You are here
පාර්ලිමේන්තු මැතිවරණය (2020.08.05) අදාළව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු 2020 ජූලි මස 14 හා 15 දිනයන් ඇතුළුව දින 07 කදී පැවැත් වීමට නියමිතය.
වැඩි විස්තර සඳහා පහත මාධ්‍ය නිවේදනය බලන්න....



ලක්වාසී බෞද්ධ ජනයා හට කිසිලෙසකවත් කළගුණ සලකා නිම කිරීමට නොහැකි තරම්ම, ලක්වාසීන්ට කල්‍යාණ මිත‍්‍රයෙකු වූ මිහිඳු මහරහතන් වහන්සේව සුවහසක් සැදැහැවතුන්ගේ සිත් තුළ භක්ත්‍යාදරයෙන් සිහිපත් වන උතුම් කාලයකි මේ උදාවන්නේ. ඒ පින්බර පොසොන් පොහොයයි. පොසොන් පොහොය කී විට මහින්දාගමනය, මිහින්තලාව අනායාසයෙන් සිහිපත් වන තරමට එය ලක්වැසි බොදුනුවන්ගේ ජීවිතයට පටිබද්ධ වූ දිනයක්ය. ඒ මක් නිසාද යත්, මෙලොව පරලොව දෙලොවටම හිතසුව පිණිස පවතින බිය රහිතව සරණ යාහැකි උතුම්ම සරණ වූ තෙරුවන් සරණ මේ ලක්දිවට ලැබුනේ පොසොන් පෝය දිනයේ දී බැවිනි. එම දායාදය මෙහි රැගෙන ආවෝ අනුබුදු මිහිඳු මහ රහත් තෙරපාණෝය.
ලක්දිව මුටසීව රජු රාජ්‍ය කරන කල්හී, දඹදිව රාජ්‍ය පාලනය කළේ අශෝක අධිරාජ්‍යයාය. අතිශය කෲර යුද වැදීමකින් අනතුරුව කාලිංගය ද තම රාජ්‍යයටම යටත් කොටගත් අශෝක රජු දඹදිව අධිරාජ්‍යය බලයක් පිහිටුවා ගත්තේය. එහෙත් දික් විජය නම් වූ යුධ වැදීමේදී මිය ගිය සුවිශාල මිනිස් ජීවිත ගැන ඔහු තුළ මහත් සන්තාපයක් විය. එය සංසිඳුවා ගනු නොහී පසුතැවිල්ලෙනි රජු කල් ගත කළේ.
මාලිගාවේ ජනේලයෙන් වීදිය දෙස බලාසිටි අශෝක රජු කැලඹුණු මිනිසුන් අතරේ දුටු අසිරිමත් දසුනකි. හත් හැවිරිදි නිග්‍රෝධ රහත් සාමණේරයන් වහන්සේ ශාන්ත පියොවින් මාර්ගයේ ගමන් ගනී. දුටු පමණින් පහන් වූ රජු ඒ සාමණේරයන් වහන්සේ සිය රජ මැදුරට වැඩම කරවා කතාබස් කළේය. නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේ චණ්ඩාශෝක නමින් ප‍්‍රකටව සිටි දෘඪ සිත් ඇති අශෝක අධිරාජ්‍යයා හට ධම්මපදයේ අප්පමාද වර්ගයේ ගාථා වලින් දහම් දෙසූ සේක. ඒ ධර්මාශෝක රජු බිහිවීමේ ආරම්භයයි.
අතිශයින්ම බුදු සසුන කෙරෙහි පැහැදුනු අශෝක අධිරාජ්‍යයා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා බුදු සසුනට පූජා කළේය. තම ලෙයින් උපන් මිහිඳු කුමාරයාත්, සංඝමිත‍්‍රා කුමරියත් සසුන්ගත කරවූයේය. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ හා එක්ව රාජ්‍ය අනුග‍්‍රහයෙන් තෙවැනි ධර්ම සංගායනාව කොට සසුන්කෙත පිරිසිදු කරලීමට දායක වූයේය. ධර්ම විජය යටතේ ධර්මදූත ශ‍්‍රාවක පිරිස් පිටත්කොට බුදුරජුන්ගේ ධර්මය ව්‍යාප්ත කරවීය.
