d089815487b89eb7f0fe855bf6be18c6 1920FB

 

ලාංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටළුවලට ක්ෂණික උපදෙස් ලබාදීම වෙනුවෙන් 2006 වසරේ පෙබරවාරි මස ආරම්භ කරන ලද "ගොවි සහන සරණ" කෘෂි උපදේශන සේවාව මේ වන විට තොරතුරු තාක්ෂණ මෙවලම්ද භාවිතා කරමින් වැඩි සංඛ්‍යාවකට උපදේශන සේවාව සපයනු ලබයි. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට ජංගම හෝ ස්ථාවර දුරකථනයකින් 1920 කෙටි දුරකථන අංකයට ඇමතීම මඟින් ඔබගේ කෘෂිකාර්මික ගැටළු සඳහා නොමිලේ උපදෙස් ලබාගත හැකි අතර, කාර්යාල දිනයන්හී පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා සේවාව සපයනු ලැබේ. එකවර 20 දෙනෙකු හා සම්බන්ධ වී උපදෙස් ලබාදීමේ පහසුකම ද, සියළු දුරකතන සංවාද පටිගත වීම සහ දත්ත පද්ධතියට ඇතුලත් කිරීමට හැකිවීම යනාදි තොරතුරු තාක්ෂණික ක්‍රියාකාරකම් භාවිතයෙන් කෘෂි උපදේශන සේවාව සංවර්ධනය වී තිබීම එම අංශයේ ප්‍රගති සමාලෝචනය ඇතුළු විශ්ලේෂණ කටයුතු පහසු වී තිබේ. ක්ෂේත්‍රෙය් අත්දැකීම් සහ පළපුරුද්දක් සහිත කෘෂිකර්ම උපදේශක මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් මෙහි සේවය සපයනු ලබන අතර, පොල් වගාව පිළිබඳ උපදෙස් ලබාදීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ තාක්ෂණික නිලධාරිනියෙකු ද මෙහි සේවය සඳහා යොදවා තිබේ.

ලබා දෙන සේවාවන්

  1. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට ඕනෑම දුරකථනයකින් 1920 කෙටි දුරකතන අංකයට ඇමතීමෙන් කෘෂිකාර්මික ගැටලු සඳහා නොමිලේ උපදෙස් ලබාදීම
  2. කෘෂි SMS සේවාව මඟින් කෘෂි තොරතුරු පිළිබඳ කාලීනව වැදගත්වන කෙටි පණිවිඩ නොමිලේ ලබා ගැනීමේ හැකියාව (1920 කෘෂි SMS සඳහා ලියාපදිංචි විය යුතුවේ)
  3. WhatsApp, Viber, Imo ආදි දුරකතන යෙදවුම් මාර්ගයෙන් කෘෂි උපදේශන සේවාව ලබාදීම
  4. Skype වැඩසටහන් භාවිතා කර කණ්ඩායම් සාකච්ඡා මඟින් කෘෂි ගැටළු සඳහා උපදෙස් ලබාදීම.
  5. සමාජ ජාල වෙබ් අඩවි (Fb Page) මඟින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිෂ්පාදනය කරන ලද කෘෂි තාක්ෂණික තොරතුරු ව්‍යාප්ත කිරීම.
  6. Mobile application සංවර්ධනය කිරීම තුළින් කෘෂි තොරතුරු ලබාදීම.

සේවාවට සම්බන්ධ විය හැකි ආකාර

කෙටි දු. ක. අංකය/ SMS              - 1920
WhatsApp/ Viber / Imo / No   - 070 2201920
Email address                       - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.,     This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Fb Page                                - 1920 Call center DOA

Skype                                  - 1920 DOA


වැඩිදුර විස්තර

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (සංවර්ධන)
1920 - කෘෂි උපදේශන සේවාව,
ජාතික කෘෂිකර්ම තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානය,
ගන්නෝරුව.
දු.ක. අංකය - 081 - 2030048

Wireless networks සහ mobiles ගෙවුණු වසර කීපය තුළ ඉතාමත් සිඝ්‍රයෙන් දියුණුවට පත් වුණා..>>>>

a5ba713859dbcdfc73b104275d2fecd7

Wireless networks සහ mobiles ගෙවුණු වසර කීපය තුළ ඉතාමත් සිඝ්‍රයෙන් දියුණුවට පත් වුණා. Wireless තාක්ෂණය මේ දියුණුව කරා ගිය ගමනේදී වැදගත් සංධිස්ථාන කීපයක්ම පසුකරා කියන්න පුලුවන්. ඒ ගැන කතාකරන කොට අපිට අපේ internet connection එකේ speed එක සඳහා විශාල ලෙස බලපෑම් කරන තාක්‍ෂණයන් වුණු 1G, 2G 3G, 4G, 4G LTE වගේ ඒ ඒ කාලයේදී නිතරම අහන්න දකින්න ලැබුණු දේවල්, නැත්නම් යුග (Generations) අමතක කරන්නම බැහැ. ඔය අතරින් දැනට ලෝකයේ ප්‍රචලිතව තියෙන්නේ 4G LTE, එහෙමත් නැත්නම් 4G තාක්‍ෂණය තවත් දියණු කර නිර්මාණය කෙරුණු 4G වල Long Term Evolution version එක.

ඔන්න දැන් 4G LTE යුගයේත් අවසානය කෙමෙන් කෙමෙන් ළඟා වන බව අපිට පසක් කර දෙමින් wireless සන්නිවේදනයේ මීළඟ පෙරළිකාරයත් නුදුරේදීම අපි හමුවට එන්න සුදානම් වෙන බව තමයි ආරංචිය. ඒ 5th Generation කියන තේරුම ඇතිව 5G කියන නමින්. ඉතින් මේ ගැන තොරතුරු සොයද්දී දැනගන්න ලැබුණු කරුණු කීපයක් ඔබ සියලු දෙනා සමග බෙදාහදා ගන්න තමයි මේ සූදානම.
 
5G Technology Speed
5G නුදුරේදීම අපි හමුවට එනවා කියලා ගොඩාක් දෙනෙක් මේ වෙද්දීත් දැණුවත් ඇති. නමුත් 5G කියන්නේ මොකද්ද කියලා, එහෙමත් නැත්නම් 5G වල වැදගත්කම මොකද්ද කියලා ඇහුවොත් ගොඩාක් දෙනෙක්ට හරි උත්තරයක් නැති වේවි. Broadband connections වල මීළඟ යුගය විදියට හැඳින්වෙන මේ තාක්‍ෂණය, 4G LTE වලට වඩා 40 ගුණයකටත් වඩා වැඩි වේගයකින් යුතු internet සම්බන්ධතාවයක් පාරිභෝගිකයින්ට ලබා දීමට තරම් ප්‍රබල බව තමයි වාර්තා වෙන්නේ. එය එසේ වීමට හේතුව විදියට දක්වන්නේ වර්ණාවලියේ විවිධ කලාපයන්ට අයත් තරංග (variety of spectrum bands) භාවිතයට ගැනීමයි. විශාල දත්ත ප්‍රමාණයක් කෙටි දුරක් ඇතුළත ගෙන යා හැකි රේඩියෝ තරංගත් (mmWave Radio Spectrum) මීට ඇතුළත්. නමුත් මෙලෙස ඉහළ සංඛ්‍යාතයෙන් යුත් තරංගයන් භාවිතා කිරීමේ එක් ගැටළුවක් ලෙස දේශගුණික තත්වයන් සහ උස් ගොඩනැගිලි ආදිය නිසා වඩාත් පහසුවෙන් බාධාවට ලක් විය හැකි වීම දක්වන්න පුලුවන්.
ඊට අමතරව මේ 5G භාවිතා කරන වැදගත්ම තාක්‍ෂණයන් කීපයක් ලෙස Small cells, massive MIMO, Beam-forming, සහ Beam-tracking හඳුන්වලා දෙන්න පුලුවන්.
Small cells : අඩු විදුලි ධාරිතාවයකින් ක්‍රියා කරන portable base stations. Small cells කිපයක් එකතු කර නිර්මාණය කරගන්න උපාංග විවිධ නගරවල පිහිටුවීමෙන් මේ තාක්‍ෂණය පාරිභෝගිකයින් හට ලබා දිය හැකි බව තමයි ඒ ගැන කරුණු හොයද්දි පැහැදිලි වුණේ.
Massive MIMO (Massive Multiple Input Multiple Output) : මෙමගින් එකවර උපාංග විශාල ගණනක් සමගින් සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබෙනවා. දැනට වාර්තා වෙන විදියට, මේ 5G antenna එකකට පුලුවන් එකවර උපාංග ලක්ෂයක් පමණ මෙහයවන්න. 4G antenna එකකට පුලුවන් වෙන්නේ, එකවර උපාංග 100 – 200 වගේ මෙහයවන්න විතරයි.
 
5g technology slide17
 
Beam-tracking : මෙහිදී 5G ලබාගෙන තියෙන කිසියම් උපාංගයක්, යම් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට ගමන් කරනවානම්, ඒ උපාංගය track කර ගෙන signal ලබාදිමේ හැකියාවත් තියෙනවා.
 
Beam-forming : මෙයින් සිදුවෙන්නේ යම්කිසි ප්‍රදේශයක 5G භාවිතා කරන පිරිස් වැඩිපුර ඉන්නව නම්, ඒ ප්‍රදේශයට වැඩි වශයෙන් 5G signal යොමු කිරීම. මේ නිසා අන්තාර්ජාල සේවා භාවිතා කරන පිරිස් වැඩි වුනත්, අපට ඉතා හොද වේගයක් ලබා ගන්න පුලුවන්. සියලුම ප්‍රදේශ වල අන්තර්ජාල සේවා භාවිතා කරන පිරිස් ආසන්න වශයෙන් සමානව විහිදිලා ඉන්නවානම්, ඒ සියලුම ප්‍රදේශ වලට සමානව signal බෙදා හැරීමක් සිදු කරනු ලබන බවයි පැවසෙන්නේ.
 
Comparison between Current4G and Future5G
5G තාක්‍ෂණය මීළඟ වසර වන විට ඉතාමත් ඉහළ download speeds සහ ඉතාමත් අඩු ප්‍රමාද දෝෂයන් (low latency) සමගින් විවිධ ආයතන සහ සේවා දායකයින්ගෙන් අප අතරට පැමිණේවි. මේ වන විටත් Samsung, Verizon, Ericsson වගේ ලොව ඉහළ පෙළේ ආයතන 5G තාක්‍ෂණයට සුදුසු වන ආකාරයේ signal processing, chips, සහ antenna technologies පිලිබඳ පර්යේෂණයන් පවත්වනවා. කෙසේ නමුත් 5G තාක්‍ෂණය භාවිතයට පැමිණි විගස අපිට 4G සහ 4G LTE තාක්ෂණයන්ගෙන් මිදීමට අවස්ථාව ලැබෙන එකක් නැහැ. මොකද දැනට භාවිතයේ පවතින devices 5G තාක්‍ෂණයට අනුරූප වන ආකාරයට නෙවෙයි ගොඩනගලා තියෙන්නේ. නමුත් කාලයත් සමගින් 5G තාක්ෂණය පමණක් රජයන කාලයකුත් උදා වේවි. 

Interactive TV, HDසහ 3D video, social gaming, virtual reality සහ augmented reality වගේ concepts සඳහාත් 5G අතිවිශාල ලෙස බලපෑම් එල්ල කරයි කියලා තමයි ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ. මේ දිනවල ලෝකයේ විවිධ ප්‍රදේශ වල ඉතාමත් සාර්ථක අන්දමින් 5G තාක්‍ෂණය test කරනු ලබනවා. මෑතකදී dialog ආයතනය මගිනුත් කොළඹ කේන්ද්‍ර කරගනිමින් මෙය අත්හදා බැලුවා. කෙසේනමුත් 5G තාක්‍ෂණය ප්‍රචලිත වුණු කාලයක සුපිරි අන්තර්ජාල අත්දැකීමක් ලබා ගැනීමට අපි සියලු දෙනාටම හැකියාව ලැබේවි.
 
