයි."

බීබීසී සෞඛ්‍ය සහ විද්‍යා වාර්තාකරු ජේම්ස් ගැලගර්ගේ ලිපියක් ඇසුරිනි.

News & Events

07
Nov2023
විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත්...

13
Sep2022
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න...

30
Mar2021
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

" රටකි දැයකි ලොවකි ඇය "  ...

09
Mar2021
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය  පසුගිය දිනක...

03
Mar2021
බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්........

18
Feb2021
 1920 කෘෂි උපදේශන සේවාව

1920 කෘෂි උපදේශන සේවාව

  ලාංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටළුවලට...

16
Feb2021
ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

   බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වාභාවික ආපදා...

12
Feb2021
අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස්...

Scroll To Top