Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

07
Nov2023
විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..      වෘත්තීය සුදුසුකම් ඇති එහෙත් NVQ සහතිකයක් නොමැති විදේශ ගත වීමට කැමති රැකියා අපේක්ෂකයින් සඳහා RPL (පෙර දැනුම පදනම් කර ගත්) ක්‍රමය යටතේ NVQ සහතාක ලබා දීම ද මෙහි දී සිදු වේ.  

13
Sep2022
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…   ලොව පුරා මිනිසුන් මේ වනවිට පසු කරමින් සිටින්නේ ඉතාමත් තීරණාත්මක කාල වකවානුවක්. රටක් ලෙස  ශ්‍රී ලංකාව ආර්ථික සහ දේශපාලනමය අර්බුදකාරී තත්වයකට මුහුණ දෙන අතර තුර මුළු මහත් ලෝකයම අඩපණ කල කොවිඩ්-19 සහ වසංගතය, රටවල් අතර වර්ධනය වන යුධමය තත්වයන්, දේශගුණ විපර්‍යාස...

02
Jun2021
පැය 24 පුරාම ක්‍රියාත්මක මාර්ගගත ඊ - සේවාව

පැය 24 පුරාම ක්‍රියාත්මක මාර්ගගත ඊ - සේවාව

මේ අපහසු කාල සීමාවේ සේවාලාභි ඔබගේ පහසුව උදෙසා  ඔබේ ගැටළු පැය 24 පුරාම අප වෙත යොමු කිරීමට දැන් අවස්ථාව සලසා ඇත. පහතින් ඉදිරිපත් කර ඇති ඕනෑම ආකාරයකට ඔබට අප හැ සම්බන්ධ විය හැක. 

22
Apr2021
"ලෝක මිහිතල දිනය අදයි"

"ලෝක මිහිතල දිනය අදයි"

ලෝක මිහිතල දිනය අදට (අප්‍රේල් 22) යෙදී තිබේ.‘අපේ පෘථිවිය යථා තත්ත්වයට පත්කරමු’ යන්න මෙවර එහි තේමාවයි.පරිසරය ඇතුළු මිහිතලය සුරක්ෂිත කිරීම සඳහා ලෝක ජනතාවගේ අවධානය යොමු කිරීම හා ඒ සඳහා වන කැපකිරීම පෙන්වීම මිහිතල දිනයේ අරමුණයි. මිහිතල දිනය ප‍්‍රකාශයට පත්කරන ලද ඇමරිකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ රටවල් සියල්ලම පාහේ මෙවර මිහිතල දින...

30
Mar2021
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

" රටකි දැයකි ලොවකි ඇය "   ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021  ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා කාර්ය සංවිධානය ඇගයීම් උළෙල සහ රසවින්දන වැඩසටහන 2021-03-23 වන දින බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි..

09
Mar2021
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය  පසුගිය දිනක එනම් 2021.02.23 වන දින බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.   

03
Mar2021
බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්..... (තොරතුරු මූලාශ්‍රය - බිබිල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය)  

18
Feb2021
 1920 කෘෂි උපදේශන සේවාව

1920 කෘෂි උපදේශන සේවාව

  ලාංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටළුවලට ක්ෂණික උපදෙස් ලබාදීම වෙනුවෙන් 2006 වසරේ පෙබරවාරි මස ආරම්භ කරන ලද "ගොවි සහන සරණ" කෘෂි උපදේශන සේවාව මේ වන විට තොරතුරු තාක්ෂණ මෙවලම්ද භාවිතා කරමින් වැඩි සංඛ්‍යාවකට උපදේශන සේවාව සපයනු ලබයි. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට ජංගම හෝ ස්ථාවර දුරකථනයකින් 1920 කෙටි දුරකථන අංකයට...

« »
පැය 24 පුරාම ක්‍රියාත්මක මාර්ගගත ඊ - සේවාව

Covid Poster service WEB

 

අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමට දැන් ඔබට අවස්ථාව

Covid Poster service Copy WEB

 

ජංගම අලෙවිරථ පිළිිබඳ තොරුතුරු

වළඳනග තරතර page 001 1

වළඳනග තරතර page 002 1

gRZBsDB7T3cbDP8z IUCN Red List.svg

රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස් නම කියූ පමණින් දන්නා පොතක් නමුත්, එහි නම සඳහන් වීම නම් එතරම් යහපත් නැහැ. ඇත්තෙන්ම, ජීවි විශේෂයක නම සඳහන් නොවන තරමට හොඳ රතු දත්ත පොත ගැන යි අද මේ කතා කරන්න යන්නේ......