(සටහන - අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි)
 

dengu web1

ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි . මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී වෙනස් වෛරසයන් ක්‍රියා කරයි . (DEN 1, DEN 2 , DEN 3, DEN 4)

ඩෙංගු අසාදනය නිසා ඇතිවන රෝග තත්වයන් ඉතා විශාල පරාසයක් තුල විහිදෙන අතර සමහර පුද්ගලයන් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්නන අතර තවත් කොටසකට රෝග ලක්ෂණ ඇතිවේ. රෝග ලක්ෂණ සහිත අයගෙන් වැඩි ප්‍රමාණයකට සාමාන්‍ය වයිරස් උණ තත්වය, ඩෙංගු උණ හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රක්තපාත උණ තත්වයක් ඇතිවිය හැක. ඩෙංගු රෝගය නිසා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත තත්වය වන අතර අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රෝගී තත්වයන් ඉතා කලාතුරකින් ඇතිවේ. (< 1%)

ඩෙංගු උණ 

ඩෙංගු උණ රෝගයෙදී එක්වර ඇතිවන තද උණ,  අධික හිසරදය හා ඇස පිටුපස වේදනාව,   හන්දිවල හා පේශිවල වේදනාව බොහෝ දුරට ඇතිවන අතර සමහර රෝගීන්ට රතු පැහැති විහිදුන ස්වභාවයේ දද සහ සමහර අවස්ථාවලදී ලේ ගැලීමේ තත්වයන් ( විදුරුමහෙන්, නාසයෙන්, ශ්ලේෂ්මල පටල හා සමෙන්) 

ඩෙංගු රක්තපාත උණ

ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු ආසාදනයේ තීව්ර රෝගී තත්වයක් වන අතර ඉතා කුඩා සංඛාවක් රෝගීන් හට මෙම තත්වය ඇතිවේ.  ඩෙංගු රක්තපාත උණ රෝගයේදී බොහෝ විට පැහැදිලි ව වෙන් කර හඳුනාගත හැකි අවධි 3ක් ඇති අතර ඒවා නම් උණ සහිත අවදිය (මෙම අවදියේදී දින 7කට අඩුවෙන් පවතින තද උණ සහිත කාලයක් ද),  අවදානම් අවදිය (අවදානම් අවස්ථාව ආරම්භ වනුයේ තරලය කාන්දු වීම පටන් ගැනීමත් සමග සහ සාමාන්‍යයෙන්  උණ බැස යනවත් සමගය) මෙම තත්වය දින 1-2 අතර කාලයක් පවතින අතර කලින් හඳුනා ගෙන අවශ්‍ය උවැටන් නොකිරීමෙන් රෝගියා කම්පන තත්වයට පවා පත් විය හැක. සුවවන අවදිය, දින 2-5 ත් අතර කාලයක් පවතින අතර මේ කාලයේදී රෝගියාගේ කෑම රුචිය වර්ධනය වේ, හෳද ස්පන්ධනය අඩුවේ. සුවවන අවස්ථාවට විශේෂිත වූ ලප (රතු පැහැති පසුබිමේ සුදු පැහැයේ ලප) බොහෝ විට ශරීරය පුරා කැසීමක්ද  සමග දක්නට ලැබේ. (අත්ලේ හා පතුලේ වැඩි වශයෙන් ඇත). මුත්‍ර වැඩිවශයෙන් පහ වීමක්ද මේ අවස්ථාවේ සිදු විය හැක. 

රෝගියා පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් (විශේෂයෙන්ම උණ බැස යන අවස්ථාවේ) අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. 

  • නොනවත්වා වමනය කිරීම
  • බඩේ කැක්කුම
  • තද පිපාසය
  • අධික නිදිමතබව හා සිහිමද ගතිය
  • ආහාර ප්‍රතික්ෂේප කිරීම
  • අසාමාන්‍ය ලේ ගැලීම් තත්වයන් උදා: ඔසප් චක්‍රයෙදී අධික ලෙස රුධිර වහනයක් සිදුවීම, නියමිත කාලයට පෙර ඔසප් චක්‍රය සිදු වීම
  • රෝගියා පහත සඳන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය
  • අත් පා සුදුමැලි හා සීතල බව
  • නොසන්සුන්බව හා කලබලකාරී බව
  • සමේ පැහැය වෙනස් වීම
  • මුත්‍ර පිට නොවීම හෝ මුත්‍ර පිට වීම අවම වීම
  • හැසිරීමේ වෙනස් කම් - සිහිමද ගතිය/ අසභ්‍ය වචන භාවිතය

ඩෙංගු රෝග තත්වය කලින් හඳුනා ගැනීම

ඩෙංගු රෝගය කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා දීම මගින් ඩෙංගු රෝගයේ සංකුලතා හා අසාධ්‍ය භාවය අවම කල හැක.

ලංකාවේ දැනට පවතින ඩෙංගු අධි ජානපදික තත්වය යටතේ උණත් සමග පහත සඳහන් රෝග ලක්ෂණ සහිතව ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් ඩෙංගු රෝගයෙන් (ඩෙංගු උණ /ඩෙංගු රක්තපාත උණ)  පෙලෙන බවට සැක කර අවශ්‍ය අවධානය යෙද වීම අත්‍යවශ්‍ය වේ.

තද හිසරදය, ඇස්යට වේදනාව, අස්ථි හා මාංශ පේශිවල වේදනාව,  ශරීරයේ මතුවන පලු (විහිදුන ස්වභාවයේ රත් පැහැති ලප), සුළු ලේ ගැලීම් තත්වයන් (  සම මතුපිට හා රුධිර මාපක පරීක්ෂණය මගින් පෙන්නුම් කල හැකි පරිදි), සුදු රුධිරානු අඩු වීම (<5000/mm3), රුධිර පට්ටිකා ≤150,000/mm3 , රුධිරයේ ඝන භාවය වැඩිවීම (5 – 10%)  

සමහර අවස්ථාවන්වලදී කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උගුරේ අසාදනය වැනි ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ සහිතව සහ මළ බද්ධය, පාචනය, වමනය සහ කඩින් කඩ ඇතිවන බඩේ වේදනාව වැනි ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ සහිතව ඩෙංගු රෝගීන් රෝහල් කරා පැමිණිය හැක. 

තද උණ සහිත රෝගියකුගේ මුහුණ සහ අත් පා ප්‍රදේශ රත් පැහැ විහිදුන පලු සහිත ස්වභාවයකින් යුක්ත වීම, සුදු රුධිරානු ප්‍රමාණය අඩු වීම (<5000 /mm3), රුධිර මාපක පරීක්ෂණය අනුව රුධිර ගැලීමේ හැකියාව වැඩි වීමක් පෙන්නුම් කිරීම (රුධිර පට්ටිකා ප්‍රමාණය සාමාන්‍ය මට්ටමක පැවතියද) උණ සැදීමට වෙනත් හේතුවක් නොමැති අවස්ථාවන්හිදී රෝගියා ඩෙංගු රෝගයෙන් පෙලෙන බවට බොහෝ දුරට නිවැරදි රෝග විනිශ්ෂයකට පැමිණිය හැක.

කම්පන තත්වයෙන් පැමිණෙන රෝගියෙක් විශේෂයෙන්ම උණ රහිතව, අත් පා සීතලව, හෳද ස්පන්දනය වේගවත් ව දුර්වල නාඩි වැටීමක් සහ අඩු රුධිර පීඩනයක් සහිත නම් ඩෙංගු කම්පන තත්වය බවට සැක කල යුතුය.

NS 1 ප්‍රතිදේහය ඩෙංගු අසාදිත රෝගියකු තුල උණ අවස්ථාවේ මුල් කාලයේදී රුධිර පරීක්ෂණයක් තුලින් සොයා ගත හැකි නවීන රසායනික පරීක්ෂණයක් වන අතර ඒ තුලින් රෝගියාට ඩෙංගු වැළදී ඇති බව පමණක් සොයාගත හැක. එනමුත් රෝගියාට වලදී ඇත්තේ ඩෙංගු උණ හෝ ඩෙංගු රක්තපාත උණ දැයි වෙන් කර හඳුනාගැනීමට මෙම පරීක්ෂණයෙන් අවකාශ නොලැබේ. මේ හේතුව නිසා ඩෙංගු රෝගය බවට මුල් අවස්ථාවේ සැක සහිත අවස්ථාවන් වලදී පමණක් මෙම පරීක්ෂණය සිදු කිරීම ප්‍රයෝජනවත් විය හැක.

vaccine

 

සම්පුර්ණ රුධිර පරීක්ෂණයක් කිරීමේ වැදගත්කම

  • උණ වැළදී තෙවන දිනයේදී සියළුම රෝගීන් හට සම්පුර්ණ රුධිර පරීක්ෂණයක් සිදු කිරීම අත්‍යවශ්‍යවේ
  • සමහර විශේෂිත රෝගීන් සඳහා පළමු දිනයේම හෝ, පළමුවරට ප්‍රතිකාර සඳහා පැමිණි අවස්ථාවේම රුධිර පරීක්ෂණයක් සිදු කල යුතුය. (ගර්භනී කාන්තාවන්, අවුරුද්දට අඩු ළදරුවන්, මහලු පුද්ගලයන් සහ වෙනත් කල්පවතින රෝග තත්වයන් ඇති පුද්ගලයන්)
  • රුධිර පට්ටිකා ප්‍රමාණය ≥150,000/ mm3 නම් තෙවන දිනයේ සිට දිනපතා සම්පුර්ණ රුධිර පරීක්ෂාව සිදු කිරීම අත්‍යවශ්‍යවේ
  • රුධිර පට්ටිකා ප්‍රමාණය ≤150,000/ mm3  නම් දිනකට දෙවරක් සම්පුර්ණ රුධිර පරීක්ෂාව සිදු කිරීම අත්‍යවශ්‍යවේ (රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය රදා පවතින්නේ, රෝගියාගේ සායනික තත්වය, අවදානම් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හා අනෙකුත් සමාජීය අවශ්‍යතා මතය)
  • රුධිර පට්ටිකා ප්‍රමාණය≤100,000/ mm3 වන අවස්ථාවල් වලදී රෝගියා රෝහලකට ඇතුලත් කිරීම අත්‍යවශ්‍ය වේ.  

නේවාසික රෝගීන්

  • උණ වැළදී තෙවන දිනයේදී හෝ එයට ප්‍රථම රෝහල් ගතවන රෝගීන් සඳහා බාහිර රෝගී අංශයේදී කලයුතු ආකාරයටම (ඉහත විස්තර කරන ලද පරිදි) රුධිර පරීක්ෂණ සිදු කල යුතුය. ප්‍රතිකාර කරන වෛද්‍යවරයා නියම කලහොත් ඊට වඩා වැඩි වර සංඛ්‍යාවක් රුධිර පරීක්ෂණ සිදු කිරීමට සිදුවේ

බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා විශේෂ උපදෙස්

පළමුවරට රෝගියා හමුවන වෛද්‍යවරයා රෝගියාගේ මුඛයෙන් අවශ්‍ය ප්‍රමාණයට දියර ලබාගන්න බව තහවුරු කල යුතුය.

වැඩිහිටි රෝගියෙක් හට පැය 24 ක් තුල මි ලි 2500 ක පමණ දියර ප්‍රමාණයක් උණ අවදියේදී ලබා ගත යුතුය. (රෝගියා රෝහලකට ඇතුළු වීමට පෙර) රෝගියාගේ ශරීර ස්කන්ධය කි ග්‍රෑම් 50 ට වඩා අඩු අවස්ථාවන්හිදී දියර ලබා දිය යුත්තේ පැය 24 තුල 50 මිලි / කි ග්‍රෑම් ලෙස හෝ පැයට 2 මිලි / කි ග්‍රෑම් වශයෙනි.

කුඩා දරුවන්ගේ දෛනික දියර අවශ්‍යතාවය පහත සඳහන් පරිදි ගණනය කල යුතුය

    දෛනික අවශ්‍යතාවය = 100 මිලි / කි ග්‍රෑම් / පළමු  කිලෝ ග්‍රෑම් 10 සඳහා

                                         = + 50 මිලි /කි ග්‍රෑම් / ඊළඟ කිලෝ ග්‍රෑම් 10 සඳහා 

                                         = + 20 මිලි / ඉතුරු කිලෝ ග්‍රෑම් ප්‍රමාණය සඳහා

 

උණ වැළදී දින 3 කදී හෝ ඊට පසුව රෝගියා තුල පහත සඳහන් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද් උපදෙස් සඳහා යොමුවන ලෙස රෝගියා / දෙමාපියන් දැනුවත් කල යුතුය.