ඒ ධර්මවිජය වැඩපිළිවෙළෙහි ප‍්‍රතිඵලයක් ලෙසය අප ලක්දිවට මේ ශ්‍රී සද්ධර්මය දායාද වූයේ. එකල මේ ලක්දෙරණ පාලනය කළ දෙවනපෑතිස් රජු පොසොන් පොහෝ දින දඩකෙළිය පිණිස මිහින්තලාවට පැමිණියේය. ඒ උතුම් පුන් පොහෝ දිනයේදී “අනුබුදු” නමින් ලක්වැසියන්ගේ ගෞරවාදරයට පත් මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර යන මහරහතන් වහන්සේලාත් භණ්ඩුක නමැති උපාසකත් යන ධර්මදූත කණ්ඩායම මිහින්තලාවේදී දෙවනපෑතිස් රජු හට හමු විය.
“සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා”
“මහරජ, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ ශ‍්‍රමණයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු” යි රජුට පැවසූ මිහිඳු මහ රහතන් වහන්සේ රජුගේ නුවණැති බව විමසීමට ප‍්‍රශ්න කළේය.
මහා පින්වන්ත දේවානම්පියතිස්ස රජුගේ නුවණැතිබව දැනගත් උන්වහන්සේ ඒ මොහොතේ පටන් මේ ලක්වැසියන්ගේ දෙලොව අභිවෘද්ධිය තකා කටයුතු ආරම්භ කළේය. නිර්මල සම්බුද්ධ දේශනා මගින් ලක්වැසියන්ගේ සිත් තුළ ශ‍්‍රද්ධාව ජනිත කරවා, මාර්ගඵල ලාභීන් බිහිකරවා, ගෞතම බුදු සසුන මෙලක් දෙරණේ ස්ථාපිත කරවා අනුපමේය සේවයක් කරමින් තෙරුවන් සරණ මූලික කරගත් සොඳුරු සංස්කෘතියක් බිහිකරවූවෝ, දෙලොව යහපත පිණිස කටයුතු කරනා උතුම් මිනිස් පරපුරක් මෙලක් දෙරණේ බිහිකරවූවෝද අප ලංකාද්වීපයට උතුම්ම කලණ මිතුරාණන් වූ මිහිඳු මහරහතන් වහන්සේ ය.
වත්මන් අපටත් තෙරුවන් පිහිට, ධර්මයේ පිහිට ලැබීමට අවස්ථාව ලැබුණේද උන්වහන්සේ නිසාවෙන්මය. එනිසා මේ පින්බර පොසොන් පොහෝ දිනයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිහි කරමින් අපිත් උන්වහන්සේ මේ ලක්දිවට දායාද කළ අකාලික වූ නිර්මල ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ සලසා ගන්නට මහන්සි ගනිමු.
(අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.)
කොරෝනා වසංගතය හේතුවෙන් අප ප්‍රාදේශීය ලේකම් කොට්ඨිශයට අදාළව ආගමික මධ්‍යස්ථාන සඳහා වියළි ආහාර මල්ලක් ලබා දීම සිදු කරන ලදී.






කොරෝනා වෛරසය: වසංගතය අවසන් වී ජීවිතය යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද?
ලෝකය වැසී යමින් තිබේ. ලොක්ඩවුන් කිරීම්, පාසල් වසා දැමීම්, සංචාරක සීමා සහ පුද්ගල ඒකරාශී වීම් වැනි දැවැන්ත සීමා පැනවීම් හරහා ජනාකීර්ණ කාර්යබහුල නගර නිසොල්මන් ස්ථාන බවට පත්ව තිබේ.
මෙම තත්ත්වය යම් රෝගයක් වෙනුවෙන් ලැබුණු අසමසම ගෝලීය ප්‍රතිචාරයකි. මෙම තත්ත්වය අවසන් වන්නේ කවදා ද? යළිත් අපගේ ජීවිත යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද?
එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ, සති 12ක කාලයකින් කොරෝනාවෛරස් වසංගතය නමැති මුහුදු රළ ආපසු හැරවිය හැකි අතර, "කොරෝනාවෛරසය යළිත් ඇසුරුම් කර ආපසු යැවිය හැකි" බවය.
එහෙත්, තවත් මාස 3කින් පමණ රෝගීන් සංඛ්‍යාව අඩු වීම ආරම්භ විය හැකි වුවත්, මෙහි අවසානය බොහෝ දුරය.
වසංගතයේ මුහුදු රළ ඉවත් කිරීමට දීර්ඝ කාලයක් ගත වනු ඇත. බොහෝවිට ඊට වසර ගණනාවක් ගත විය හැකිය.