වර්ෂ 1948 දී ආරම්භ වූ, සොබාදහම රැකීමේ ජාත්‍යන්තර සංගමය (The International Union for Conservation of Nature/IUCN) සොබාදහම සුරැකීම සහ ස්වභාවික සම්පත් තිරසරව භාවිතා කිරීම සම්බන්ධ කටයුතුවල යෙදෙන ජාත්‍යන්තර සංවිධානයක්. ඔවුන් 1964 දී ආරම්භ කරන ලද රතු දත්ත පොත (Red List/ Red Data Book) ගෝලීය වශයෙන් ජීවීන්ගේ සංරක්ෂණ තත්ත්වය පිළිබඳව වඩාත්ම නිවැරදි තොරතුරු වාර්තා කෙරෙන ලේඛනය බව වර්තමානය වන විට පිළිගැනේ. එයින් වාර්තා කෙරෙන තොරතුරු මත, ඇතැම් ජීවි විශේෂ බොහොමයක් මිහිපිටින් තුරන් නොවී සංරක්ෂණයට හැකියාව ලැබී තිබීම එහි ප්‍රයෝජනවත්භාවයට හොඳ නිදසුනක්.

T9OPmhstLsr525cU maxresdefault

IUCN රතු ලැයිස්තුව ජීවී විශේෂ ප්‍රවර්ග සහ නිර්ණායකයන් කීපයක් යටතේ ඉදිරිපත් කරන අතර, ලෝකයේ ජෛව විවිධත්වයේ පැවැත්ම පිළිබඳව තීරණාත්මක දර්ශකයක් ලෙස ක්‍රියාකරයි. එය හුදෙක්ම එක් එක් ජීවී විශේෂ සටහන් කෙරෙන ලැයිස්තුවක් නොව, ඒ එක් එක් විශේෂයන්ගේ පැවැත්ම, ව්‍යාප්තිය, චර්යා රටාව, ඔවුන්ට අවශ්‍ය පාරිසරික තත්ත්වය වාර්තා කෙරෙන, හා ඒ එක් එක් විශේෂයන් සංරක්ෂණය හා ප්‍රතිපත්තිමය වෙනස්කම් ඇතිකරවීමට දායක වන ප්‍රබල මෙවලමකි. පාරිසරික විද්‍යාත්මක පදනම් සහිතව එම විශේෂවලට පවතින තර්ජනයන්, සංරක්ෂණ ක්‍රියාමාර්ග මෙන්ම භාවිතයන් හා වාණිජ්‍යමය භාවිතාවන් පිළිබඳ තොරතුරු පවා ඇතුළත්ව පවතී.

IUCN රතු ලැයිස්තු කාණ්ඩ/ ප්‍රවර්ග සහ නිර්ණායක

රතු ලැයිස්තුව ප්‍රධාන වශයෙන් කාණ්ඩ/ප්‍රවර්ග නවයකට බෙදා ඇති අතර, එය ගෝලීය වශයෙන් වඳවීමේ වැඩි අවදානමක් ඇති විශේෂ වර්ගීකරණය කිරීමේ පහසුව මත පදනම් වී ඇත. එම කාණ්ඩ මෙසේ යි:

  1. දැනට තක්සේරු නොකළ එනම් ඇගයීමට ලක්නොවූ විශේෂ (NE)
  2. ප්‍රමාණවත් දත්ත නොමැති/ දත්ත ඌන ජීවි විශේෂ (DD)
  3. අඩු අවදානමක් ඇති ජීවි විශේෂ (LC)
  4. තර්ජනයට ආසන්න ජීවි විශේෂ (NT)
  5. අවදානමට/තර්ජනයට ලක්විය හැකි  විශේෂ (VU)
  6. වඳවීමේ තර්ජනයට ලක්වී ඇති ජීවි විශේෂ (EN)
  7. උග්‍ර ලෙස අවදානමට ලක්වූ ජීවි විශේෂ (CR)
  8. ස්වභාවික පරිසරයෙන් වඳව ගොස් ඇති ජීවි විශේෂ (EW)
  9. නෂ්ට වූ/ වඳවී ඇති ජීවි විශේෂ (EX)

අපි මේ ප්‍රවර්ගයන් එකින් එක සලකා බලමු.

kVEshGPfPxqJKCr7 මමත

                         වඳවී ගොස් ඇති වූලි මැමත්/Royal BC museum, Victoria, Canada

 දැනට තක්සේරු නොකළ, එනම් ඇගයීමට ලක් නොවූ විශේෂ

තවමත් මෙම විශේෂ පිළිබඳව අධ්‍යයනයන් කිසිවක් කර නොමැත. මෙයින්, මෙම ජීවි විශේෂ තර්ජනයට ලක්ව නැති බවක් අදහස් නොකෙරෙන අතර, හුදෙක් ඔවුන් ප්‍රවර්ගයක් යටතට දැමීමට අධ්‍යයනයක් සිදුකර නොමැති බව අදහස් වේ. 