  • උණ බැස ගියද රෝගියාගේ සායනික ලක්ෂණ වල පිරිහීමක් ඇති වීම
  • මුඛයෙන් දියර ගැනීම අපහසු වීම
  • උදරයේ ඇතිවන තද වේදනාව
  • සීතල හා අප්‍රාණික අත් පා
  • අප්‍රාණික බව/ නොසන්සුන්බව/ නුරුස්නා භාවය
  • අක්‍රමවත්ව සිදුවන ඔසප් රුධිර වහනය හෝ ඔසප් සමග සිදුවන අධික රුධිර වහනය වැනි ලේ ගැලීමේ වැඩි අවදානම් තත්වයක්
  • පැය 6 කට වඩා වැඩි කාලයක් මුත්‍ර පිට නොවීම

 

ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වෙන් කර හඳුනා ගැනීම

උණ වැළදී තෙවන දිනයට පසු ඩෙංගු රක්තපාත උණ වැළදුන රෝගීන් ප්ලාස්මා තරලය කාන්දු වීම වැනි සංකුලතා වලට බඳුන් වීමේ අවදානමක් ඇති නිසා ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ රෝගීන් වෙන් කර හඳුනාගැනීම ඉතා වැදගත් වේ. ඩෙංගු රක්තපාත තත්වය බොහෝ විට දකින්නට ලැබෙන්නේ උණ බැස යනවත් සමගය.

උණ නොමැතිව හෳද ස්පන්දනයේ වේගවත් බවක් හෝ උණ ට අනුපාතික නොවන පරිදි  වේගවත් හෳද ස්පන්දනයක් බොහෝවිට ඇතිවිය හැක.  හෳද සන්කුචන පීඩනය හා විස්ථාර පීඩනය අතර වෙනස පටු වීම (40 mmHg සිට 30 mm Hg) මගින් තරලය කාන්දු වීම පටන් ගැනීම පිලිබඳ ඉඟියක් ලබා දෙන අතර මේ අවස්ථාවේදී රෝගියා රෝහල් ගත කිරීම අත්‍යවශ්‍ය වේ. මේ අවස්ථාවේදී සිදු කරන පරීක්ෂණ මගින් ක්‍රම ක්‍රමයෙන් රුධිරය ඝන වීමක් පෙන්නුම් කරන අතර මෙමගින් රෝගියා අවදානම් අවදියට පැමිණ ඇති බව හඳුනාගත හැක.

කෙසේ වෙතත් අල්ට්‍රා සවුන්ඩ් යන්ත්‍රයක ආධාරයෙන් උර කුහරය හා උදර කුහරය තුලට ක්‍රම ක්‍රමයෙන් ප්ලාස්මා තරලය එකතුවන බව පෙන්වීම අවදානම් අවධියට රෝගියා පත්ව ඇති බවට වඩාත් විද්‍යාත්මක සාක්ෂියක් වේ.

රෝගියා රෝහල්  ගත කිරීම

රෝගියාගේ සායනික රෝග ලක්ෂණ අනුව බොහෝ විට රෝගියා රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලැබේ. එහෙත් පහත සඳහන් ලක්ෂණ ඇති රෝගීන් රෝහල්ගත කිරීම අත්‍යවශ්‍ය වේ.

  • රුධිර පට්ටිකා ප්‍රමාණය <100,000/mm3
  • උණ/ රෝගය වැළදී තෙවන දින හෝ එයට ප්‍රථමපහත සඳහන් අවදානම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්
    • උදරයේ ඇතිවන තද වේදනාකාරී තත්වය
    • නොකඩවා පවතින වමනය
    • ශ්ලේෂ්මල පටල වලින් සිදුවන ලේ ගැලීමේ තත්වයන් (මුඛයෙන්, නාසයෙන් ලේ ගැලීම)
    • අලසබව හෝ නොසන්සුන් බව
    • අක්මාව විශාල වීම (සෙමි 2කට වඩා)
    • රුධිර ඝන වීම හා සීග්‍රයෙන් රුධිර පට්ටිකා ප්‍රමාණය පහත බැසීම
    • ප්ලාස්මා තරලය කාන්දු වීම පෙන්නුම් කරන සායනික ලක්ෂණ: උරස් හා උදර කුහරයේ ප්ලාස්මාව කාන්දුවීම ( තරමක් ප්‍රමාද වී දක්නට ලැබෙන තත්වයකි) 

 ඉහත සඳහන් රෝග ලක්ෂණ නොමැති නමුත් රෝහල් ගත කලයුතු වෙනත් රෝගීන්

  • ගර්භනී කාන්තාවන් - උණ / රෝගය වැළදී 2 වන දිනයේදී රෝහල් ගත කර සම්පුර්ණ රුධිර පරීක්ෂාවක් දිනපතා සිදු කල යුතුය
  • වයෝවෘද රෝගීන් / ළදරුවන්
  • ස්ථුල බව සහිත රෝගීන්
  • වෙනත් කල් පවතින රෝග සහිත රෝගීන් (දියවැඩියාව, දිගු කාලීන වකුගඩු රෝගීන්, හෳද රෝගීන්, තැලසිමියාව වැනි රුධිර ආශ්‍රිත රෝගීන්, සහ වෙනත් ප්‍රධාන දිගු කාලින රෝග තත්වයන්) 
  • සමාජයීය තත්වයන් මත විශේෂ අවධානය යොමු කල යුතු රෝගීන් උදා: තනියම වාසය කරන රැක බලා ගැනීමට කිසිවෙක් නොමැති රෝගීන්, 
  • පදිංචි ස්ථානයට ආසන්නව සෞඛ්‍ය පහසුකම් නොමැති හෝ සෞඛ්‍ය පහසුකම් සඳහා යාමට ප්‍රවාහන පහසුකම් නොමැති රෝගීන් 

පැය 48 ක කාලයක් සායනික වශයෙන් ස්ථාවර හා උණ නොමැති රෝගීන් ඩෙංගු රෝගයෙන් සුවවන අවදියට පත්ව ඇති බවට නිගමනය කල හැක.

රෝගීන් සඳහා උපදෙස්

  • උණ දින දෙකකට වඩා පවති නම් ළඟම රෝහලෙන් හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ගේ උපදෙස් ලබා ගැනීම
  • උණ වැළදී තෙවන දිනයේ දී සම්පුර්ණ ලේ පරීක්ෂාවක් සිදු කිරීම (වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත) 
  • රෝගී අවස්ථාවේ හොඳින් විවේක ගැනීම, රෝගියා කුමන හේතුවක් නිසා වත් වෙහෙස කර භාවයට පත් නොකිරීම
  • වැඩිපුර දියර වර්ග පානය කිරීමට සැලැස්වීම,  මේ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ කිරි, කැඳ, පලතුරු යුෂ, තැඹිලි, සුප් ආදී ද්‍රව්‍ය වේ. වතුර පමණක් පානය කිරීම සුදුසු නොවේ
  • රෝගියාට ආහාර රුචිය ඇත්නම් සාමාන්‍යයෙන් ගනු ලබන ඝණ ආහාර ලබා දිය යුතුය, එසේ නමුත් රතු, දුඹුරු පැහැති ආහාර (බීට් රූට්, චොකලට්, රතු පැහැති පැණි බීම වර්ග සහ ආහාර වර්ග) ලබා දීමෙන් වැළකිය යුතුය. මෙය මල පහ සමග රුධිරය යෑමේ අවස්ථාවන් හඳුනා ගැනීමට බාධාවක් වේ.
  • වෛද්‍ය උපදෙස් අනුව උණ සමනය කිරීම සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් නියමිත මාත්‍රාවෙන් ලබා ගත හැක

(අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි)

2 14

ශ්‍රී දළදා වහන්සේගේ ඉතිහාසය..

   බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් තිස්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ පහස ලැබුවා වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේ අතර වඩාත් උතුම් කොට ගෞරව බහුමානයට හා අද්විතීය උත්තරීතර භාවයට පාත‍්‍ර වේග දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්තයෝ සුභ‍්‍ර වර්ණයෙන් යුක්ත වූවාහුයග අවිවර දන්ත වියග එක් ඇන්දක විස්ස බැගින් සමචත්තාලිස දන්තයෝ වූහයි බෞද්ධ පොත් පත්වල සඳහන් වේග දඹදිව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි සල් රුක් සෙවනෙහි සිදු වූ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ශ‍්‍රී දේහය ආදාහනය කිරීමේදී සතර දළදා වහන්සේ දල දෙඅකු ධාතුන් වහන්සේ දල ලලාට ධාතුන් වහන්සේ ද විසිර නොගොස් අළු බවට පත් නොවී නො විසිරී ශේෂ වූවාහුයග සෙසු ධාතුන් වහන්සේ සමන් කැකුළුල සුදු මුතුල අබ ඇට පමණ වීල සමීපමාත‍්‍ර වී කඩ සහල් පමණ වීල මුං ඇට පියළි පමණ වී ශේෂව දෙනෙහි ගිනි සංසිඳුනේයග එකෙණෙහි කුසිනාරා නුවර මල්ල රජදරුවෝ සුවඳ පැණින් රන් කළල රිදී කළ පුරවා වත් කොට දැවුණු චන්දන චිතකයෙහි ගිනි නිවූහග අවට රැුකවල්ලා ධාතුන් වහන්සේ ආරක්ෂා කළහග මහා පරිනිබ්බාන සූත‍්‍රයල සුමංගල විලාසිනිය හා බුද්ධ වංශයෙහි එන තොරතුරු වලට අනුව ධාතු විභජනයේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවි බව දත් සැණෙන් දඹදිව සෙසු සත් රාජ්‍යයක රජ දරුවෝ කුසිනාරා නුවරට සේනා සහිතව පැමිණල ධාතුන් වහන්සේට ඇති තම අයිතිය කියා පාමින් යුද්ධ කොට හෝ ගනිමැ”යි සිතා ධාතුන් වහන්සේ ඉල්ලා සිටියහග සිදුවිය හැකි අර්බුදය දුටු ද්‍රෝණ නම් බ‍්‍රාහ්මණ ආචාර්යවරයා සියලූ දෙනා සම`ගි කරවා ධාතුන් වහන්සේ අට කොටසකට බෙදා දීමෙන් අනතුරුව එම පිරිස් සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේ නිධන් කළ චෛත්‍ය අටක් ඒ ඒ රාජධානින්හි පිහිටුවා පූජෝපහාර පැවැත්වූහග එම චෛත්‍ය අට දල ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදා දුන් නැළිය නිදන් කොට ”කුම්බස්තූප” නම් චෛත්‍ය දල පිප්පලී නුවර මෞර්ය රජවරු චිතකය තිබූ තැනින් ලබාගත් අ`ගුරු තැන්පත් කොට කරවූ අංගාර චෛත්‍යය ද වශයෙන් චෛත්‍ය දහයක් පළමුව ඇතිවිය අළු නොවී ශේෂ වූ සතර දළදා වහන්සේ අතුරෙන් එක් දළදාවක් සක‍්‍ර දේවේන්ද්‍රයා විසින් රැුගෙන ගොස් තව්තිසාවේ දල තවෙකක් නා රජු රැුගෙන ගොස් නා ලොව දල තවෙකක් ගන්ධාර දේශයෙහි දල නිදන් කොට සෑයන් බඳවා වන්දනා කරනු ලැබුහග ඛේම නම් රහතන් වහන්සේ ස්වකීය සෘද්ධි බලයෙන් වාම ශී‍්‍ර රදනක දන්ත ධාතුන් වහන්සේ ගෙන කළි`ගු රට බ‍්‍රහ්මදත්ත රජු ත‍්‍රිවිධ රත්නයෙහි පිහිටුවා පූජා සත්කාර කරනු වස් භාර දුන්හග කාලිංග රාජාවලියේ ගුහසීව නමැති රජු දවස මිසදුටු ප`ඩි රජු නිගණ්ටයන්ගේ බස් අසා ශී‍්‍ර දළදා වහන්සේ පැහැරගනු වස් තම සෙන්පති චිත‍්‍රයාන ලවා කාලිංග රාජ්‍යය ආක‍්‍රමණය කළේයග එමතු ද නොව නිඝන්ඨයන්ගේ උපදෙස් අනුව ශී‍්‍ර දළදා වහන්සේ ගිනි වළක ලා හළු කිරීමට ද වරෙක වානේ කිණිහිරියක තබා යකුළු පහර දී කුඩු කිරීමට ද තවත් වරෙක මහා වලෙක බහා පස් පුරවා ඇතුන් ලවා පෑගවීමට ද අවසානයෙහි මල මූත‍්‍රාදියෙන් පිරුණු අගලකට හෙළීමට ද කුරිරු ලෙස නියෝග කළේය හැම විටෙකම විස්මිත ප‍්‍රාතිහාර්යය පෑ ශී‍්‍ර දළදා වහන්සේගේ බලමහිමය මැඩලීමට නොහැකි වූ තැන ඇමතිවරුන්ගේ අනුශාසනය පරිදි ශී‍්‍ර දළදා වහන්සේට මහත් ගෞරව නමස්කාර පූර්වකව වැඳ වැටී කළ වැරදි වලට සමාව ඇයැද තම හිස මතට වඩින ලෙසට ආයාචනා කර සිටියේයග එකල්හි සුදු බුදු රැුස් විහිදුවමින් පෙළහර පාමින් රජු හිස මතට වැඩි දළදා වහන්සේ මහත් හරසරින් පිළිගත් රජු විචිත‍්‍ර ලෙස තැනවූ ශී‍්‍ර දළදා මාලිගාවක් තනවා වඩා හිඳුවා පුද සත්කාර කළ බව වංශ කථාවලින් හෙළිවේග යුධ සටන් නිමවීමෙන් පසු ප`ඩි රජු සම`ග හිත මිතුරු වූ ගුහසීව කළි`ගු රජු නැවත ශ්‍රී දළදා වහන්සේ තමා වෙත ලබාගැනීමට සමත්විය සර්වඥ ධාතුන් වහන්සේ අතුරෙන් ජීවමානව වැඩ සිටින එකම ධාතුන් වහන්සේ මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ වැඩසිටින වාම ශී‍්‍ර රදනක දාඨා ධාතුන් වහන්සේයග ශ්‍රී ලාංකික බෞද්ධයන් පමණක් නොව සකල ලෝකවාසි බෞද්ධයෝම ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා දළදා වහන්සේ වන්දාභිවන්දනයෙන් හා නන්විධ පූජාවෙන් පුදතිග දළදා වහන්සේ යනු ජීවමාන බුදුරජාණන් වහන්සේ බවට බලවත් විශ්වාසයක් හා හැ`ගීමක් බෞද්ධයන් අතර පවතීග මේ නිසාම රාජ්‍ය පාලකයන්ගේ පමණක් නොව පුරවැසියන්ගේත් අති උතුම් පූජා සංකේතයක් ලෙස දළදා වහන්සේ සම්භාවනාවට පාත‍්‍රවියග රාජ්‍යත්වයේ සංකේතය මෙන්ම කලට වැසි ලබාදී රට සමෘද්ධිමත් කළහැකි විස්මිත බලයක් ඇති මහාර්ඝ වස්තුවක් ලෙස ද සැලකිණ. බුදුරජාණන් වහන්සේ ධාතු පූජාව අනු දැන වදාළ බව අපදානපාලියෙන් ද අනාවරණය වේග සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආදාහනයෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේ සහිත පාත‍්‍රය දල මහා ප‍්‍රජාපතී ගෝතමී තෙරණියගේ ධාතුන් වහන්සේ සහිත පාත‍්‍රය ද ඒ අවස්ථාවන්හි දොහොතින් ගෙන ඔවුන් ගුණ වර්ණනා කළ අයුරු එහි විස්තර වේග බුදුරජාණන් වහන්සේ බුදුල පසේබුදුල මහරහත් හා සක්විති :චක්කවත්තිෆ යන සිව් මහා පුද්ගලයන්ගේ ශාරීරික ධාතු නිදන් කොට පූජෝපාහාර දැක්වීම අනුදැන වදාළ සේකග එය බොහෝ දෙනාගේ හිතසුව පිණිස වන බව දීඝ නිකායේ දැක්වේ. ධාතු වන්දනාව ලක්දිව ජනයා අතර බුද්ධ කාලයේදීත් ප‍්‍රචලිතව පැවතිණග තපස්සු බල්ලූක වෙළඳ දෙබෑයන් කේශ ධාතු නිදන් කොට ගිරිහ`ඩු සෑය සාදවා පූජා කළහග සුමන සමන් දෙවියන්ට භාර දුන් කේශ ධාතු නිදන් කොට මහියංගණ චෛත්‍යය ගොඩනැගූ අයුරු වංශ කථාවල සඳහන් වෙයිග මෙනයින් බලන විට බුද්ධ කාලයෙහිම ධාතු වන්දනාව ලක්දිව ප‍්‍රචලිතව තිබූ බව පැහැදිළියිග අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සම කොට දළදා වහන්සේ උදෙසා පූජා සත්කාර සිදු කිරීම තහවුරුව පවතින්නේ ඒ නිසායග දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ලැබීම ස්වකීය ජීවිතයේදී ලබන මහත් භාග්‍යයක් කොට බෞද්ධයෝ සලකති. දිනපතා තුන්වරු පූජාල සතියේ බදාදා නානුමුර මංගල්ල පූජාල පසළොස්වක පෝය දින පූජා හා වාර්ෂික සතර මංගල්ල පූජා ආදි වශයෙන් බුද්ධෝපස්ථානල බුදු පුද තේවා අදත් චිරාගත සාම්ප‍්‍රදායානුකූලව ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි ශ්‍රී දළදා මාලිගාව තුළ අඛණ්ඩව පැවැත්වේ.

