පරසර දනය

ජෛව විවිධත්වය හා සොබාදහම අතර ඇත්තේ අවියෝජනීය බැඳිමකි. සොබා දහමේ පැවැත්ම ජෛව විවිධත්වය මත රැුඳෙන අතර ජෛව විවිධත්වයේ පැවැත්ම ඇත්තේ සොබා දහම මතය. මේ අපූරු සබැඳියාව හෙයින්ම මෙවර ලෝක පරිසර දිනය සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානය තේමාව ලෙස නම් කර ඇත්තේද ”ජෛව විවිධත්වය - සොබාදහම’’ යන තේමාවයි.
 
 සෑම වසරකම මෙන්ම මෙවරද ලෝක පරිසර දිනය ලොව පුරා රටවල සැමරෙන අතර ලංකාවේද එය අද දින සැමරීමට ලක්වේ. සෑම වසරකම ජුනි 05 වන දිනට යෙදෙන ලෝක පරිසර දිනය ලොව පුරා රටවල් 100 ක පමණ සමරනු ලබන දිනයකි. ලෝක පරිසර දිනය පිළිබඳව මුලින්ම අවධානය යොමු වුයේ 1972 දී වන අතර එ් සඳහා වන පසුබිම සැකසුණේ එම වසරේ ආරම්භ කරන ලද එක්සත්
 
 ජාතීන්ගේ පරිසර සංවිධානය හේතුවෙනි. එ් අනුව අදාළ දිනය ලෝක පරිසර දිනය ලෙස නම් කරනු ලැබුවේ 1972 ජුනි 05 වන දින ස්විඩනයේ අගනුවර වූ ස්ටොක්හෝම් නගරයේදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව පරිසරය පිළිබඳ සමුළුවේ ආරම්භක දිනය එය වූ හෙයිනි. ඉන් පසුව මුලින්ම ලෝක පරිසර දිනය සමරනු ලැබුවේ 1974 දී වන අතර එතැන් සිට සෑම වසරකම විවිධ වූ තේමා යටතේ මෙම දිනය සමරනු ලැබීය. 1987 සිට මේ දක්වා මෙම සැමරීම සිදුකරනු ලබන්නේ ලොව කොතැනක හෝ නගරයක් අළලාය.
 
 ලෝක පරිසර දින සම්මුතිය මගින් එක්සත්  ජාතීන්ගේ පරිසර වැඩසටහන අරමුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමුකර ඇත. මෙහි ප‍්‍රධාන අරමුණ වූයේ ඇතිවන පරිසර ගැටලූ ලොව පුරා සිටින පුද්ගලයින්ගේ අවධානය සඳහා යොමු කිරීම හා එ්වාට විසඳුම් සෙවීමයි. එලෙසම පරිසර සමතුලිත බව හා තිරසර සංවර්ධනය යන අදහස නිවැරදි ලෙස ජනතාව අතරට ගෙන යෑම ද මෙහි තවත් අරමුණක් විය. පරිසරය පිළිබඳව ජනතාව අතර වන අවබෝධය ඉහළ නංවා දැනුම ලබා දීමට ද මෙම දිනය උපයෝගී කර ගැනීම කෙරෙහි අවධානය යෙමුව තිබේ. මේ හරහා උද්ගත වන පරිසර ගැටලූ විසඳා ගැනීම සඳහා ප‍්‍රජාවගේ සහයෝගය ලබා ගැනීම ද තවත් එක් අරමුණකි. මේ සියල්ලේ අවසන් අරමුණ ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානය දක්වනු ලබන්නේ අනාගත පරපුරට දිවි ගෙවීම සඳහා සුවදායි සෞභාග්‍යවත් පරිසරයක් උදා කරදීමයි.
 
 2020 වර්ෂයේ ජගත් පරිසර දින තේමාව වනුයේ ජෛව විවිධත්වයයි. සරල ලෙසම අර්ථ දැක්වුවහොත් ජෛව විවිධත්වය යනු පෘථිවිය මත ඇති ශාක හා සත්ත්ව විවිධත්වය හා එහි භාවිතයයි. මෙම විවිධත්වය ලොව ඇතැම් රටවලදී ඉතා ඉහළ අගයක් ගන්නා අතර ඇතැම් රටවල එහි අගය ඇත්තේ පහළය. ලොව පැවැත්ම උදෙසා මෙම ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුය.
 