ප්‍රමාණවත් දත්ත නොමැති/ දත්ත ඌන ජීවි විශේෂ

මෙම කාණ්ඩයට ප්‍රමාණවත් තොරතුරු නොමැති හා හඳුනාගැනීමේ ගැටළු ඇති, ව්‍යාප්තිය පිළිබඳව තොරතුරු නොමැතිවීම නිසා තවමත් අධ්‍යයනය කර නොමැති විශේෂ අයත් වේ.

අඩු අවදානමක් ඇති ජීවි විශේෂ

මෙම කාණ්ඩයට අයත් වන්නේ පහත කාණ්ඩයන්ට අයත් නොවූ, අධ්‍යනයන් කර ඇති විශේෂ වේ. මෙම කාණ්ඩයට අයත් විශේෂවල බහුලතාවය නිසාම නුදුරු අනාගතයේ තර්ජයට ලක්වීමේ අවදානමක් නොමැති ජීවි විශේෂ මෙයට ඇතුළත්ව පවතී.

තර්ජනයට ආසන්න ජීවි විශේෂ

දැනට තර්ජනයට ලක්ව නැතත්, නුදුරු අනාගතයේ දී වඳවීමේ තර්ජනයට ලක්වීමේ හැකියාවක් සහිත, අවධානය යොමුකර සංරක්ෂණය කළ යුතු, සංරක්ෂණ පියවර නොගතහොත් තර්ජනයට ලක්විය හැකි ජීවී විශේෂ මෙයට අයත් වේ.

අවදානමට/තර්ජනයට ලක්විය හැකි ජීවි විශේෂ

i1knTZBkczfXFWoW bulath hapaya

                                බුලත් හපයා (Pethia nigrofasciata)/John de. Lange

උග්‍ර ලෙස අවදානමට ලක්නොවුණත්, ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් වන සාධක අවම නොවුවහොත් හෝ ඔවුන්ගේ බෝවීම වේගවත් නොවුවහොත් අනාගතයේ තර්ජනයට ලක්වීමේ හැකියාව ඉතාමත් ඉහළ විශේෂ මෙම කාණ්ඩයට අයත් වේ. දැනට බුලත් හපයා (Pethia nigrofasciata), වත රතු මල්කොහා (Phaenicophaeus pyrrhocephalus), සහ ශ්‍රී ලංකා මයිලගොයා (Columba torringtoniae) වැනි ලංකාවේ ජීවී විශේෂ කිහිපයක් මෙම කාණ්ඩය යටතේ පවතී.

වඳවීමේ තර්ජනයට ලක්වී ඇති ජීවි විශේෂ

නුදුරු අනාගතයේ නෂ්ටවීමේ අවදානම සහිත ජීවීන් මෙම කාණ්ඩයට ඇතුළත් කෙරේ. මොවුන් ස්වභාවික පරිසරයේ වඳවීමට හේතු සාධක බහුල නිසා උග්‍ර අවධානමට ලක්විය හැකි විශේෂ වේ. ලංකා හබන් කුකුළා (Suncus zeylanicus), දඬු ලේනා (Ratufa macroura), සහ ආසියානු අලියා (Elephas maximus) මෙයට අයත් ය.

wp 1601697743539

                        ආසියානු අලියා (Elephas maximus)/Ramki Sreenivasan


උග්‍ර ලෙස අවදානමට ලක්වූ ජීවි විශේෂ

නුදුරු අනාගතයේ දීම වඳවීමේ තර්ජනයට තදබල ලෙස මුහුණ දී ඇති ජීවීන් විශේෂ මෙම කාණ්ඩය යටතට ගැනේ. මේ යටතට ලංකාවේ ගල් සේරු (Diplospora erythrospora) සහ දොරණ (Dipterocarpus glandulosus) වැනි ශාක ද, දින කීපයකට පෙර ගම්පහ අධිවේගී මාර්ගය සැදීමට කපාදමන්නට ගොස් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරිනියකගේ මැදිහත්වීමෙන් ඉතිරි කෙරුණු Crudia Zeylanica ශාකය ද අයත් ය.