 

දළදා වහන්සේ ලක්දිවට වැඩමවීම..

4

   ලක්දිව දේශපාලන, සාමාජික, සංස්කෘතික ඉතිහාසයේ මහත් පෙරළියක් හා අභිවර්ධනයක් ඇතිකළ ශී‍්‍ර දළදා වහන්සේ ලක්දිවට වැඩමවූයේ ක‍්‍රි. ව. 310 වැන්නේ අනුරපුර කිත්සිරිමෙවන් රජු දවසය. ඛීරධාර නම් රජහුගේ ඇවෑමෙන් බලයට පත් ඔහු බෑණ කුමරුවෝ කළි`ගු රට දන්ත පුරය වෙත පැමිණ කඳවුරු බැඳ ”දළදා වහන්සේ පාවා දෙන ලෙස හෝ යුධ පිණිස එන ලෙස හෝ දන්වා කළි`ගු රට ගුහසීව රජු වෙත හසුන්පත් එවූහ. මේ නොකන්කලූ පුවත ඇසූ ගුහසීව රජු දන්ත කුමාරයන් කැඳවා මාගේ දිවි තිබෙනතුරු අන් කෙනෙකුට දළදා වහන්සේ නොදෙමැයි කියා හේමමාලා කුමරිය සම`ග දළදා වහන්සේ ලක්දිවට වැඩමවා ගෙන යන්නැ’යි ඔවදන් දී සේනා සම`ග යුධ පෙරමුණට ගියේය.
දන්ත ධාතුන් වහන්සේගේ ආගමනය මහාවංශය, දාඨාවංශය, දළදා සිරිත වැනි මූලාශ‍්‍ර වල සඳහන් වේ. ප`ඩි රජු ඇවෑමෙන් රජ වූ ඛීරධාර රජුගේ බෑණනුවන් කෙනෙකු විසින් ශී‍්‍ර දළදා වහන්සේ ඉල්ලා යළිත් වරක් යුධ අරඹන ලදී. මෙවිට කළි`ගු රට ගුහසීව රජතුමා තම දියණිය වූ හේමමාලා කුමරිය හා බෑණනුවන් වූ දන්ත කුමරු වෙත ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව පවරා ලක්දිවට පිටත් කර යැවීමට කටයුතු කළේය. යුධ බිමේදී තම පියාණන් වන ගුහසීව රජු මියගිය පුවත ඇසූ හේමමාලා කුමරිය හා දන්ත කුමරු බමුණු වෙස් ගෙන ලක්දිව බලා ගමන් ඇරඹූහ.
ශී‍්‍ර දළදා වහන්සේ කේෂ කලාපයෙහි ස`ගවාගෙන, පැමිණෙන අතරමගදී අඹුසැමි යුවල විවිධ දුෂ්කරතා වලට මුහුණ පෑවත් ඒවා ජයගෙන විස්මයජනක සිදුවීම් වලට මුහුණ දෙමින් අවසානයේදී ලක්දිවට සම්ප‍්‍රාප්ත වූහ. මෙම අඹු සැමි යුවල ලක්දිවට දළදාව වැඩම වූයේ සිරි මේඝවණ්ණ (කිත්සිරිමෙවන්* රජුගේ රාජ්‍යෝදයෙන් නව වන වර්ෂයෙහි (ක‍්‍රි. ව. 310 වැන්නේ* බව එකී මූලාශ‍්‍රයන්ගෙන් අනාවරණය වේ.
වෙස්වලා දළදාව සඟවාගෙන තම වාස භූමියෙන් පිටත් වූ හේමමාලා කුමරිය හා දන්ත කුමරු ගංඟානම් ගඟ තරණය කොට ගං ඉවුරේ වැලි තලාව මත වැලි දාගැබක් තනා ඒ තුල දළදාව සැඟවූහ. දන්ත ධාතූන් වහන්සේ පුදමින් සතුරනට අසුවෙතැයි නදිය අසබඩ ගන වන ළැහැබක සැඟවී සිටියහ. එකල්හි ගුවනෙහි ගමන් ගත් එක් රහත් තෙර නමක් ගං තෙර වැලි සෑයෙන් විහිදුනු සවණක් ගන බුදු රැුස් දැක අහසින් බිමට බැස දළදා වහන්සේ වැඩහුන් තැනට වැඩි සේක. එවිට එහි පැමිණි අඹු සැමි යුවලගෙන් තොරතුරු විමසා බියෙන් සිටිනු දැක කිසි බියක් නොසිතා සැප සේ යන්නැයි කියා කිසියම් බියක් වියවුලක් ඇති වූ විටක උන් වහන්සේ සිහිපත් කරන්නැයි වදාළහ. දෙදෙනාගේ බිය පහකරවා සිත් සනසා යළි අහසින් වැඩම කළහ.
ඉක්බිති ඒ ගෙඟහි විසූ පණ්ඩුහාර නම් නා රජු පිරිවර සමග ඇවිදිනාතර වැලි තලාවේ වැලි සෑයෙන් නැගී බුදු රැුස් මාලා දැක ප‍්‍රීතියෙන් ඉපිළ කරඬුව රැුගෙන ගඟ දියෙහි සැඟ උනේය.
එවිට හේමමාලා හා දන්ත කුමරු වැලි දාගැබෙහි දළදා වහන්සේ නොදැක මහත් සොවින් හඬ හඬා රහත් තෙරුන් වහන්සේ සිහිපත් කර සිටියහ. එකණෙහි රහතන් වහන්සේ ඔවුන්ගේ දුක දැක එහි වැඩම කොට බිහිසුනු ගුරුළු වෙසක් මවාගෙන ගැඹුරු දිය දෙබෑ කර නා රජු බිය ගන්වා දළදා වහන්සේ තැන්පත් කර ඇති රුවන් කරඬුව ආපසු ගෙනැවිත් දළදා වහන්සේ යළි ඔවුනට පාවා දුන්හ. දෙවියන් විසින් රැුකවරනය දුන් ඒ දෙදෙනා සොම්නසින් ගම් නියම් ගම් දුර කතර ගෙවා තාම‍්‍ර ලිප්තයෙන් නැව් නැගී ලක්දිව බලා ගමන් ඇරඹූහ. මහ සයුරේදී චණ්ඩ මාරුතය නිසා අපමන දුක් ගැහැට විඳ දළදා වහන්සේ පෑ විස්මිත පෙළහර දැක රහතන් වහන්සේ සිහිපත් කොට සියලූ උවදුරින් මිදී නෞකාවෙන් ලංකා පට්ටනයට ගොඩ බැස එක්තරා බමුණකුගෙන් මගතොට විමසා දැන ආගන්තුක සංග‍්‍රහ විඳ දළදා වැඩමවා අනුරපුර ආසන්නයේ මේඝ ගිරි නම් විහාරයට පැමිණියහ.