 ශ‍්‍රී ලංකාව කුඩා රටක් වුවත් ජෛව විවිධත්වය හා සොබා දහම යන කාරණා දෙකම සලකා බැලීමේදී රට ඇත්තේ ඉහළ වත්කමකි. ලොව ජෛව විවිධත්ව උණුසුම් කලාප අතරින් ශ‍්‍රී ලංකාව සිටිනුයේ ඉහළම ස්ථානයකය. එ් අනුව ලොව ජෛව විවිධත්ව උණුසුම් කලාප 35 අතර මෙරටද සිටියි. මෙරටින් හඳුනාගෙන ඇති ශ‍්‍රී ලංකාවට ආවේණික එනම් මෙරටින් පමණක් හමුවන සත්ත්ව හා ශාක විශේෂ සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ අගයක් ගනී. මෙලෙස ජෛව විවිධත්ව පොහොසත් කලාපයක් ලෙස රටක් නම් කිරීමට නම් එරටින් වාර්තා වන සනාල ශාක 1500 ක් නැතිනම් සියයට 0.5 ක් ආවේණික විශේෂයන් විය යුතු අතර මේ අතරන් වැඩි ගණනක් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී සිටිය යුතුය. එලෙසම වන ආවරණය සියයට 70 වට වඩා අඩු වීමද සිදු විය යුතුය.
 
 එ් අනුව අප රටේ වනගහනය ශීඝ‍්‍රයෙන් පහත වැටීම හා මෙරටට ආවේණික බොහෝ සත්ත්ව හා ශාක විශේෂයන් ශීඝ‍්‍ර වේගයෙන් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සීටීම මෙලෙස ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් ලෙස ලංකාව නම් කිරීමට ප‍්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
 
 ශ‍්‍රී ලංකාව යනු කුඩා රටකි. විශේෂයෙන් මෙය ¥පතකි. එහෙත් කුඩා ¥පත් රාජ්‍යයකින් හමු නොවන ආකාරයේ ආසියානු අලියා, කොටියා, වලසා වැනි විශාල ප‍්‍රමාණයේ සතුන් දැකිය හැකිය. ලොව විශාලතම ක්ෂීරපායි සත්ත්වයා වන නිල් තල්මසා ද ශ‍්‍රී ලංකා මුහුදු තීරයෙන් හමු වේ. රටේ ජෛව විවිධත්වය රට පුරා විසිරී පවතින්නේද විවිධත්වයෙන් යුතුව වීමද විශේෂත්වයකි. මේ අනුව බලන කල මෙරට ශාක හා සත්ත්ව විවිධත්වය වැඩි වශයෙන් දැකිය හැක්කේ මෙරට තෙත් කලාපයේය. එලෙසම දැනට තර්ජනයට ලක් වී ඇති ආවේණික විශේෂ අතරින් සියයට 75 ක් පමණ හමු වන්නේද තෙත් කලාපයෙනි.
 
 මෙරට ජෛව විවිධත්වයට එල්ලවූ මරු පහරකට නිදසුනක් ලෙස පසුගිය දිනක මද්දකට හසුව මිය ගිය කළු කොටියා දැක්විය හැකිය. එලෙසම පසුගිය කාලයේදී මෙරට කඩොලාන ගහනයට දැඩි තර්ජන එල්ල විය. එලෙසම අප රටේ වනාන්තර පද්ධතියද ශීඝ‍්‍ර වේගයෙන් හායනය වෙමින් පවති. අප රටේ බොහෝ සංවර්ධන ව්‍යාපෘතින් සිදුවන්නේ පරිසරය සොබාදහම හෝ ජෛව විවිධත්වය යන කාරණය පිළිබඳව කිසිදු හැඟීමක් නොමැතිවය. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි ගම්පහ ප‍්‍රදේශයේදී හමු වූ දුර්ලභ ආවේණික ශාකය ඊට කදිම නිදසුනකි. එය පරිසර ඇගයීම් වාර්තාවට ඇතුළත් නොවූයේ මන්ද යන්න බරපතළ ගැටලූවකි. මෙවන් තත්ත්වයන් නිසි පරිදි කළමනාකරණය නොකළහොත් අනාගත පරපුරට ඇතැම් සත්ත්ව හා ශාක පිළිබඳව දැනගැනීමට සිදුවන්නේ පත පොතින් පමණි.
 
 මේ නිසා සොබා දම් මව අපට උරුම කර දුන් මෙම අමිල නිධානය සුරැකීමට උපරිමයෙන් ක‍්‍රියා කිරීම අද වැනි දිනකදී හෝ අපගේ වගකීමකි.
 
  සටහන - නයනකේෂී විජේකෝන්

(අන්තර්ජාලය ඇසුරින් උපුටා ගැනීමකි)

News & Events

07
Nov2023
විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත්...

13
Sep2022
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න...

30
Mar2021
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

" රටකි දැයකි ලොවකි ඇය "  ...

09
Mar2021
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය  පසුගිය දිනක...

03
Mar2021
බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්........

18
Feb2021
 1920 කෘෂි උපදේශන සේවාව

1920 කෘෂි උපදේශන සේවාව

  ලාංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටළුවලට...

16
Feb2021
ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

   බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වාභාවික ආපදා...

12
Feb2021
අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස්...

Scroll To Top