මේ වන විට ක්‍රියාත්මක සමාජය විශාල කොටස් වශයෙන් වසා දැමීමේ උපාය මාර්ගය දීර්ඝ කාලයක් පවත්වාගෙන යා නොහැකිය. මේ හරහා සිදු විය හැකි සාමාජයීය සහ ආර්ථික හානිය ව්‍යසනකාරී වනු ඇත.
මෙම තත්ත්වයෙන් "මිදීමේ උපාය මාර්ගය" බොහෝ රටවලට අවශ්‍ය වනු ඇත. ඒ යථාතත්ත්වයට පත්වීම සඳහා සීමා ඉවත් කිරීම මගිනි.
එහෙත්, කොරෝනාවෛරසය අතුරුදන් නොවනු ඇත.

වෛරසය ආපසු හැරවීමට පැනවූ සීමාවන් ඉවත් කළහොත් යළිත් රෝගීන් සංඛ්‍යාව ඉහළ යනු ඇත."මෙම තත්ත්වයෙන් පිටතට යාම සහ එසේ පිටතට යන්නේ කෙසේ ද කියන එක අපිට තියෙන ලොකු ගැටලුවක්," එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ වසංගත රෝග පිළිබඳ මහාචාර්ය මාර්ක් වූල්හවුස් පවසයි."එක්සත් රාජධානියට විතරක් නෙවෙයි, කිසි ම රටකට මෙම තත්ත්වයෙන් ඉවත් වීමට උපාය මාර්ගයක් නෑ."එය දැවැන්ත විද්‍යාත්මක මෙන් ම සමාජයීය අභියෝගයකි.
මෙම ව්‍යාකූලත්වයෙන් මිදීමට අත්‍යවශ්‍ය මාර්ග තුනක් තිබේ.
1. එන්නත් කිරීම
2. ආසාදන මගින් ප්‍රමාණවත් ජනතා ප්‍රතිශතයක ප්‍රතිශක්තිය වර්ධනය කිරීම
3. හෝ ස්ථිර වශයෙන් අපේ හැසීරීම/සමාජය වෙනස් කිරීම
මෙම මාර්ගවලින් වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව අඩු වනු ඇත.
එන්නත් නිපදවීම - මාස 12-18ක් තරම් කල් ගතවේ
එන්නතක් මගින් යමෙකුට ප්‍රතිශක්තිය ලැබෙන අතර එන්නත් ලබා ගත් පුද්ගලයින් යළිත් රෝගී වන්නේ නැත.
ප්‍රමාණවත් ජනතාවක් එනම් සමස්ත ජනගහනයෙන් 60%කට එන්නත් මගින් ප්‍රතිශක්තිය ලබා දීමෙන් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සමූහ ප්‍රතිශක්තිකරණය ලෙස හැඳින්වේ.
මෙම වෛරසයට අදාළව පසුගිය සතියේදී පළමු වරට ඇමෙරිකානු පුද්ගලයෙකුට අත්හදාබැලීමේ එන්නතක් ලබා දෙන ලදි. ඒ, සාමාන්‍යයෙන් පළමු වරට සතුන් ආශ්‍රිතව අත්හදාබැලීමේ ක්‍රමවේදය මග හැරීමට අවසර ලැබීමෙන් පසුවය.
එන්නත් පිළිබඳ පර්යේෂණ පෙර නොවූ විරූ පරිදි වේගවත්ව සිදු කෙරෙමින් පවතී. එහෙත්, එම පර්යේෂණ සාර්ථක වන්නේ ද, ගෝලීය වශයෙන් එන්නත්කරණය සාර්ථකව සිදු කිරීමට හැකි වේ ද යන්න පිළිබඳව නිශ්චිත තත්ත්වයක් නොමැත.
හොඳම අනුමානය වන්නේ, සියල්ල යහපත් ලෙස සිදුවුවහොත් එන්නතක් සමාජගත වීමට තවත් මාස 12-18ත් අතර කාලයක් ගත වන බවය. පෙර නොවූ විරූ සීමාවන් මධ්‍යයේ එම කාල සීමාව ඉතා දීර්ඝ එකකි.
"එන්නතක් එන තුරු බලා සිටීම 'උපාය මාර්ගයක්' ලෙස සැලකිය යුතු නැහැ. ඒක උපාය මාර්ගයක් නෙවෙයි," මහාචාර්ය වූල්හවුස් බීබීසී පුවත් සේවයට පැවසීය.