z p20 Athi

   බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් තිස්සේ දේශනා කොට වදාළ ශී‍්‍ර සද්ධර්මයේ පහස ලැබුවා වූ ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේ අතර වඩාත් උතුම් කොට ගෞරව බහුමානයට හා අද්විතීය උත්තරීතර භාවයට පාත‍්‍ර වේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනුව බුදුරජාණන් වහන්සේගේ ශී‍්‍ර දන්තයෝ සුභ‍්‍ර වර්ණයෙන් යුක්ත වූවාහුයග අවිවර දන්ත වියග එක් ඇන්දක විස්ස බැගින් සමචත්තාලිස දන්තයෝ වූහයි බෞද්ධ පොත් පත්වල සඳහන් වේ. දඹදිව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි සල් රුක් සෙවනෙහි සිදු වූ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ශ‍්‍රී දේහය ආදාහනය කිරීමේදී සතර දළදා වහන්සේ දල දෙඅකු ධාතුන් වහන්සේ දල ලලාට ධාතුන් වහන්සේ ද විසිර නොගොස් අළු බවට පත් නොවී නො විසිරී ශේෂ වූවාහුයග සෙසු ධාතුන් වහන්සේ සමන් කැකුළුල සුදු මුතුල අබ ඇට පමණ වීල සමීපමාත‍්‍ර වී කඩ සහල් පමණ වීල මුං ඇට පියළි පමණ වී ශේෂව දෙනෙහි ගිනි සංසිඳුනේයග එකෙණෙහි කුසිනාරා නුවර මල්ල රජදරුවෝ සුවඳ පැණින් රන් කළල රිදී කළ පුරවා වත් කොට දැවුණු චන්දන චිතකයෙහි ගිනි නිවූහග අවට රැුකවල්ලා ධාතුන් වහන්සේ ආරක්ෂා කළහ. මහා පරිනිබ්බාන සූත‍්‍රයල සුමංගල විලාසිනිය හා බුද්ධ වංශයෙහි එන තොරතුරු වලට අනුව ධාතු විභජනයේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවි බව දත් සැණෙන් දඹදිව සෙසු සත් රාජ්‍යයක රජ දරුවෝ කුසිනාරා නුවරට සේනා සහිතව පැමිණල ධාතුන් වහන්සේට ඇති තම අයිතිය කියා පාමින් යුද්ධ කොට හෝ ගනිමැ”යි සිතා ධාතුන් වහන්සේ ඉල්ලා සිටියහග සිදුවිය හැකි අර්බුදය දුටු ද්‍රෝණ නම් බ‍්‍රාහ්මණ ආචාර්යවරයා සියලූ දෙනා සමඟින් කරවා ධාතුන් වහන්සේ අට කොටසකට බෙදා දීමෙන් අනතුරුව එම පිරිස් සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේ නිධන් කළ චෛත්‍ය අටක් ඒ ඒ රාජධානින්හි පිහිටුවා පූජෝපහාර පැවැත්වූහග එම චෛත්‍ය අට දල ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදා දුන් නැළිය නිදන් කොට ”කුම්බස්තූප” නම් චෛත්‍ය දල පිප්පලී නුවර මෞර්ය රජවරු චිතකය තිබූ තැනින් ලබාගත් අගුරු තැන්පත් කොට කරවූ අංගාර චෛත්‍යය ද වශයෙන් චෛත්‍ය දහයක් පළමුව ඇතිවියග අළු නොවී ශේෂ වූ සතර දළදා වහන්සේ අතුරෙන් එක් දළදාවක් සක‍්‍ර දේවේන්ද්‍රයා විසින් රැගෙන ගොස් තව්තිසාවේ දල තවෙකක් නා රජු රැගෙන ගොස් නා ලොව දල තවෙකක් ගන්ධාර දේශයෙහි දල නිදන් කොට සෑයන් බඳවා වන්දනා කරනු ලැබුහග ඛේම නම් රහතන් වහන්සේ ස්වකීය සෘද්ධි බලයෙන් වාම ශී‍්‍ර රදනක දන්ත ධාතුන් වහන්සේ ගෙන කළිගු රට බ‍්‍රහ්මදත්ත රජු ත‍්‍රිවිධ රත්නයෙහි පිහිටුවා පූජා සත්කාර කරනු වස් භාර දුන්හග කාලිංග රාජාවලියේ ගුහසීව නමැති රජු දවස මිසදුටු පඬි රජු නිගණ්ටයන්ගේ බස් අසා ශී‍්‍ර දළදා වහන්සේ පැහැරගනු වස් තම සෙන්පති චිත‍්‍රයාන ලවා කාලිංග රාජ්‍යය ආක‍්‍රමණය කළේයග එමතු ද නොව නිඝන්ඨයන්ගේ උපදෙස් අනුව ශී‍්‍ර දළදා වහන්සේ ගිනි වළක ලා හළු කිරීමට ද වරෙක වානේ කිණිහිරියක තබා යකුළු පහර දී කුඩු කිරීමට ද තවත් වරෙක මහා වලෙක බහා පස් පුරවා ඇතුන් ලවා පෑගවීමට ද අවසානයෙහි මල මූත‍්‍රාදියෙන් පිරුණු අගලකට හෙළීමට ද කුරිරු ලෙස නියෝග කළේය. හැම විටෙකම විස්මිත ප‍්‍රාතිහාර්යය පෑ ශී‍්‍ර දළදා වහන්සේගේ බලමහිමය මැඩලීමට නොහැකි වූ තැන ඇමතිවරුන්ගේ අනුශාසනය පරිදි ශී‍්‍ර දළදා වහන්සේට මහත් ගෞරව නමස්කාර පූර්වකව වැඳ වැටී කළ වැරදි වලට සමාව ඇයැද තම හිස මතට වඩින ලෙසට ආයාචනා කර සිටියේයග එකල්හි සුදු බුදු රැස් විහිදුවමින් පෙළහර පාමින් රජු හිස මතට වැඩි දළදා වහන්සේ මහත් හරසරින් පිළිගත් රජු විචිත‍්‍ර ලෙස තැනවූ ශී‍්‍ර දළදා මාලිගාවක් තනවා වඩා හිඳුවා පුද සත්කාර කළ බව වංශ කථාවලින් හෙළිවේ. යුධ සටන් නිමවීමෙන් පසු පඬි රජු සමඟ හිත මිතුරු වූ ගුහසීව කළිඟු රජු නැවත ශී‍්‍ර දළදා වහන්සේ තමා වෙත ලබාගැනීමට සමත්විය. සර්වඥ ධාතුන් වහන්සේ අතුරෙන් ජීවමානව වැඩ සිටින එකම ධාතුන් වහන්සේ මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ වැඩසිටින වාම ශී‍්‍ර රදනක දාඨා ධාතුන් වහන්සේයග ශී‍්‍ර ලාංකික බෞද්ධයන් පමණක් නොව සකල ලෝකවාසි බෞද්ධයෝම ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා දළදා වහන්සේ වන්දාභිවන්දනයෙන් හා නන්විධ පූජාවෙන් පුදතිග දළදා වහන්සේ යනු ජීවමාන බුදුරජාණන් වහන්සේ බවට බලවත් විශ්වාසයක් හා හැඟීමක් බෞද්ධයන් අතර පවතීග මේ නිසාම රාජ්‍ය පාලකයන්ගේ පමණක් නොව පුරවැසියන්ගේත් අති උතුම් පූජා සංකේතයක් ලෙස දළදා වහන්සේ සම්භාවනාවට පාත‍්‍රවියග රාජ්‍යත්වයේ සංකේතය මෙන්ම කලට වැසි ලබාදී රට සමෘද්ධිමත් කළහැකි විස්මිත බලයක් ඇති මහාර්ඝ වස්තුවක් ලෙස ද සැලකිණ. බුදුරජාණන් වහන්සේ ධාතු පූජාව අනු දැන වදාළ බව අපදානපාලියෙන් ද අනාවරණය වේග සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආදාහනයෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේ සහිත පාත‍්‍රය දල මහා ප‍්‍රජාපතී ගෝතමී තෙරණියගේ ධාතුන් වහන්සේ සහිත පාත‍්‍රය ද ඒ අවස්ථාවන්හි දොහොතින් ගෙන ඔවුන් ගුණ වර්ණනා කළ අයුරු එහි විස්තර වේග බුදුරජාණන් වහන්සේ බුදු පසේබුදුල මහරහත් හා සක්විති චක්කවත්ති යන සිව් මහා පුද්ගලයන්ගේ ශාරීරික ධාතු නිදන් කොට පූජෝපාහාර දැක්වීම අනුදැන වදාළ සේක. එය බොහෝ දෙනාගේ හිතසුව පිණිස වන බව දීඝ නිකායේ දැක්වේ. ධාතු වන්දනාව ලක්දිව ජනයා අතර බුද්ධ කාලයේදීත් ප‍්‍රචලිතව පැවතිණ. තපස්සු බල්ලූක වෙළඳ දෙබෑයන් කේශ ධාතු නිදන් කොට ගිරිහඬු සෑය සාදවා පූජා කළහ. සුමන සමන් දෙවියන්ට භාර දුන් කේශ ධාතු නිදන් කොට මහියංගණ චෛත්‍යය ගොඩනැගූ අයුරු වංශ කථාවල සඳහන් වෙයි. මෙනයින් බලන විට බුද්ධ කාලයෙහිම ධාතු වන්දනාව ලක්දිව ප‍්‍රචලිතව තිබූ බව පැහැදිළියි. අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සම කොට දළදා වහන්සේ උදෙසා පූජා සත්කාර සිදු කිරීම තහවුරුව පවතින්නේ ඒ නිසාය. දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ලැබීම ස්වකීය ජීවිතයේදී ලබන මහත් භාග්‍යයක් කොට බෞද්ධයෝ සලකති. දිනපතා තුන්වරු පූජා සතියේ බදාදා නානුමුර මංගල්ල පූජා පසළොස්වක පෝය දින පූජා හා වාර්ෂික සතර මංගල්ල පූජා ආදි වශයෙන් බුද්ධෝපස්ථාන බුදු පුද තේවා අදත් චිරාගත සාම්ප‍්‍රදායානුකූලව ශී‍්‍ර දළදා වහන්සේ විෂයෙහි ශී‍්‍ර දළදා මාලිගාව තුළ අඛණ්ඩව පැවැත්වේ.

 

දළදා වහන්සේ සෙංකඩගලපුරට වැඩමවීම..