ස්වභාවික තත්ත්ව යටතේ නැති ආරක්ෂිත ජීවි විශේෂ

නිජබිම් අහිමි වීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා ස්වභාවික පරිසරයෙන් වඳවී ගොස් ඇති නමුත්, ඇතිකරන ලද තත්ත්ව යටතේ පමණක් (සත්වෝද්‍යාන/ සංරක්ෂණ ස්ථාන ආදිය) දැකිය හැකි ජීවී විශේෂ මෙයට ඇතුළත් වේ.

uUZ8p6GGoo0rHv6G blue

         Rio සිනමාපටයට මූලික වූ, දැනට ස්වභාවික පරිසරයෙන් වඳවූ The Spix Macaw/DPA/gettyimages

නෂ්ට වූ/ වඳවී ඇති ජීවි විශේෂ

මෙම කාණ්ඩයේ සියළුම ජීවීන් ස්වභාවික පරිසරයේ මෙන්ම ඇතිකරන තත්ත්ව යටතේ පවා නැති, පෘථිවිය මත සිටින අවසාන ජීවියා පවා වඳවී ගිය ජීවි විශේෂයන් වේ. මේ යටතට ඩෝඩෝ පක්‍ෂියා (Raphus cucullatus), සහ බටහිර අප්‍රිකානු කළු රයිනෝ (Diceros bicornis longipes) වැනි සත්ත්වයින් අයත් වේ. 

Sm5mixghAZnsy0Cu dodo

                       වඳවී ඇති ඩෝඩෝ නම් පක්ෂියා/LEEMAGE/GETTY IMAGES

ජීවි විශේෂයක නෂ්ටවීම ස්වභාවික ක්‍රියාවලියේ කොටසක් වුවත්, මෑත කාලීනව සිදුවූ ජීවී විශේෂ නෂ්ටවීම්වලට මිනිසාගේ ක්‍රියාකාරකම් ඍජු ලෙස බලපෑමක් ඇති කර තිබෙනවා. විසිවන සියවස හා විසිඑක්වන සියවස තුළ දී ජීවි විශේෂ නෂ්ටවීමේ සීඝ්‍රතාවය ඉතා ඉහළ ගොස් තිබෙනවා. එයට ප්‍රධාන වශයෙන් මානව ගහණයේ වර්ධනය හා ශිෂ්ටාචාරවල වර්ධනය නිසා භූමිය කඩ කඩ වීම, වනාන්තර වැනි ස්වභාවික වාසස්ථාන විනාශ කිරීම, කෘෂි කර්මාන්තය සඳහා බිම් එළිපෙහෙළි කිරීම ආදී කරුණු බලපා තිබෙනවා. 

උභයජීවී විශේෂ 40%ක්

ක්ෂීරපායි විශේෂ 26%ක් 

කේතුධර ශාක විශේෂ 34%ක් 

පක්ෂී විශේෂ 14%ක් 

මෝරුන් හා මඩුවන් විශේෂ 33%ක් 

කොරල්පර විශේෂ 33%ක් 

තෝරාගත් ක්‍රශ්ටෙශීය විශේෂ 28%ක් 

මේ මොහොත වනවිට තර්ජනයට ලක්වී ඇත.

G9TGsNT1zZy0bU1y black

                    වඳවී ගොස් ඇති බටහිර අප්‍රිකානු කළු රයිනෝ/IsaacZehPanda

ලංකාවේ ද, ජීවි විශේෂ බොහොමයක් තර්ජනයට ලක්ව හෝ වඳවී යමින් පවතිනවා. වනාන්තර එළිපෙහෙළි වෙමින් සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති එයට මූලික හේතුවක්. 

මිහිමතින් ජීවී විශේෂයක් වඳවී ගියහොත් එය නැවත ඇතිකළ නොහැකි ය. ඒ හෙයින් අපගේ ජීවිත කාලය තුළ එවන් විනාශයක් අප නිසා ඇතිවීම වැළැක්වීමට පියවර ගැනීම අපගේ වගකීම යි.

 

(උපුටා ගැනීමකි - roar.media)

ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යවත් මව්බිමක් යන තේමාව යටතේ 73 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අයුරින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව 73 වන ජාතික නිදහස් දින සැමරුම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ. ඒ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීයි. මෙවර නිදහස් සැමරුම් උත්සවයට යුද හමුදා නිලධාරීන් 4325දෙනෙකු නාවික හමුදා නිලධාරීන් 868 දෙනෙකු ගුවන් හමුදා නිලධාරීන් 945 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 1382නෙකු සහභාගී වීමට නියමිතයි. සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 515 දෙනෙකු හා ශිෂ්‍ය භටයින් 355 දෙනෙකු ද සැමරුම් උළෙලට එක්වනවා. සියලු ජාතීන් නියෝජනය කරමින් සාම්ප්‍රදායික සංස්කෘතිකාංග ද මෙවර ජාතික නිදහස් දින උත්සවයට එක්කිරීමට නියමිතයි. නිදහස් දින සැමරුමට සමගාමී ලෙස දිවයින පුරා රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරෙනවා.

නදහස දනය 2021

An error has occurred while processing your request.

404-not-foundYou may not be able to visit this page because of:

  •  an out-of-date bookmark/favourite
  •  a mistyped address
  •  a search engine that has an out-of-date listing for this site
  •  you have no access to this page

If difficulties persist, please contact the System Administrator of this site and report the error below.

404 Page not found
Scroll To Top