ස්වාභාවික ප්‍රතිශක්තිය - අවම වශයෙන් වසර දෙකක් ගත වනු ඇත
එක්සත් රාජධානියේ කෙටිකාලීන උපාය මාර්ගය නම් රෝගීන්ගෙන් රෝහල් පිරීයාම වැළැක්වීම සඳහා හැකි තරම් ආසාදිතයින් සංඛ්‍යාව අඩු කිරීමයි - දැඩි සත්කාර ඒකකවල ඇඳන් නොමැති විට මරණ සංඛ්‍යාව ඉහළ යයි.
ආසාදිත සංඛ්‍යාව අඩු කළ පසු, ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යන තෙක් සහ තවත් වටයක සීමාවන් අවශ්‍ය වන තෙක් යම් යම් සීමාවන් ටික කලකට ඉවත් කිරීමට ඉඩ ලැබෙනු ඇත.
එය සිදුවන්නේ කවදා දැයි නිශ්චිතව කිව නොහැකිය. එක්සත් රාජධානියේ ප්‍රධාන විද්‍යා උපදේශක ශ්‍රීමත් පැට්‍රික් වොලන්ස් පැවසුවේ, "නිශ්චිත කාලවකවානු ඉදිරිපත් කිරීම කළ නොහැක්කක්" බවය.
එසේ කිරීමෙන් නිරුත්සහකව තවත් පුද්ගලයින්ට ආසාදනය වන අතර සමූහ ප්‍රතිශක්තිකරණයකට යොමු වීමට සිදුවනු ඇත.
ලන්ඩන්හි ඉම්පීරියල් කොලේජ්හි මහාචාර්ය නීල් ෆර්ගියුසන් පවසන පරිදි ඒ සදහා වසර ගණනක් ගත වනු ඇත.
විකල්ප - අවසානයක් පැහැදිලි නැත
"තුන් වන විකල්පය වන්නේ වෛරස් බෝවීමට ඉඩ නොතබමින් අපේ හැසිරීම් රටාව ස්ථිරව වෙනස් කර ගන්න එකයි," මහාචාර්ය වූල්හවුස් පැවසීය.
මේ සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ඇතුළත් විය හැකිය. නැතහොත් ඕනෑ ම වසංගත තත්ත්වයකදී රෝගීන් දැඩි පරීක්ෂාවට ලක් කිරීම සහ ඔවුන් හුදෙකලා කිරීම ද විකල්ප අතර වේ.

කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම ද තවත් උපාය මාර්ගයකි.
"බෝවීම පාලනය" නම් ක්‍රියාවලියේදී රෝග ලක්ෂණ පෙන්නුම් කළ විගස ඒවා අන් අයට බෝවීම වැළැක්වීමට ඖෂධ භාවිත කළ හැකිය.
එසේ නැතහොත් රෝගවල මාරාන්තික තත්ත්වය අඩු කිරීමට සහ දැඩි සත්කාර ඒකකවල පීඩනය අඩු කිරීමට ඖෂධ භාවිත කළ හැකිය. මෙමගින් ලොක්ඩවුන් හඳුන්වා දීමට පෙර ආසාදිත සංඛ්‍යාව පාලනය කර ගැනීමට රටවලට හැකියාව ලැබේ.
දැඩි සත්කාර ඒකකවල ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීම යනු මහා පරිමාණ වසංගත තත්ත්වයන්ට මුහුණ දීමේ ධාරිතාව වැඩි කිරීමකි.
මෙම තත්ත්වයෙන් මිදීමේ උපාය මාර්ගය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය උපදේශක මහාචාර්ය ක්‍රිස් විටීගෙන් අදහස් විමසුවෙමු.
ඔහු පැවසුවේ, "දීර්ඝ කාලයක් ගත වෙයි. පැහැදිලිව ම මෙයින් මිදෙන්න තියෙන එක විසඳුමක් තමයි එන්නතක් නිපදවීම. ඒක හැකි ඉක්මනින් සිද්ධ වෙයි කියල අපි හැමෝ ම අපේක්ෂා කරනවා."
"ගෝලීය වශයෙන් විද්‍යාව ගොඩ නැගෙන්නේ විසඳුම් මතයි."
බීබීසී සෞඛ්‍ය සහ විද්‍යා වාර්තාකරු ජේම්ස් ගැලගර්ගේ ලිපියක් ඇසුරිනි.
Covid වසංගතය හමුවේ අපි අපේ කොට්ඨාශයේ ආදරණීය ජනතාව වෙනුවෙන් අපිට හැකි අයුරින් සෑම විටම පිහිට විය..
එහි රූප රාමු කිහිපයක්...
