   සෙන්කඩගලපුර ශ්‍රි වර්ධන පුරය හෙවත් මහනුවර කන්ද උඩරට රාජධානියේ අගනුවරයි. පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා (ක්‍රි.ව. 1592 - 1604) සිය රාජ්‍ය උරැමය තහවුරු කර ගැනීම සදහා සීතාවක කුරැවිට දෙල්ගමුව රජමහා විහාරයෙහි වැඩසිටි දළදා වහන්සේ සෙංකඩගලපුැයට වැඩමවීය. එතුමා ස්වකීය රාජ මාලිගය ආසන්නයේම ඉතා මනහර මාලිගාවක් ඉදිකැවා එහි දළදා වහන්සේ වඩා හිඳුවා නන්විධ පූජාවෙන් පිදූහ. එම පළමු දළදා මාලිගාවේ පෘතුග්‍රීසීන් විසින් විනාශ කළ හෙයින් දෙවන රාජසිංහ රජු පැරණි දළදා මාලිගාව තුබූ තන්හිම දෙවන දළදා මාලිගාවක් දෙමහල් කොට ගොඩනැගීය. එම දළදා මැඳුරද ලන්දේශීන් වසින් විනාශ කළෙන් ඔහු පුත් දෙවන විමලධර්මසූරිය රජතුමා මහනුවර තෙවන දළදා මාලිගාව තෙමහල් කොට කරවීය. එම දළදා මැඳුර ජරාජීර්ණ වී තිබුනු දුටු ඔහු පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සිව්වන දළදා මාලිගාව දෙමහල් කොට ඉදිකළේය. අදත් ඔබට දක්නට ලැබෙන්නේ එම පැරණි දළදා මැදුරයි . ශ්‍රී දළදා වහන්සේ අදත් නිරැපද්‍රිතව වැඩසිටින සෙංකඩගලපුරය ලෝක උරුම නගරයක් වීමට ද එය හේතුවිය.
පළවෙනි විමලධර්මසූරිය රජතුමා රජවීමට පෙර කොලොන්තොටට ගොස් එහි සිටීමට නොහැකිව ගෝවට ගියේය. පොහෝ කාලයක් එහි සිටිය දී ගජබාහු නැමති ප්‍රධානියා මරා ලත් ජයග්‍රහණය හේතුකොට ගෙන සම්මාන ලබා නැවත ලක්දිවට පැමිණියේය. ලක්දිවට පැමිණි ඔහු උඩරට වැසියන් හා සම්බන්ධ වූ සේනාව ඇතිව බුදුන් පිරිනිවි දෙහස් එකසිය පන්තිස් වැන්නෙහි ශ්‍රී වර්ධනපුර මහ බලැති පළමුවන විමලධර්ම සූරිය නමින් ප්‍රසිද්ධ යසස් ඇති රජ කෙනෙක් වූයේය. දෙවනගල රතනාලංකාර මාහිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ හා උඩරට ප්‍රධානීනගේ සහය ලැබූ කෝනප්පු බංඩාර පීතෘ ඝාතක පළමුවන රාජසංහ රජු ඇවෑමෙන් දෝන කතිරිනා (කුසුමාසන දේවිය) සරණ කරගෙන ක්‍රි.ව . 1592 දී පළමුවන විමලධර්මසූරිය නමින් රජවිය. සෙංකඩගල පුරවරයෙහි උස් ප්‍රාකාර කරවා පර සතුරන්ගෙන් වැකෙනු වස් ආරක්ෂක ජනයන් යොදවා සියලු ලංකා රාජ්‍ය නිරැලද්‍රිත කළේය. රාජ්‍ය උරුමය සාදාගනු වස් දඨා ධාතූන් වහන්සේ වැඩසිටින්නේ කොතනදැයි විචාරා දෙල්ගමු වෙහෙර යයි දැන අතිශයින් ප්‍රසන්නව සබරගමු රට දෙල්ගමුවෙහි වැඩසිටි දන්ත ධාතුව වඩාගෙන ගෙන්වා තමන්ගේ යහපත් පුරයෙහි දවසක් දවසක් පාසා වදිනට වත් පිළිතේ කරන්නට ද තම රාජ මාලිගය සමීපයෙහි උතුම් භූමි භාගයක සික්කලු දෙමහල් දළදා මාලිගාව කරවා ගලඋඩගම තෙරුන් වහන්සේ ප්‍රමුඛ මැත් ඇමති පිරිස් යවා හිරිපිටියේ දිවනරාල සමග දළදා වහන්සේ සෙංකඩගල පුරයට වැඩමවා දළදාව එහි වඩා හිඳුවා නිරන්තර ආදර ගෞරව සහිතව රන් රැවන් වස්ත්‍රාබරණ ගම්බිම් දැසි දැස් ගව මහේෂාදි වස්තුවද පූජා කළේය.
ඔහුට පසුව රජ වූ සහෝදර සේනාරත්න නරේන්ද්‍ර තෙම (ක්‍රි.ව. 1604 ( 1635) රජ වි දානාදී පුණ්‍ය කර්මයන් හී යෙදී දන්ත ධාතු පූජා හා මහ දන් පැවැත් විය. මෙකළ කොලොන් තොට මෙකල කොලොන්තොට සිටි පරංගීන් කෙත්වතු නසා ගෙවල් දවමින් කුල පරම්පරා නසිමින් සිංහලයෝ වැනසූහ. පුරයන් ද චෛත්‍යාරාමයන් ද ප‍්‍රතිමා මන්දිරයන් ද විනාශ කළහ. මෙම අවස්ථාවෙහි දන්ත ධාතුන් වහන්සේ ගෙන්වා නිර්භය ස්ථානයන්හි පිහිටුවා දළදාරක්ෂාවෙහි නියුක්තයන් ද එහිම වස්වා පූජා විධි පවත්වමින් දන්ත ධාතුව මොනවට රැුකගත්තේය. ආක‍්‍රමන අවස්ථාවේ සේනාරත්න රජතුමා හස්තසාර වස්තු ආදින් ගෙන වැඩිමල් සහෝදර රජුගේ පුත‍්‍රයන් ද ගැබ් සහිත මහේෂිකාවන් ද රැගෙන මහියංගණයට ගියේය. මේ අතර සතුරු නායකයා කොලොන්තොට ගිනි ගෙන සතුරු ජනයා පලා යන ආකාරය සිහිනයකින් දැක බියට පත්ව ගිය අයුරු දැක සෙනරත් රජතුමා සුදුසු කල් දැන යළි මහනුවරට පැමිණියේය. එසේ පැමිණ තම පුත‍්‍රයා හා වැඩිමල් සහෝදරයාගේ පුත‍්‍රයන් ද දන්ත ධාතුන් වහන්සේ ලඟ තබා ලදුපත් ඇද කුමාරසිංහ කුමරුට ඌව රට ද, විජයපාල නම් කුමරුට මාතලේ නම් රට ද, රාජසිංහ නැමැති බාල කුමරුවාට උඩරට පස් රට ද පාවා දුන්නේය. මෙසේ ලදුපත් ඇදීමේදී ඒ ඒ පළාත් සහිත ලදුපත අනුව තමන්ගේ බාල පුත‍්‍ර රාජසිංහට උඩරට පස්රට අයිති වීමෙන් පිනැත්තෙකැයි සතුටුව දානාදී පුණ්‍යකර්ම සිදු කොට සත් වසරක් වාසය කළේය. පිය රජුගේ ඇවෑමෙන් ඒ ඒ තන්හි රජ කරමින් සිටි සොහොයුරු කුමරුවන් එකිනෙකා යුධ කරමින් ඔවුනොවුන්ට විරුද්ධ වූහ. ඔවුනතුරෙන් රාජසිංහ රජතුමා වැඩිමල් අනෙක් සහෝදරයන් පහකොට රාජ්‍ය බලය තමන් අත්පත් කරගත්තේය. වැඩිමල් සහෝදර රජු දෙවන රාජසිංහ රජ තෙමේ වික‍්‍රමාන්විතව පියා සතුව තිබූ මුළු රටම තමා සතු කරගෙන පෙර දළදා මාලිගාව පැවති තැන්හිම දෙමහල් දළදා මන්දිරයක් කරවා දළදා වහන්සේ එහි වඩා හිඳුවා පුද සත්කාර කළේය.

ඉක්බිති ඒ රාජසිංහ රජතුමාගේ පුත‍්‍ර දෙවන විමලධර්මසූරිය කුමරු රජවිය. අභිෂේක ලැබූ ඒ රජතුමා බුද්ධ ශාසනයේ ප‍්‍රසන්නව දංෂ්ට‍්‍රා ධාතු පූජාදිය සියල්ල නොයෙක් පරිද්දෙන් ආරම්භ කොට දළදා වහන්සේ උදෙසා මනෝරම්‍ය වූ නොයෙක් කර්මාන්තයන්ගෙන් බබලන තුන්මහල් දළදා මාලිගාවක් කරවා රිදී විසිපන්දහසකින් මනහර කඬුවක් කරවා එය රනින් ආලේප කොට නවරත්නයන් ඔබ්බවා රත්න චෛත්‍යයක් සමාන වූ එම මහ කරඬුවෙහි සර්වඥ දාඨා ධාතුන් වහන්සේ වඩා හිඳුවා තැන්පත් කළේය.

ඒ රජතුමාට පසුව ඔහු පුත් වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ නම් කුමාරයා රජ වූයේය. ස්වකීය පියාණන් විසින් දන්ත ධාතුන් වහන්සේ උදෙසා මහනුවර කරවන ලද මන්දිරය ජීර්ණ වූවා දැක කම්පිතව අභිනවයෙන් දෙමහල් උතුම් සුබ ප‍්‍රාසාදයක් කරවීය. නානාවිධ විචිත‍්‍ර කර්මයෙන් බබලන ද්වාරයෙන් යුක්ත කොට කලධෞත පර්වතයක් මෙන් සුණුවමින් බැබලූම් ඇති කොට පලයෙන් අලංකාර කොට මාලකද්වයෙහි බිත්ති මත විදුර ජාතයෙ ගුත්තිල, උම්මග්ග, ජාතකය, දධිවාහන, මහාකණහ, සුතනු ජාතකය, ජද්දන්ත ධම්මද්වජ, ධම්මපාල, ජාතකය, මහාජනක ජාතකය, පදමානවක ජාතකය, ධම්මසොණ්ඩි ජාතකය, මහානාරද ඛස්සප ජාතකය, මහාපදුම, තෙලපත, චුල්ලපදුම, ජාතකය, සත්තුභත්ත ජාතකය, අන්ධභූත, චම්පෙය්‍ය, සස ජාතකය, විසයහ කුස, සුතසෝම, සිවි, තේමිය යන ජාතක ද චුල්ල ධනුද්ධර ජාතකය, සච්චංකිර ජාතකය, දුම්මේධ ජාතකය, කාලිංග බෝධි ජාතකය, සීලව ජාතකය, මාණ්ඩබ්බ ජාතකය හා වෙස්සන්තර යන මේ ජාතක දෙතිස විචිත‍්‍ර වූ සිතුවමින් අඳවා නිමවා ශෝභාමත් කළේය. ලෝකයට අසහාය නායක සර්වඥ වූ මුනින්ද්‍රයන් වහන්සේගේ ධාතුන් වැඞීමෙහිලා එක් රියන් හමාරක් උස කරඬුවක් කරවා සර්වණයෙන් ආලේප කොට මැණික් ගල් හත්සියයක් ද බඳවා ඒ සධාතුක කරඬුව අනේක වූ සද්ධර්ම පුස්තකයන් ද කැප කොට පූජා කළේය. අද ද දක්නට ලැබෙනුයේ ඒ විසිතුරු දළදා මාලිගාවය. දානාදි පිංකම්හි යෙදුණු එතුමා දන්ත ධාතු පූජා ද දවසක් දවසක් පාසා සිදු කොට මහා පුණ්‍ය සම්භාරයක් අත් කරගත්තේය. නරේන්ද්‍රසිංහ රජතුමා සුගත චීවර ප‍්‍රමාණ වූ සිවුරක් කරවා පූජා වස්තුවෙන් නොයෙක් පරිද්දෙන් සර්වඥ දාඨා ධාතුව පිදීය.
ඒ රජුගේ ඇවෑමෙන් අග මෙහෙසියගේ බාල සොහොයුරු ශී‍්‍ර විජය රාජසිංහ නමින් රජවිය. එතුමාගේ බිසෝවරුන් ශ‍්‍රද්ධාවෙන් සකස් කොට සර්වඥ දන්ත ධාතුවට දවසක් දවසක් පාසා සමන් මල් ආදි නානාවිධ පුෂ්පයෙන් ද සුවඳ තෙල් යෙදූ පහනින් ද නානාවිධ සුවඳ දුමින් ද සක්කරයෙන් හා මීයෙන් ද, අනෙකුත් භේසජ්ඣයෙන් ද වස්ත‍්‍රාභාරණ ආදියෙන් ඛාජ්‍ය භෝජ්‍ය ලෙයිය පෙයිය හා රස විදිය යුතු දෙයින් පූජාවෙන් ද රජත ස්වර්ණමය පාත‍්‍රයෙන් ද තිර හා ඇතිරියෙන් ද, නානාවිධ පරිස්කාරයෙන් ද, මාහැඟි චීවරයෙන් ද, පුදා පුණ්‍ය රාශියක් රැස් කළේය.
• මෙරජු සමයෙහි අභිනවයෙන් ධාතු මන්දිරයෙහි වඩා හිඳුවීමෙන් මහත් දෝෂයක් වන්නේ යැයි කී මිසදුටු බස් අසා අන්‍යයන් ලවා කරවන්ට නියෝග කොට අගනුවරින් බැහැරව වෙනත් නුවරකට ගොස් වාසය කළේය. එවිට ඇමතියන්, වාත්තුකරුවන් ආදින් සමඟ එකතුව කරඬුව විවෘත කිරීමට කරන ලද උත්සාහය සඵල නොවූ තැන ඇමතියෝ ඒ පුවත මහරජුට සැල කළහ. එබස් ඇසූ රජතුමා යුහුසුළුව අවුත් නානාවිධ සුවඳ පුෂ්පයන්ගෙන් ද පහන් දුම් ආදියෙන් ද පුදා වැඳ යතුරු මුද්‍රාව ගෙන එකෙණෙහිම කරඬුව විවෘත කළේය. පිළිවෙලින් කරඬුව විවෘත කර ඇතුල් කරඬු‍වෙහි වූ සර්වඥයන් වහන්සේගේ දංෂ්ට‍්‍රා ධාතුව දැක තමා ලැබූ ආත්මය සඵලවී යැයි ප‍්‍රීතියෙන් නුවර වැස්සන් රැුස් කරවා මහ සැණකෙළි පවත්වා පුද සත්කාර කළේය. ඒ අද්භූතය දැක ප‍්‍රීති ප‍්‍රමෝදයට පත් රජතුමා මිණිමුතු ආදියෙන් දන්ත ධාතුන් වහන්සේ පුදා දන්ත ධාතුව සිය හස්තය නැමති පද්මයට ගෙන සියල්ලටනම ප‍්‍රදර්ශනය කළේය.

පෙර රජුන් කරවන ලද ධාතු මන්දිරය ස්වර්ණයෙන් විසිතුරු කොට නානාවිධ වස්තුවෙන් සරසා නානා විධ සුවඳ තෙලින් පහන් දල්වා, පුන්කලස් තබ්බවා, දේවමන්දිරයක් සෙයින්, විචිත‍්‍ර වූ ඒ මැදුරෙහි රිදී අසුන් මත්තෙහි සර්වඥයන් වහන්සේගේ දළදාව වඩා ධාතු පූජා කළේය. නුවර සරසා සුද්ධ කරවා සකස් කොට වැලි ඉස ඒ දන්ත ධාතු පූජාවෙහිලා ධාතු මන්දිරය හාත්පස ඇතුළු මළුව, පිටත ආලින්දය රජමළුව හා සියළු වීදි දෙපස උස්වූ ඇද නැති තොරණ් සාදවා කෙසෙල් ගස් බැඳ පුවක් මල් පොල් මල් ආදියෙන් සැරසීය. ඒ රජතුමා දාගෙයින් නික්ම රිදී කුඩයෙන් ද රන් කරඬුවෙන් ද මනා සෙමර පෙළින් ද රන් රිදී ආදි නානාවිධ පුෂ්ප ජාතියෙන් ද නානාවිධ පූජා වස්තුවෙන් ද නොයෙක් පංචාංග තූර්යාදියෙන් ද නොයෙක් මහපුද පවත්වමින් උතුම් දළදා දන්ත ධාතුව දක්වා අවට සිටි ජනයා සතුටු කොට එය යථා ස්ථානයේම වැඩුයේය. රාජාධි රාජසිංහ රජතෙමේ ස්වකීය පුරයෙහි ද, රටවල ද ඒ ඒ තැන්හි චෛත්‍යන්හි එක දවසින්ම පහන් පුද කෙරෙත්වායි ආඥා කොට ජන සමූහයා රැුස් කරවා සත් ලක්ෂ අනූ දහස් සත්සියයක් පහනින් පූජා කළේය. දංෂ්ට‍්‍රා ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට එක්රියන් හමාරක් උස්වූ රන්මුවා කරඬුවක් ද කරවා මිණි මුතු ආදියෙන් බඳවා හමාර කිරීමට පෙර මිය ගියේය. ක්‍රි.ව.1713 ඇසළ මස පුරපසළොස්වක දින සතවක නම් තිථියලත් ශනිදින ශී‍්‍රමත් දළදා වහන්සේට සවර්ණමය පාත‍්‍රයක් බිසවගේ මතක දානය සඳහා පිදීය.
විජය රාජසිංහ රජුට පසුව රජවූයේ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුය. ධාර්මික පාලකයෙක් වූ ඔහු චක‍්‍රරත්නය ආරක්ෂා කරන සක්විති රාජයෙකු මෙන් දළදාව රැුක්කේය. පෙර රජුන් පවත්වාගෙන ආ පරිද්දෙන් පූජාවන් ද අළුත් පුද සිරිත් ද මනාව ඉටු කළේය. දළදා මාලිගය පිළිසකර කරවා රන් රිදී මුතු මැණික් ආදියෙන් ද, උඩු වියන් වටතිර සිවුරු පිරිකර හා විවිධාභරණ වලින් ද, ඇත් අස් ගව මහීෂාදීන් ද, දැසි දස් ග‍්‍රාම ක්ෂේත‍්‍ර ආදියෙන් ද පිදීය. විජය රාජසිංහ රජු දවස කරවා නිම නොකළ රන් කරඬුවක් නිම කිරීමට සිතා සත් නිකක් අධික කොට ඇති රන් දෙදහසකින් කරවන ලද මැණික් වන් මනහර සේ කරඬුව නිමවා මුදුනෙහි මහාර්ඝ දියමන්තියක් ඔබ්බවා තවත් දියමන්ති 160 ක් ද පුෂ්පරාග 171 ක් ද නිල් කැට 585 ක් ද රතු කැට 4880 ක් ද මුතු 778 ක් ද බැඳ විසිතුරුව නිම කළේය. විමලධර්මසූරිය රජතුමා කරවූ කරඬුව රන් ආලේප කොට මහත් බුදු පුද උත්සවයක් පවත්වා දළදා වහන්සේ එහි තැන්පත් කළේය.

සියම් දේශයෙන් වැඩි ප‍්‍රවර උපාලි තෙරුන් හා වැලිවිට සරණංකර සඟ රජ මාහිමි උවදෙසින් වර්තමානයේ පවත්නා ආකාරයට දළදා පෙරහැර පෙරටු කොට සිව්මහා දේවාල පෙරහැර වීදි සංචාරය කිරීමේ සිරිත ඇරඹුනේ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමාගෙනි. එතුමා තමන් එතෙක් භාවිතා කළ රන්හිලිගෙය ධාතු කරඬුව තැන්පත් කිරීම සඳහා පූජා කළේය. රනින් නිම වූ මුතු මැණික් ආදියෙන් සරහන ලද දැකුම්කළු වටිනා මාල පළඳනා අතර අග මෙහෙසියගේ වටිනා මාල පළඳනාවෙක් සැරසී ඇති පෙරහැර කරඬුව පූජා කළේ ද මෙතුමා විසිනි. මෑතක් වන තුරුම දළදා පූජා කාර්යයන්හි භාවිතා කෙරුණු අටපිරිකර පූජා කරනු ලැබූවේ ද රනින් හා මාණික්‍යයෙන් අලංකෘත වූ අවාන රන්මිට සහිත චාමරය, වටිනා මාණක්‍යයෙන් හා රනින් නිමවූ දළුමුර තට්ටුව කරවා පූජා කළේ මෙතුමා විසිනි. කවිකාර මඩුවේ ප‍්‍රයෝජනයට ගන්නා රිදී උඩැක්කි දෙක ද පන්තේරු දෙක ද මෙතුමාගේ පූජාවකි. තම කේෂ කලාපය හා හිස්වැසුම සමඟ ඇඳුම් කට්ටලයක් ද බුදුබව පතා දළදා වහන්සේට පි¥හ.
1765 දී ලන්දේසිහු උඩරට රාජධානිය අල්ලා ගත්හ. රජු පිරිවරත් සමඟ දළදාව හා සාරධනය ද බිසව ද සඟවාගෙන රට මැදට ගොස් සැඟවුනේය. වසරක් පමණ හඟුරන්කෙත වඩා හිඳුවා එහි පුද සත්කාර කර නැවත කෙවුල්ගමට වඩමවා මැදමහනුවර කුණ්ඩසාලේ හරහා සෙංකඩගලට වැඩමවා රජු අතින්ම මහ කරඬුවේ තැන්පත් කළේය.
ඒ රජු ඇවෑමෙන් රාජධි රාජසිංහ මහනුවර රජවිය. ඔහු ද දළදා වහන්සේ උදෙසා ශ‍්‍රද්ධාවෙන් එක රැුයක පහන් ලක්ෂයක් දල්වා පූජා පැවැත්වීය.
ඉන්පසු ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි. ව. 1798 - 1815) රජවිය. ඔහු ද දළදාව රැුකගැනීමට මහනුවරින් පලාගොස් කිතුල්පේ මන්දිරයක තැන්පත් කළේය. කිතුල්පෙන් වෑගම ගල්ලෙන් විහාරයට ද සතුරු බිය පහවූ විට යළි කිතුල්පේට වැඩමවා පසුව හඟුරන්කෙත අරත්තන, මැදපිටිය විහාරය, වල්ලිවල, කුණ්ඩසාලේ ආදි ස්ථාන වලට දළදාව වැඩමවා යළි මහනුවරට වැඩමවූහ. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජතුමා මෙම ජයග‍්‍රහණය සමරනු වස් ඇසළ පෙරහැර පවත්වා සුදු අසුන් යෙදූ රථයක නැගී දින පහක් රජුම සහභාගි වූ බව කියවේ. ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේ උදෙසා පුද සිරිත් ඉටු කරමින් ක‍්‍රි. ව. 1802 - 1812 උඩරට වාස්තු විද්‍යාවේ අග‍්‍රගණ්‍ය නිර්මාණයක් වූ පත්තිරිප්පුව ද එහි ඉදිරිපසින් දර්ශනීය වාරැුලි බැම්ම ද කරවීය. මහනුවර නගරයට හා ශී‍්‍ර දළදා මාලිගාවට චමත්කාර දර්ශනයක් ඇතිකර දෙන්නා වූ කිරි සයුර නම් වූ මහනුවර වැව 1807 දී කරවනු ලැබූයේ ද ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජතුමාය.
1815 මාර්තු 02 වනදා දළදාව ඉංග‍්‍රීසිනට අයත් විය. රජු හා රදළ ප‍්‍රධානින් අතර පැවති බලලෝභි විරසකය නිසාත් ඉංග‍්‍රීසින් තුළ පැවති කපටිකම් හා නවීන යුධ ශක්තිය නිසාත් 1815 මාර්තු 02 වන දා බුද්ධ වර්ෂයෙන් වසර 2358 පමණ රජවරුන් සතුව තිබූ දළදා හිමිකම හා උරුමය අහෝසි වී සමස්ත ලෝකවාසි බෞද්ධ දුර්භාග්‍යක ප‍්‍රතිඵලයක් වශයෙන් අන්‍යාගමික බටහිර ජාතියකට දළදාවේ භාරකාරත්වය පැවරිණ.
1815 ඉංග‍්‍රීසින්ගේ උඩරට ගිවිසුමට පෙරාතුවම ඊට ආසන්න කාලයෙහි දළදා වහන්සේ මහනුවර තබාගැනීම නුවණට හුරු නොවන බව සිතා මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් එවකට සිටි කපුවත්තේ දියවඩන නිලමේතුමාගේ නිල කාලයෙහි කොත්මලේ පුසුල්පිටිය විහාරයට දළදාව වැඩමවූ බව දළදාවංශය හෙවත් දංෂ්ට‍්‍රා ධාතු කථාහි සඳහන් වේ.
එම කාලය තුළ සිරිත් පරිදි වාරියපොල ශී‍්‍ර සුමංගල අනුනාහිමි මහනුවර දළදා මාලිගාවේ තේවා කටයුතු වල යෙදී සිටියහ. මේ අයුරින් මහනුවරින් පිටත වැඩමවා තිබූ දළදා වහන්සේ යළි මහනුවරට වැඩමවා ගැනීමට ඉංග‍්‍රීසිහු උනන්දු වූහ. 1815 අපේ‍්‍රල් 24 වන දින දළදා වහන්සේ හිඳගල සිට මහනුවරට සුභ නැකතින් මහ පෙරහැරින් වැඩමවා තැන්පත් කළ බව වාර්තා වේ.
1818 ඌවේ කැරැල්ල ඇතිවූ අවස්ථාවේදී නැවතත් දළදා වහන්සේ සඟවාගෙන ගිය බව පැවසේ. වීර කැප්පෙටිපොල හ හඟුන්කෙත රැස්ව සිටි පිරිසට කුරුණියක් පෙන්වා හේවායන් දෙදෙනෙකු විසින් මහනුවර සිට දළදා වහන්සේ වැඩමවූ බව ප‍්‍රකාශ කොට සිටියේය. දළදාව ප‍්‍රදර්ශනය කළ ඔහු මෙසේ දළදා වහන්ස් තමන් සතු බව ප‍්‍රකාශ කොට ජයග‍්‍රහණය නියත බව ප‍්‍රකාශ කළේය. ක‍්‍රි. ව. 1818 නොවැම්බර් මස 01 වන දින ලැබුණු ඔත්තුවකට අනුව 1818 නොවැම්බර් 02 වන දා ඉංග‍්‍රීසි සෙබළුන් විසින් භික්ෂූන් වහන්සේ නමක් පොදි කීපයක් සමඟ අල්ලා ගන්නා ලදී. ඒ පොදි අතර දළදා වහන්සේ රැදි කරඬුව ද හමුවී ඇත.

මෙසේ 1815 සිට 1847 දක්වා කාලය තුළ අවස්ථා කීපයකදී හැර අනෙක් කාලය තුළ දළදා වහන්සේ ඉංග‍්‍රීසි පාලකයන්ගේ භාරයේ පැවතිණ. එහෙත් මිෂනාරි පූජකයන්ගේ හා ක‍්‍රිස්තියානි ආගමිකයන්ගේ විරෝධය මත 1846 දී ජූනි මස 25 වන දින ලියා ඇති වාර්තාවකින් ස්ටැන්ලි සාමිවරයා ආණ්ඩුකාරයාට දුන් උපදෙස් අනුව ආණ්ඩුකාරයාගේ උපදේශකයෝ ද බෞද්ධයනට දළදාව පවරා දීමට නිර්දේශ කිරීමට එකඟ වූහ. මේ අනුව 1846 අංක 02 දරණ ව්‍යවස්ථාවෙන් මධ්‍ය මණ්ඩලයක් පත්කරන ලදී. ඉහත කී භාරකාර මණ්ඩලයට දළදාව පැවරූ බව ක‍්‍රි. ව. 1853 අපේ‍්‍රල් 07 වන දින යටත් විජිත භාර ලේකම් මධ්‍යම පළාක් ආණ්ඩුකාරවරයාට යැවූ ලිපියක සඳහන් වේ. නමුත් 1847 කැරැල්ල හේතු කොටගෙන නැවත වරක් දළදා වහන්සේ ඉංග‍්‍රීසින්ගේ භාරයට පත්විය. යළි 1853 අපේ‍්‍රල් 07 වන දින යටත්විජිත භාර ලේකම් මහනුවර ඒජන්තවරයාට යවන ලද අංක 152 දරණ රාජඥාපත‍්‍රයෙන් 1853 දී දළදා වහන්සේ සිංහල පක්ෂයට භාරදෙන ලදී. එසේ භාරවූයේ මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනමට හා දියවඩන නිලමේවරයාටය. එතැන් සිට අද දක්වාම දළදා වහන්සේ හා ශී‍්‍ර දළදා මාලිගාව මෙම තුන් පාර්ශවය භාරයේ අඛණ්ඩව පවතී.

newmaligawa 0

Ingenuity1

NASA ආයතනය 1997 දී අඟහරු වෙත Rover යානා යැවීමේ ව්‍යාපෘති ආරම්භ කළා. මේ වන විට ඔවුන් අඟහරු වෙත Rover යානා 4ක් යවා තිබෙනවා; Sojourner (1997), Spirit සහ Opportunity (2004), Curiosity (2012). අඟහරු වෙත යැවීමට සුදානම් කර ඇති නවතම Rover යානය වන්නේ Perseverance ය. මෙය සාමාන්‍ය Rover යානයක් වුවද මෙහි විශේෂත්වය වන්නේ ඒ සමඟ Ingenuity නම් කුඩා හෙලිකොප්ටරයක් අඟහරු වෙත ගොඩබැස්වීමට කටයුතු යොදා තිබීමයි.

Perseverance Rover

Curiosity රෝවරයට ඉතාමත් සමාන ලෙස නිපදවා ඇති Perseverance රෝවරය දිගින් අඩි 10 ක් සහ පළලින් අඩි 8ක් වනවා. මෙය අඩි 7ක උසින් යුක්තවන අතර බර කිලෝග්‍රෑම් 1050ක්. Curiosity මෙන්, Perseverance සතුවද රෝද හයක්, රොබෝ අතක් සහ පාෂාණ සාම්පල ලබා ගැනීමට drill එකක් ද පවතිනවා. නමුත් නව රෝවරය මඟින් අරමුණු කිහිපයක් ඉටු කරගැනීමටයි NASA ආයතනය බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා අති නවීන උපකරණ කිහිපයක්ම Perseverance වෙත එක් කර තිබෙනවා. ඒ අතර ඇති එක්ස් කිරණ වර්ණාවලීක්ෂය සහ පාරජම්බුල ලේසර් මඟින් අඟහරු මත අතීතයේ පැවති ජීවි සාධක ක්ෂුද්‍ර ජීවි පරිමාණයෙන් පරික්ෂා කර බැලිය හැකි වනවා. ඊට අමතරව අඩි 30 (මීටර් 10) ක් පමණ ගැඹුරට පාෂාණ, ජලය සහ අයිස් තට්ටු සිතියම් ගත කළ හැකි භූගත විනිවිද යන රේඩාර් උපකරණද වේ. මෙය අඟහරු පෘෂ්ඨයට පහළින් ඇති දෑ නිරීක්ෂණය සඳහා වන පළමු උපකරණය වනවා.

Mars 2020 rover NASA

Perseverance රෝවරය සතුව පළමු අඟහරු රෝවරය වන Sojournerට වඩා පස් ගුණයකට වැඩි කැමරා සවි කර තිබෙනවා. ඒ අනුව නව රෝවරයේ කැමරා 23 ක් ඇත. ඒවා Curiosity වලටත් වඩා වර්ණ වලින් යුත් ත්‍රිමාණ රූප ලබා දෙනු ඇතැයි Perseverance හි ප්‍රධාන zoom කැමරාවේ මුලික පරීක්ෂකයා වන ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ, ජිම් බෙල් පවසනවා. නව තාක්ෂණයෙන් නිර්මාණය කර ඇති මෙම කැමරාවලින් මෙගාපික්සල් 20 වර්ණ ඡායාරූප ලබා ගත හැක. එමෙන්ම ඒවාට පුළුල් දෘෂ්ටි කෝණයකින් ඡායාරූප ලබාගත හැකි නිසා ඡායාරූප කිහිපයක් ගැනීම වෙනුවට, අදාළ දර්ශනය එක ඡායාරූපයකින් ග්‍රහණය කර ගත හැක. එසේම කැමරාවල චලන බොඳවීම (Motion Blur) අඩු බැවින් රෝවරය ගමන් කරන විටද ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

Ingenuity Helicopter

Ingenuity අඟහරු හෙලිකොප්ටරය NASA ආයතනයට අනුබද්ධ JPL (Jet Propulsion Laboratory) හි නිර්මාණයක් වනවා. එය කලින් නම් කර තිබුණේ Mars Helicopter Scout ලෙසයි. එයට නමක් ලබාදීම සඳහා NASA ආයතනයෙන් පැවැත්වූ රචනා තරඟයෙන් පසු Vaneeza Rupani නම් 17 හැවිරිදි පාසල් දැරිය විසින් එවූ Ingenuity යන නම තෝරාගත් බව NASA ආයතනය අද (30) දිනයේ නිල වශයෙන් නිවේදනය කළා

Ingenuity02

Vaneeza Rupani සහ Ingenuity හෙලිකොප්ටරය

අඟහරු මත ආරක්ෂිතව හෙලිකොප්ටරයක් පියාසර කළ හැකිද යන්න තක්සේරු කිරීම Ingenuity හෙලිකොප්ටරයේ එක් අරමුණකි. ඊට අමතරව අඟහරු ග්‍රහයා ඉහළ සිට සිතියම්ගත කිරීමත් අනාගතයේ පැමිණෙන රෝවර් යානා සඳහා හොඳම ධාවන පථ සැලසුම් කිරීමට මග පෙන්වීම ලබා දීමත් අපේක්ෂා කෙරේ. එවිට එම රෝවර් යානා උපද්‍රව නොමැති මාර්ග ඔස්සේ ගමන් කරවීමට සැලසුම් කළ හැක. එමඟින් අනාගත රෝවර් යානා වඩා ආරක්ෂිතව දැනට ගමන් කරන වේගය මෙන් තුන් ගුණයක වේගයෙන් අඟහරු මත ධාවනය කළ හැකි යැයි NASA ආයතනය පවසනවා. මෙම පරීක්ෂණය මගින් අනෙකුත් ග්‍රහලෝකවල වායුගෝලයේද යානා ගුවන් ගත කිරීම සඳහා වූ පදනම සැකසෙනු ඇති බව පැවසේ.

mars helicopter

හෙලිකොප්ටර් යානා පෘථිවියේ පැරණි තාක්‍ෂණයක් වන නමුත් අඟහරු මත පියාසර කිරීම විශාල අභියෝගයක් වනවා. අඟහරුගේ පවතින තුනී වායුගෝලය නිසා, හෙලිකොප්ටරයක් ​​අඟහරු පෘෂ්ඨයට මඳක් ඉහළින් පියාසර කරන විටත් එය අඩි 100,000 ක පෘථිවි උන්නතාංශයකට සමාන වේ. එය පෘථිවියේ හෙලිකොප්ටර් හෝ සාමාන්‍ය ගුවන් යානා පවා පියාසර කරන මට්ටමට වඩා බොහෝ සෙයින් වැඩි ය. පෘථිවියේ හෙලිකොප්ටරයක උන්නතාංශය වන්නේ අඩි 40,000 ක් පමණි.

එබැවින් JPL හි NASA ඉංජිනේරුවන්ට ඉතා සැහැල්ලු හා ඉතා ශක්තිමත් යානයක් සෑදීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස බරින් කිලෝග්‍රෑම් 1.8 ක් වැනි ඉතා සැහැල්ලු Ingenuity හෙලිකොප්ටරය නිර්මාණය විය. තුනී වායුගෝලයට ඔරොත්තු දීම සඳහා එහි රොටර් බ්ලේඩ් 3,000 rpm වේගයෙන් භ්‍රමණය වන අතර එය බොහෝ පෘථිවි හෙලිකොප්ටර වලට වඩා 10 ගුණයක් වේගයක් වනවා. එසේම දෙපසට භ්‍රමණය වන අවරපෙති දෙකක් යොදාගෙන ඇති නිසා අඟහරු මත තුනී වායුගෝලය Ingenuity හට ගැටලුවක් නොවන බව එහි ඉංජිනේරුවන් පවසනවා. ධාවනයට අවශ්‍ය බලය ලබාගන්නේ 2000 mAh බැටරියකිනි. එය සුර්ය කෝෂ මඟින් නැවත ආරෝපණය වනවා.

අඟහරු භූමි ප්‍රදේශය තුළ සැරිසැරීම, ගොඩබෑම සහ විද්‍යා සමීක්ෂණය සඳහා ඉහළ resolution අගයක් ඇති කැමරාවක් මෙහි සවිකර තිබෙනවා. එසේම මෙහි Perseverance රෝවරයට දත්ත සම්ප්‍රේෂණය කිරීමේ සන්නිවේදන පද්ධතියක්ද අඩංගු වනවා. Ingenuity අඟහරු හෙලිකොප්ටරය ගුවන් යානයක් වුවද, අභ්‍යවකාශ යානයක් ලෙස ඉදිකර ඇත්තේ දියත් කිරීමේදී ඇතිවන ගුරුත්ව බලය සහ කම්පනය දරා ගැනීම සඳහා ය. එසේම අඟහරුගේ ශීත පරිසරය තුළ ක්‍රියාත්මක විය හැකි විකිරණ-ප්‍රතිරෝධී පද්ධති ද එයට ඇතුළත් වේ.

ඒකාකාරී නොවන අඟහරු චුම්බක ක්ෂේත්‍රය නිසා මඟ සොයා ගැනීමට මාලිමා යන්ත්‍රයක් භාවිතා කිරීමට නොහැකි බැවින් ඒ සඳහා Solar tracker කැමරාවක් භාවිතා වේ. මිට අමතරව gyros, visual odometry, tilt sensors, altimeter, සහ hazard detectors ද මෙහි ඇතුළත් වේ.

Ingenuity ගේ මෙහෙයුම

මෙම කුඩා ඩ්‍රෝන හෙලිකොප්ටරය 2020 අඟහරු මෙහෙයුමේ කොටසක් ලෙස Perseverance රෝවරයෙන් අඟහරු මතට යොදවනු ඇත. රෝවර් මෙහෙයුමේ මුල් දින 30 දී Ingenuity හෙලිකොප්ටරය පස් වතාවක් පියාසර කරවීමට අපේක්ෂා කෙරේ. මුල්ම අවස්ථාවේදී පරික්ෂා කිරීමේ ගුවන් ගත කිරීම් සිදු වන අතර පසුව ගුවන් කාලය වැඩි කෙරෙනු ඇත. එම සෑම ගුවන් ගමනකටම මිනිත්තු 3 කට වඩා අඩු කාලයක් ගත වනු ඇති අතර, බිම සිට මීටර් 3ත් 10ත් දක්වා උසකට එය පියාසැරීම සිදුවේ. එක් ගුවන් ගමනකදී මීටර් 300 දක්වාවූ දුරක් හෙලිකොප්ටරය මඟින් ආවරණය කළ හැකිය. එහි ස්වයංක්‍රීය පාලනයක් පවතින අතර එක් එක් ගොඩබෑමෙන් පසු කෙලින්ම Perseverance රෝවරය සමඟ සන්නිවේදනය කරනු ඇත

kennedyspacecenter 1024x683 1

Atlas V-541 රොකටය

Perseverance රෝවරය සහ Ingenuity හෙලිකොප්ටරය රැගත් Atlas V-541 රොකටය ෆ්ලොරීඩාවේ කේප් කැනවරල් ගුවන් හමුදා මධ්‍යස්ථානයෙන් 2020 ජුලි මස 17 වනදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 6.30ට අභ්‍යවකාශගත කිරීමට නියමිතව තිබේ. Perseverance රෝවරය 2021 පෙබරවාරි මස 18 වන දින අඟහරු මතට ගොඩබැස්වීමටයි NASA ආයතනය සැලසුම් කර ඇත්තේ. Ingenuity අඟහරු හෙලිකොප්ටරය අපේක්ෂා කළ පරිදි ක්‍රියාත්මක වුවහොත්, අනාගත අඟහරු මෙහෙයුම් සඳහා වන සැලසුම ඒ මත ගොඩනැගීමට NASA ආයතනයට හැකිවනු ඇත.

(අන්තර්ජාලය ඇසුරින් උපුටා ගැනීමකි)

News & Events

07
Nov2023
විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත්...

13
Sep2022
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න...

30
Mar2021
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

" රටකි දැයකි ලොවකි ඇය "  ...

09
Mar2021
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය  පසුගිය දිනක...

03
Mar2021
බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්........

18
Feb2021
 1920 කෘෂි උපදේශන සේවාව

1920 කෘෂි උපදේශන සේවාව

  ලාංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටළුවලට...

16
Feb2021
ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

   බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වාභාවික ආපදා...

12
Feb2021
අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස්...

Scroll To Top